Language Switcher

V2025

ගබ්සාවට එරෙහිව ඇමෙරිකාවේ විරෝධතා

ප්‍රාන්ත කිහිපයකදී සම්මත කෙරුණු නව ගබ්සා නීතියට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

රිපබ්ලිකන් පක්ෂය මඟින් පාලනය වන ප්‍රාන්ත 8ක මෑතකදී හඳුන්වාදුන් නව ගබ්සා නීතියට එරෙහිව ඇමෙරිකාව පුරා මේ අයුරින් විරෝධතා ආරම්භ වී ඇත.

ගබ්සාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ පූර්ණ අයිතිය අදාළ තැනැත්තාට තිබිය යුතු බව මේ පිරිස් අවධාරණය කළේය.

දශක ගණනාවක් පුරාවට ගබ්සාව සම්බන්ධයෙන් ලිහිල් නීතියක් අනුගමනය කිරීමට අමෙරිකාව කටයුතු කළේය.

කෙසේ නමුත් මෑතකදී රිපබ්ලිකන් පාලනයේ පවතින ප්‍රාන්තවල ගබ්සා නීති ඉතාමත් දැඩි කරමින් ගබ්සාව නීතියෙන් තහනම් කිරීමට කටයුතු කෙරුණි.

 මේ තත්ත්වය යටතේ ඇතිකර වූ නව ප්‍රවණතාව අනුව 1973 වසරේදී අමෙරිකානු උපරිමාධිකරණ තීන්දුවක් අනුව ගබ්සාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මවට ඇති හිමිකම අහිමිවනු ඇති බව නීතිවේදීන්ගේ මතයයි.

 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගබ්සාවට දැඩි සේ විරෝධය පළ කරයි.

 ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයද ඒ මතයම දැරීම විශේෂත්වයකි.

 කෙසේ නමුත් ඇලබාමා ප්‍රාන්තයේ පසුගිය සතියේ හඳුන්වාදුන් නව ගබ්සා වාරණ නීතිය උවමනාවටත් වඩා දැඩි යැයි ජනාධිපතිවරයා ද පිළිගෙන ඇත.

 ස්ත්‍රී දූෂණයක් සිදුවූ අවස්ථාවලදී ගබ්සාවට ඉඩදීමේ වරදක් නොමැතිය යන මතය ජනපතිවරයාද විශ්වාස කිරීම ඊට හේතුවයි.