Language Switcher

V2025

කුසල් දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (16) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී නොදැවී පන්දුවට පහර දෙමින් කුසල් ජනිත් පෙරේරා සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඒ ලකුණු 153ක් රැස් කර ගනිමිනි.

කුසල් ජනිත් සමග තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ, විශ්ව ප්‍රනාන්දු වන අතර , ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 78කි.

තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අද එක් කඩුල්ලකින් ජය ගත්තේ ය.

ඩර්බන්හිදී පැවති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.