Language Switcher

V2025

සේමිණීගේ අලුත්ම කැප්සියුල් එක

සේමිණී ඉද්දමල්ගොඩ මේ දවස් වල රංගනයට අමතරව තවත් කටයුක්තකට එකතු වෙලා තියනවා. ඒ තමයි Purtier Placenta Live කැප්සියුලය බෙදා හැරීමේ මෙරට නියෝජිතවරිය ලෙස කටයුතු කිරීම.

නවසීලන්තයෙන් මෙරටට ආනයනය කරන මෙම කැප්සියුලය ලිංගික ශක්තිය වැඩිකරගැනීමට වගේම ගෙවී ගිය වසර 10ක තාරුණ්‍ය නැවත ලබාදීමේ හැකියාවකින් යුතු බවයි ආරංචිය.

ලැබුණ ආරංචිය ඇත්තද කියලා බලන්න අපි සේමිණීට කතා කළා. එතකොට තමන් අතගහපු අලුත් වැඩේ ගැන සේමිණී කිව්වේ මෙහෙම කතාවක්,

“පර්චියර් ප්ලෙසන්ටා (Purtier Placenta) භාවිතා කිරීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් (Internal organs) නැවත අලුත් වෙනවා වගේම පළිකාව, කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ ලිංගික බෙලහීනතාවය වැනි රෝග සුවකිරීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි සම දීප්තිමත් කර හිසකෙස් වර්ධනය කිරීමද මෙමගින් සිදුවෙනවා”

“විශේෂයෙන්ම කියන්න ඕනේ මේක හදන්නේ ගෝනගේ වැදෑමහෙන්. අතිරේක ආහාරයක් (Live Suplement) විදිහටත් මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම 100%ක් ස්වාභාවික නිසා කිසිම අතුරු ආබාධයක් ගැන බිය වියයුතු නෑ”

“විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව මම මේ දෙවල් පවසන්නේ පර්චියර් ප්ලැසෙන්ටා භාවිතා කරන කෙනෙක් හැටියට මිසක් නියෝජිත වරිය විදියට නෙවෙයි. මොකද මම එයින් 100% ක් ප්‍රථිපල අත්විඳින නිසා.”

 සුජීවා බණ්ඩාර