Language Switcher

V2025

"කොටඋඩ ඇත්තෝ" මුණගැහෙන්න : ජුනි 2 ඔබ එන්න !

ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරාගේ නවතම කෘතිය "කොටඋඩ ඇත්තෝ" එළිදැක්වීම එළඹෙන ජුනි 02 (සෙනසුරාදා) පෙරවරු 8.30 ට  බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදුකිරීමට නියමිතව ඇත.

නිර්මාණී ලියනගේ සහ අසංක සේනාධීරගේ කට ගැස්ම සමඟ  "කොටඋඩ ඇත්තෝ" සංවාදයට සහ   අපි ගැනත්, රට ගැනත්  කතා කරන්න වාද කරන්න ලබන සෙනසුරාදා උදේ 8.30  බස්නාහිර පළාත් සංස්කෘතික ආයතනයට එන ලෙසත්  "කිරිබත් කෑල්ලකුයි කහට කොප්පයකුයි තියෙනවා අඩුපාඩුවට" යනුවෙන් කුසල් පෙරේරා ඔබ සැමට  සහෝදරාත්මකව ආරාධනා කර  සිටියි.