Language Switcher

V2025

ගල්කිස්ස ශාන්ත තෝමසුවෝ නිල් මහ සටන ජය ගනී

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 140 වන නිල් මහා සටන ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත්ව ඇත.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 140 වන නිල් මහා සටන ක්‍රිකට් තරගයේ තුන්වන සහ අවසන් දිනය ඊයේ (09) පැවැත්වුණ අතර එහි ජය වාර්තා කිරීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත්ව ඇත.

ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමේදී ලකුණු 296ක් සහ පිළිතුරු ලෙස ලකුණු 259ක් පමණක් ලබා ගැනීමට සමත් වුණි.

දෙවනි ඉනිමේදී ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ට ලකුණු 124ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

රාජකීය විදුහල - පළමු ඉනිම ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 158
(කමිල් මිෂාර 36, අහන් වික්‍රමසිංහ 15, කවිඳු පතිරත්න 35, කෞෂාන් කුලසූරිය 28, කළන පෙරේරා 54/6, ශනෝන් ප්‍රනාන්දු 27/4)

සාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම ඕවර 78.5 කදී සියලු දෙනා දැවී 296
(ශලීන් ද මෙල් 21, රයන් ප්‍රනාන්දු 60, යොහාන් පෙරේරා 49, උමයංග සුවාරිස් 62, කළන පෙරේරා 62, කමිල් මිෂාර 70/3, ගිෂාන් බාලසූරිය 66/2, කවිඳු පතිරත්න 83/3)

රාජකීය විදුහල - දෙවැනි ඉනිම ඕවර 108.2 කදී සියලු දෙනා දැවී 259
(ඉසිවර දිසානායක 20, කමිල් මිෂාර 34, කවිඳු මදාරසිංහ 25, අහන් වික්‍රමසිංහ 26, භාග්‍ය දිසානායක 21, කවිඳු පතිරත්න 24, පසිඳු සූරියබණ්ඩාර 67, කළන පෙරේරා 102/3, ඩෙලන් පීරිස් 53/2, යොහාන් පෙරේරා 15/2)

සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම ඕවර 20 කදී කඩුලු 2 ට 124
(සිතාර හපුහින්න 34, ශලීන් ද මෙල් නොදැවී 67)