Language Switcher

V2025

බුලට් වගේ "කොඩි" විඳින්න : 31 වනදා මහවැලි කේන්ද්‍රයට එන්න

මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලිගේ "කොඩි" නම් අලුත්ම කාව්‍ය කෘතිය 2018 ජූලි මස 31 වනදා කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත කිරීමට නියමිතව ඇත.

 කාව්‍ය කෘතිය සූරස ප්‍රකාශනයක් ලෙස  එළිදැක්වෙන අතර උපුල් ශාන්ත සන්නස්ගල මහතා සහ සමන් අතාවුදහෙට්ටි මහතා  එම සභාව ඇමතීමට නියමිතව ඇත.

මුහුණු පොතට නව ආරක් ගෙන එමින් රිදෙන, දැනෙන කවි ලියූ කවිකාර මාධ්‍ය හිතවතාගේ මැදිහත්වීම  "කොඩි" ලෙසින්  කෘතියක් තුළට ගෙන ජනගත කෙරෙන එම අවස්ථාවට ලැදි සැමගේ පැමිණීම අපේක්ෂා කෙරේ.