Language Switcher

V2025

ගාල්ල සියලු දෙනා දැවී 255 යි කොළඹ 238/9 යි

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන පළාත් ක‍්‍රිකට් කරගාවලිය අද දින ආරම්භ වූ අතර එහි ප‍්‍රථම තරගය කොළඹ සහ දඹුල්ල කණ්ඩායම අතරත් අනෙක් තරගය ගාල්ල සහ මහනුවර කන්ඩායම් අතරත් පැවැත්වේ.

කොළඹ සහ දඹුල්ල කන්ඩායම් අතර රංගිරි දඹුලු ක‍්‍රිඩාංගනයේ පැවැත්වෙන තර`ගයේ කාසියේ වාසිය හිමි කරගත් දඹුලු කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පඑර දීමේ අවස්ථාව දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන කොළඹ කන්ඩායම හිමි කර දුන් අතර ඔවුන් පන්දු වාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 238 ක් ලබා ගැනීමට සමත් වූහ.

මහනුවර සහ ගාල්ල අතර තර`ගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිඩාංගනයේදී පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය හිමි කරගත් මහනුවර කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පන්දුවට පහර දීමේ අවස්ථාව ලසිත් මාලිංග නායකත්වය දරන ගාල්ල කණ්ඩායමට ලබා දෙ ලදී. ගාල්ල කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 255ක් ලබා ගන්නා ලදී.