Language Switcher

V2025

2018 වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ඇමරිකාවට සහ ජපානයට ! 

2018 වර්ෂයේ  වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට  ඇමෙරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය ජේම්ස් පී. ඇලිසන් සහ ජපානයේ මහාචාරය ටසුකු හොන්ජෝ යන මහාචාර්යවරුන්  දෙදෙනා  අද (01) සමත්ව ඇත. 

පිළිකා ප්‍රතිකාරවල කරන ලද විප්ලවීය වෙනස එනම් “සෘණාත්මක ප්‍රතිශක්තීකරණ නියාමනයේ සිදුවන නිෂේධනය සඳහා වන පිළිකා ප්‍රතිකාර (චිකිත්සාව)” වෙනුවෙන් ඔවුන්  දෙදෙනා මෙලෙස සම්මානයට පාත්‍රව ඇත.

ඇලිසන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. හොන්ජෝ ජපානයේ කියොතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්වරයෙකි. 

මොවුහු දෙදෙනා 2014 වසරේදී ඔවුන්ගේ පර්යේෂණය සඳහා ‘ටැන්ග්’ සම්මානයෙන් ද පිදුම් ලැබූහ. ‘ටැන්ග්’ සම්මානය නොබෙල් ත්‍යාගයේ ආසියානු සංස්කරණය යනුවෙන් හැඳින්වේ. 

නොබෙල් පදක්කමට අමතරව ස්වීඩන ක්‍රොනෝර් මිලියන නවයක මුදලක් පිරිනැමෙන අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 1.01කට සමානය. එම ත්‍යාග මුදල ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් විශේෂඥයන් වන මහාචාර්ය ඇලිසන් හා මහාචාර්ය හොන්ජෝ අතර සම සමව බෙදී යනු ඇත.

DoaY9 dXgAATQKY