Language Switcher

V2025

මාධ්‍යවේදී දයා නෙත්තසිංහ රචිත කාව්‍ය ග්‍රන්ථ දෙක ජනගත කිරීම : අගෝස්තු 7 මාතර දී !

මාධ්‍යවේදී දයා නෙත්තසිංහ විසින් රචිත "මුහුණුවර" සහ "සැකකාරයාගේ කෙටුම්පත" කාව්‍ය ග්‍රන්ථ දෙක ජනගත කිරීම 2018 අගෝස්තු මස 7 වනදා පස්වරු 2.30 ට මාතර ස්කයිලයිට් සිනමා ශාලාවේදී පැවැත්වේ.

එම අවස්ථාව  මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ  විසින් මෙහෙයවන අතර  ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සමන්ත විද්‍යාරත්න, ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටිපේ ආරච්චි සහ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක විසින්  සභාව ඇමතීමට නියමිතව ඇත.

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුගේ කවි සිතුවිළි මුද්‍රිත අකුරු බවට පත්වන මෙම අවස්ථාව මාතර - ඇසුර විසින් සංවිධානය කරන අතර ඊට සාහිත්‍යට හිතැති සැමගේ සහභාගීත්වය ආදරණීයව අපේක්ෂා කරයි.

38020789 1924784841155277 689671339992154112 n

38119941 1924784871155274 7465653617245028352 n