මැතිවුස් ගිය පයින් ආපහු එයි!

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ කොදෙව් දූපත්හී තරග සංචාරය අතහැර දමා අද (13 වැනිදා) දිවයින බලා පැමිණීමට නියමිතව ඇත.

ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.  ළහිරු ගමගේට තරගාවලිය අතහැර දිවයිනට පැමිණීමට සිදුව ඇත්තේ  පළමු ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ සිදුවූ අස්ථී බිඳී යාමක් හේතුවෙන් ය.

ඒ අනුව  ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඇතිවූ පුරප්පාඩු දෙක පිරවීමට බංග්ලාදේශයේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ උපනායකයා ලෙස නම්කර සිටි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

ටෙස්ට් තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති දසුන් ශානක එහිදි රැස්කර ඇත්තේ ලකුණු 29 ක් වන අතර ලකුණු රැස්කරීමේ සාමාන්‍යය 5.80 කි. ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් තරග 2 කදී ලකුණු 48 ක් රැස්කර ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 12.00 කි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found