Language Switcher

V2025

රත්මලාන බිහිරි පාසලේ දරුවන්ට : මිඩ් සිටි සිංහ සමාජයෙන් ඖෂධ පරිත්‍යාගයක්  

රත්මලාන අඳ, බිහිරි පාසලේ දරු දැරියන් සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රදානයක් සහ දිවා ආහාර වේලක් සැපයීමට දිස්ත්‍රික් 306 සී2 සිංහ දිස්ත්‍රික්කයට අයත් කලම්බු මිඩ් සිටි සිංහ සමාජය ක්‍රියාකොට තිබුණි. 

පසුගිය ඔක්තෝබර් 24 වනදා ඔවුන් මෙම සත්කාර්ය සිදුකල අතර කලම්බු මිඩ් සිටි ලියෝ සමාජයද මේ සමඟ එක්ව කටයුතුකර තිබුණි. 

මිඩ් සිටි සිංහ සමාජයේ ලේකම්, සිංහ වසන්ත වෙත්තසිංහ මහතා අතින් මෙම ඖෂධ ප්‍රදානය සිදුවූ අතර එම අවස්ථාවට හිටපු සිංහාධිපති සිංහ ලසන්ත ගුණවර්ධන සහ එම සිංහ සමාජයේ සභාපති සිංහ නයන හෙට්ටිආරච්චි මහත්වරුන් ඇතුළු සිංහ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී විය.

A 65743