Language Switcher

V2025

වෙඩ්ඩාගේ "‘ ඒ අහඹු අතීත හැන්දෑව’ එළිදැක්වී ඇත !

මංජුල වෙඩිවර්ධනගේ ‘ඒ අහඹු අතීත හැන්දෑව’ එළිදැක්වී ඇත. 

එය ඔහුගේ තුන්වැනි නවකතාවයි. සහෘද-විචාරක නොමඳ අවධානය හිමිකරගත් ‘බත්තලංගුණ්ඩුව’ හා ‘මගේ ආදරණීය යක්ෂණී’ ඔහුගේ සෙසු නවකතා ද්විත්වයයි.

‘ඒ අහඹු අතීත හැන්දෑව’ පාඨාන්තර (Versions) දෙකකින් සහෘදයා අතට පත් කිරීමට කතුවරයා ක්‍රියා කර තිබීම මෙම නවකතාවේ විශේෂ ආකෘතිමය ලක්ෂණයකි.  

පරිචඡේදමය වශයෙන් පමණක් වෙනස් වන මෙම පාඨාන්තර (Versions) දෙක එළි දක්වා ඇත්තේ කවර නිර්මාණ දෙකකිනි. මෙම නවකතා කෘතියේ කවර නිර්මාණය සහ පිටු සැලැස්ම ‘මූනියැක්’ විසිනි. ‘ඒ අහඹු අතීත හැන්දෑව’ නවකතාව ‘අහස’ ප්‍රකාශනයකි.

අනූව දශකය මූලාරම්භයේ සිට සාහිත්‍යකරණයේ සහ මාධ්‍යකරණයේ නියැලෙන මංජුල වෙඩිවර්ධන 1997දී ෂේන් මැකෙල්වි සමඟ කළ ‘නිරුත්තර සමාධිය’ කාව්‍ය සංග්‍රහය සමඟ මුද්‍රිත ග්‍රන්ථකරණයට පිවිසියේ ය.

ඉන් පසු මේ දක්වා ඔහු කාව්‍ය සංග්‍රහ අටක් පළකර ඇත. අධිකරණ තහනමට ලක්වූ ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා කෘතිය පළ කරමින් කෙටිකතාකරණයට පිවිසි ඔහු ඉන් පසු ‘ශුද්ධවූ ජුදාස්’ සහ ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ කෙටි කතා සංග්‍රහ පළ කර ඇත.