Language Switcher

V2025

සද තරු අතර එච්.එම්. නිහඩ වෙයි

මෙරට සංගීත ක්ෂේත‍්‍රයේ අමතක නොවන සිතුවම් පෑ එච්.එම්. ජයවර්ධනයන් මීට සුලු මොහොතකට පෙර සිය දිවියට සමුදුනි. ඒ කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතරතුරදීය. මිය යන විට 69 වැනි වියෙහි පසු වූ එච් එම් ජයවර්ධනයන් ආචාර්ය අමරදේවයන්ගේ පටන් වත්මන් පරපුර දක්වාම ගීතයන් සංගීතයෙන් රසවත් කළ අතර එම සියලු සංගීතයන් තමන්ටම ආවේණික ආකෘතියක් තුළ සිදු කරමින් සිගීත අනන්‍යාවක් රැුක ගැනීමට එච්. එම් සමත් විය. සංගීත අධ්‍යක්ෂ, ගායන ශිල්පී කසුන් කල්හාරගේ පියාණන් වූ එච්.එම්. ජයවර්ධනයන්, නැසීගිය මාලිනී බුලත් සිංහලගේ ආදරණීය ස්වාමියා විය.

ඌව පළාතේ සියඹලාන්ඩුවේ ගොවියකුගේ පුතෙකු වූ එච්.එම් පහවසර ශිෂ්‍යත්වයෙන් සමත්ව ලැබුණු ශිෂ්‍යත්වෙයන් පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ වැඩි දුර අධ්‍යාපනයට යොමු වූ අතර එහිදී ඔහුගේ හොඳම මිතුරා වූයේ බටනලාවය. ඔහු පාසල් සංගීත කණ්ඩායමේ නිත්‍ය බටනලා වාදකයකු විය. කෙසේ හෝ එච්.එම් ගේ අධ්‍යාපනය 10 වැනි ශ්‍රේණියෙන් නිමා වූ අතර ඉන්පසුව ඔහු රැකියාවන් කීපයක් ම කළ ඔහු ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ බටනලා වාද්‍ය ශිල්පියකු ලෙස පසු කලෙකදී එක් විය.

එතැන් සිට අද මිය යන මොහොත තෙක්ම ශ‍්‍රී ලාංකිකයන්ගේ සංගීත පිපාසය සංසි`ද්වනු වස් එච්. එම්. ජයවර්ධනයටන් අතින් සංගීතවත් වුණු ජනප‍්‍රිය ගීතයන් රැුසකි. සම්මානනීය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වූ ඔහු කිසි දිනෙක සංගීතව විෂයයක් ලෙස ප‍්‍රගුුණ කර නොතිබීමද විශේෂත්වයකි.