Language Switcher

V2025

සැර වැටුපක් සමඟ හතුරු ක්‍රිකට් පුහුණුකරුට (ඡායා)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ අද (20) නිලවශයෙන් පත්විය.

ඒ වෙනුවෙන් වන විශේෂ මාධ්‍ය හමුවක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති අතර ඒ සඳහා චන්දික හතුරුසිංහ සමඟ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලද සහභාගීව සිටියහ.

එහිදී අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ පවසා සිටියේ “මං හැමෝටම ස්තුති වෙනවා මේ අවස්ථාව ලබාදීම ගැන. තමන්ගේ රටේ පුහුණුකරු ලෙස කටයුතු කරන්න ලැබීම ආඩම්බරයක් වගේම හොඳ අවස්ථාවක්. මං හිතන්නේ හරි වෙලාවේ තමයි මට මේ කටයුත්ත ලැබුණේ” කියාය.

ඉහලම වැටුපක්

මේ අතර පසුගියදා සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කර තිබුණේ චන්දික හතුරුසිංහ වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 6ක වැටුපක් ගෙවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුම් ගතව ඇති ඇති බවය.

එසේම මීට පෙර එම තනතුරේ කටයුතු කළ ග්‍රැහැම් ෆෝඔඩ් හට ලබාදී තිබුණේ ඊටවඩා ඉතා අඩු වැටුපක් බවද එම වාර්තාවේ සඳහන්ව තිබිණ.

එසේම ක්‍රීඩා ආරංචිමාර්ග ද සඳහන් කර සිටින්නේ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරුවකුට ගෙවා ඇති ඉහලම වැටුප චන්දික සඳහා වෙන්කර ඇති බවය.