Language Switcher

V2025

ෆේස් බුක් ගිණුම් බිලියන 2.2 ක් ඉවතට !

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 2.2ක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඒ අනුව ඉකුත් ජනවාරී සිට මාර්තු දක්වා කාලය තුළ මෙම ව්‍යාජ ෆේස් බුක් ගිණුම් ඉවත් කිරීමටකටයුතු කර ඇත.

ඒ අනුව මේ වනවිට ක්‍රියාකාරී නිල ෆේස්බුක් ගිණුම් ඇත්තේ බිලියන 2.38ක් පමණක් බවද ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් 2017 වසරේ අගභාගයේ සිට මේ දක්වා ක්‍රමයෙන් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් වැඩිවී ඇති බව අනාවරණ වී ඇත.

2017දී මිලියන 694ක්ව තිබු ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව ඉකුත් වසර වනවිටබිලියන 1.2ක් දක්වා වැඩි වී ඇත.