Language Switcher

V2025

අමරා රණතුංග දිවි සැරිය නිම කරයි 

ප්‍රවීණ ගායන ශිල්පිනී මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ හෘදයාබාධයක් හේතුවෙන්   (15) අභාවප්‍රාප්ත වී ඇත.  ඊට පෙර ඇය දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවද වාර්තා වෙයි.  

 ඇය මියයන විට 79 වැනි වියේ පසු විය.

 ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ බිරිඳ වන ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස සැලකේ.