Language Switcher

V2025

සාර්ක් සිනමා සතිය අද (22) සිට ඇරඹේ

ආසියානු රටවල සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල යටතේ පැවැත්වෙන “සාර්ක් සිනමා උළෙල 2018” එළඹෙන මැයි 22 වැනිදා සිට 27 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

8 වැනි වරටත් සංවිධානය වන මෙම සිනමා උළල සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් කෙටි සහ වෘතාන්ත චිත්‍රපට තිරගත කෙරේ.

එසේම මැයි 27 වැනිදා පැවැත්වෙන සාර්ක් සිනමා සම්මාන උළලේදී හොඳම වාර්තා සිනමාපටය, හොඳම කෙටි චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම රංගන ශිල්පියා, හොඳම රංගන ශිල්පිනිය, හොඳම සිනමාපටය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ විශේෂ ජුරි සම්මාන දෙකක් ඇතුළු සම්මාන 11 පිරිනැමීමට නියමිතය.
සිනමාකරුවන් දිරිගැන්වීම සඳහා සිනමා උළෙලට සමගාමිව සංවිධාන කෙරෙන චිත්‍රපට වැඩමුළුවක් මැයි 24 වැනිදා තරංගනීයේ දී පැවැත්වෙනු ඇත.