Language Switcher

V2025

කොම්රේඩ් සමග කැටිපෙ යළි එයි ! 

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය `හමුවෙන්න තවම හැකි කොම්රේඩ්` 2018 ජූලි 24 දා සවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී `අහස` පොතක් ලෙස ජනගත කෙරෙයි. 

සිනමාවේදී අශෝක හඳගම සහ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ එහිදී සභාව අමතනු ලැබේ. 

`හමුවෙන්න තවම හැකි කොම්රේඩ්` සමග, විමල් කැටිපෙආරච්චි විසින් මීට පෙර ලියන ලද `දූවිලි සේල` සහ `නවයෙ කතාව` නවකතා ද්වයෙහි නව මුද්‍රණ ද `අහස` ප්‍රකාශන ලෙස මෙහිදී යළි එළිදැක්වේ.