Language Switcher

V2025

අනුෂ්කා සහ කොලි යුගදිවියට

ජනප්‍රිය නිළි අනුෂ්කා ශර්මා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ විවාහය පසුගිය 11 වනදා ඉතාලියේදී පැවැත්වුණා.

ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු වූ බව ප්‍රකාශ කරමින් අනුෂ්කාගේ සහ විරාට් කෝලිගේ ට්විටර් ජාලයේ සටනක් පළ කර තිබුණා. එහි සඳහන් වුණේ, “ අද අපි දෙදෙනා එකිනෙකාට පොරොන්දු වුණා සදාකල්ම ආදරෙන් බැදී සිටින බවට. අප සමග මේ පුවත බෙදා ගැනීමට එකතු වූ සැමදෙනාටම ආශිර්වාද කරනවා. මේ සුන්දර දිනය ගොඩක් ආදරණීයයි. අපිට සුබ පතන්නට පවුලේ සාමාජිකයන් රසිකයන් එකතු වී තිබෙනවා. අපේ ගමනේ කොටසක් වීම පිළිබඳ ස්තුතියි.” යනුවෙනුයි.

හින්දු චාරිත්‍ර අනුකූලව සිදු වූ මෙම විවාහ උත්සවයට දෙදෙනාගේ පවුලේ සාමජිකයන් පමණක් එකතු වී තිබෙනවා. ඔවුන් දෙදෙනා පවසන්නේ "ඔවුන්ගේ විවාහය ඉතා පෞද්ගලික කාරණයක්" බවයි.

කෙසේ වෙතත් දෙසැම්බර් 21 වනදා දිල්ලිහි ඥාතීන් ඔවුන් පිළිගැනීමේ උත්සවයක් සූදානම් කර ඇති අතර දෙසැම්බර් 26 වන දින මුම්බායිහිදී බොලිවුඩ් තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් සාදයක් සූදානම් කර තිබෙනවා. මේ අතර ශාරුක් ඛාන්, අභිෂේක් බච්චන් ප්‍රියංකා චොප්රා ඇතුළු බොලිවුඩ් නළු නිලියන් ටිවිටර් වෙතින් නව යුවළට සුබ පැතුම් එක් කර තිබුණා.

සඳමාලී වීරසේකර