ජාත්‍යන්තර සංචාරක රූ රැජින ලෙස කිරුළ දිනා ගත් ආදිත්‍යා වැලිවත්ත, අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියාය.
ඇය සහභාගී වූ “මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025” තරඟාවලිය පිලිපීනයේ මැනිලා නුවරදී පසුගියදා පැවැත්විණි.
එම තරඟාවලියට රටවල් 17 ක රූ රැජිනියන් එක්ව සිටියහ.
එහිදී ආදිත්‍යා වැලිවත්ත ජාත්‍යන්තර සංචාරක රූ රැජින කිරුළට අමතරව තරගාවලියේ හොඳම ජාතික ඇදුම සහ තවත් සම්මානයක් දිනා ගැනීමටද සමත් විය.
දිවයිනට පැමිණි ඇය පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන්, ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.