Language Switcher

V2025

"මම දෝංකාරයයි" :  සංගීත වීඩියෝව එළිදැක්වීම අගෝස්තු 01 වෙනිදා

අශෝක හඳගම ගේ පද මාලාවකට චිත්‍රාල්  සෝමපාල තනුව සහ සංගීතය නිර්මාණය කල ඉන්දිකා උපමාලි ගායනා කරන මම දෝංකාරයයි ගීතයේ සංගීත වීඩියෝව හඳුන්වාදීම 2018 අගෝස්තු 01 වෙනි බදාදා සවස 4:00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී සිදුකෙරෙයි. 

පැරණි ග්‍රීක - ලතින් මිත්‍යා කතා චරිත දෙකක් වන නාසිසස් සහ එකෝ ඇසුරින් නිර්මාණිත මේ ගීතය, අද්‍යතන සමාජය කියවීමේ කැඩපතක්.  

ගීතය නිමිති කරගෙන කෙරෙන සංවාදය ට මුල පිරෙන්නේ සමන් වික්‍රමාරච්චි සහ දීපති කුමාර ගුණරත්න ගේ දෙසුම් දෙකකිනි. 

ඉන්දිකා උපමාලි සහ චිත්‍රාල් සෝමපාල ගායනයෙන් සහ රංගනයෙන් දායක වන  මෙම ගීත වීඩියෝවට චන්න දේශප්‍රිය කැමරාකරනයෙන් සහ උපුල් චමිල බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙයි. 

මම දෝංකාරයයි අශෝක හඳගම ගේ අධ්‍යක්ෂණයකි.

මේ සඳහා උනන්දුවක් දක්වන හැමටම මේ සඳහා සහභාගී වන ලෙස සංවිධායක කමිටුව විවෘතව ආරාධනා කර සිටියි.  

"නාසිසස් 
තමාගේ රූපයට වශී වෙලා 
ස්වයං රසයන් විඳිද්දී
ඔහුගේ ආදරය යදිමින් 
විලාප දෙන 
එකෝ අප්සරාවකගේ විලාපය ඒ හුදකලා අවන්හලේ දෝංකාර දුන්නා"

37638158 1612598265517182 662165226967269376 n