Language Switcher

V2025

IPL කිරුළ : චෙන්නායි සුපර් කිංග්ස් වෙත

මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.
අවසන් මහ තරගයේදී    කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කිරීමත් සමඟ IPL ශූරතාවය හිමිකර ගැනීමට  චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් මෙම ශූරතාවය ජයගත් තෙවන අවස්ථාව ය.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල – ඕවර 20 කදී කඩුලු 6 කට 178(ශිකර් ධවාන් 26, කේන් විලියම්සන් 47, සකීබ් අල් හසන් 23, යූසෆ් පතන් නොදැවී 45, කාර්ලෝස් බ්‍රැත්වේට් 21)

චෙන්නායි සුපර්කිංග්ස් පිල – ඕවර 18.3 කදී කඩුලු 2 කට 181(ෂේන් වොට්සන් නොදැවී 117, සුරේෂ් රයිනා 32, අම්බටි රයිඩු නොදැවී 16)