තිරගතවීමටත් පෙර ලොවපුරා සිනමා රසිකයින්ගේ අවධානය යොමුව තිබු avengers infinity war චිත්රපටය පසුගිය 27 වනදා තිරගතවීම ආරම්භ වුණා.
ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්රපටයට පාදක කරගෙන ඇත්තේ විශ්වය ආරම්භයේ දී බිහිවුණු විවිධ වර්ණයෙන් සහ බලසම්පන්න මැණික් ගල් පහක් සහ ඒවා එකතු කරන තේනෝස් නමැති නපුරු ටයිටන්වරයාගේ කතාවකි.
චිත්රපටයට ප්රසිද්ධියක් දෙමින්, එහි මංගල දර්ශනය වෙනුවෙන් ලොව විශාලතම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා කුලුන ද වර්ණවත් කිරීමට කටයුතු කර තිබුනු අතර මෙම චිත්රපටය සඳහා වැයකර තිබෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 300-400 අතර වන බව සඳහන්.
Anthony Russo, Joe Russo අධ්යක්ෂණය කළ මෙම චිත්රපටයේ Iron Man, Thor, the Hulk ඇතුළු සිනමා ප්රේක්ෂකයින් අතර ජනප්රිය වීර චරිත රැසක් එකම පෙරමුණක සටන් කරන බැවින් එය ප්රේක්ෂකයින් ආදරයෙන් වැළඳගනු ඇති බව එහි නිෂ්පාදකයින් සඳහන් කර ඇත.