Language Switcher

V2025

සිංගා මාලි ගැන ලෝකයේම අවධානය !

IPL තරගාවලිය අතර තුර මෙරට පැවැත්වෙන සුපිරි පළාත් තරගාවලියට එක්වීම සදහා පැමිණි ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගයේදී සුපිරි පන්දු යැවීමක නිතරවූ අතර ඒ පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇත.

එහිදී පැය 24 කදී මාලිංග රටවල් දෙකකදි කඩුළු 10 ක් දවා ගනිමින් දක්ෂතාව දැක්වූ අතර ඒ පෙර දින මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 3 ක් සහ මහනුවර තරගයේදී ලකුණු 49 කට කඩුළු 07 ක් දවා ගනිමින්ය.

මෙම තරගයෙන් ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළේද ලසිත් මාලිංග නායකත්වය දැරූ ගාල්ල කණ්ඩායමයි.

මුම්බායි තරගයෙන් අනතුරුව ඊයේ අලූයම 1.40 ට මුම්බායිි නුවරින් පිටත්ව අළුයම 4.30 පමණ ලසිත් මාලිංග සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණ ඇත.