Language Switcher

V2025

ටෙස්ට් ක්‍රිකට් සඳහාත් Free Hit එයි !

ටෙස්ට් ක්‍රිකට් තරගවල කාලය නාස්තිවීම වැළැක්විම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට එම්.සි.සී. ක්‍රිකට් කමිටුව යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ කාලය මැනීමේ ඔරලෝසු (Countdown timer clocks) ලකුණු පුවරුවේ සවි කිරිමටය.

පිතිකරුවෙක් පන්දුවට පහරදීම ආරම්භ කිරීම, නව පන්දු යවන්නෙක් පන්දු යැවීම ආරම්භ කිරිම ආදි කරුණු වෙනුවෙන් සීමිත වෙලාවක් වෙන් කිරීමටද ඔවුන් යෝජනා කර තිබේ.

එසේම නියමිත කාලසීමාව තුළ අදාළ ක්‍රියාවන් සිදුකිරීමට අපොහොසත් වන්නේ නම් විරුද්ධ කණ්ඩායමට දඬුවම් ලකුණු පහක් ලබාදීමද එම යෝජනා අතර වෙයි.

ඊට අමතරව එක්දින ක්‍රිකට් තරගවල මෙන් ටෙස්ට් තරගවලදීත් නිපන්දුවකට නිදහස් පහරක් (FREE HIT) ලබාදීමටත්, එසේම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එක් පන්දුවක් භාවිත කිරිමටද එම යෝජනා අතර වන බවත් වාර්තා වෙයි.

එම්.සී.සී. ක්‍රිකට් කමිටු රැස්වීමකදී ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එම යෝජනා ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකිරිමට නියමිත බවද මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

එම්.සී.සී. ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, ඉන්දියාවේ සව්රව් ගංගුලි, බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වෙයි.