Language Switcher

V2025

සිංහයින් ඇෆ්ගන් පරදවයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය කාඩිෆ් හීදි පැවැත් විය.

ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන ඇෆ්ගනිස්තානය පන්දුවාර 32යි පන්දු 4කදී සියල්ලන් දැවි රැස් කරගත් ලකුණු සංඛයාව 152කි.

ඒ අනුව ශ්‍රී ලංකා පිල ලකුණු 34 ක ජයක් වාර්තා කළේය.

තරගෙය් කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයා පන්දු යවන්නන්ට හිතැති කාඩිෆ් හි සොපියා ගාර්ඩ්න් තණතීරුවේ පළමුව පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අරඹූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු කඩුල්ලට ලකුණු 92ක සාර්ථක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් තුළ යම් බලාපොරොත්තුවක් ගොඩනගමිනි. එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 30ක් රැස් කළේය.

අනතුරුව කුසල් පෙරේරාට එක් වු ලහිරු තිරිමාන්න දෙවන කඩුල්ලට ලකුණු 52 සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉනිම තවත් ශක්තිමත් කරමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ 21වන පන්දුවාරය වනවිට ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 144ක් ලෙස සටහන් වු අතර එම අවස්ථාවේ ප්‍රබල ස්ථානයක පසු වු ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව පහසුවෙන් පසු කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළේය.

නමුත් තරගයේ ‍ලහිරු තිරිමාන්න ‍දැවී යාමෙන් පසු, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් , ධනංජයද සිල්වා මෙන්ම තිසර පෙරේරාද නිකරුණේ සිය කඩුලු පූජා කළේ එම අපේක්ෂාවන් බිඳ දමමිනි.

හුදෙකලා සටනක නිරත වූ කුසල් ජනිත් පන්දු 81කදී ලකුණු 78ක් රැස් කළේය.

නමුත් තරගයට වර්ෂාවෙන් බදා එල්ල වීමත් සමඟ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගයේ පන්දු වාර සංඛ්‍යාව 41කට සීමා විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 201ක් රැස් කළේය.

කෙසේ වෙතත් ඇෆ්ලනිස්ථානයට හිමි වු ඉලක්කය වුයේ බන්දුවාර 41කදී ලකුණූ 187ක් ලබා ගැනීමටය.