Language Switcher

V2025

උයනක් පිරී පිපි මල් අද පරවෙලා !

ප්‍රවීන ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (29) මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

මිය යන විට ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ වයස අවුරුදු 79 කි.

හෙළ සංගීත කේෂ්ත්‍රයේ නොමැකෙන නාදයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායන කේෂ්ත්‍රයේ අවතීර්ණ වූයේ ආදර අඹරේ ගීතය ගායනා කරමිනි.

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ, පාට පොදක් තිලක ලා නළල් තලාවේ, රෑ දවල් මල් හැඟුම් සිරි පානා,හද විමන් දොරින් එන පැතුම් පවන්, සද තනිවෙලා අහසේ, ආදී ගීත රැසක් ඇය විසින් ගායනා කරනු ලැබුවාය.

මෙරට සිනමා පසුබිම් ගායනයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 ට ආසන්නයි.

උයනක් පිරී පිපි මල්

අද පරවෙලා

විහඟුන් ගැයූ ගී වැල්
අද නැති වෙලා..!

අසහාය ගායිකාවනි, ඔබට මොක්සුව !