Language Switcher

V2025

රොනී ලීච් දිවි ගමනෙන් සමුගෙන ! 

ජනප්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අභාවප්‍රාප්තවී ඇත.

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පැවසුවේ, සංගීත ප්‍රසංගයක් සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි.

ලීච් මහතා මියයන විට 65 වැනි වියේ පසුවූ අතර හේ  මිය යන විට 350 කට අධික ගීත සංඛ්‍යාවක් ගායනා කර තිබිණ.