Language Switcher

V2025

2018 ලෝක පාපන්දු ශූරතාව හෙට ඇරඹේ !

රුසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2018  ලෝක කුසලාන පාපන්දු  තරගාවලිය හෙට (14දා) ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ දී පිරිනමන ජුලියස් රිමේට් රන් කුසලානය දිනා ගැනීම සඳහා ලෝකයේ කලාප මට්ටමින් කණ්ඩායම් 32 ක් මෙවර තරග වැදීමට නියමිතය.  

අවසන් වරට 2014 දී  පැවති ශූරතාව හිමි කර ගත්තේ ප්‍රබල ජර්මන් කණ්ඩායමයි. මෙතෙක් වැඩිම වාර ගණනක් කුසලාන දිනා ගෙන ඇත්තේ බ්‍රසීල කණ්ඩායම විසිනි. ඔවුන් පස් වතාවක් ශූරතාවට හිමිකම් කියා ඇත. 

සත්කාරක රුසියාව සිය පළමු තරගයට සහභාගීවීමට නියමිතව ඇති අතර ඒ සෞදි අරාබියට එරෙහිවය.
sport preview putin world cup

මෙවර තරගාවලිය සම්බන්ධව  දක්වමින් සත්කාරක රුසියාවේ ජනාධිපති  ව්ලැදිමීර් පුතින් සඳහන් කර ඇත්තේ තම රටේ කණ්ඩායම වර්තමානයේ සැළකිය යුතු මට්ටමේ දක්ෂතා අතර නොමැති නමුත්  මෙවර තරගාවලියේදී අවසානය දක්වා සටන් කරන බවට විශ්වාස කරන බවය.

මෙවර තරගාවලියේ කාල සටහන පහත දැක්වේ.

world cup bracket printable