Language Switcher

V2025

රාමසාන් වෙනුවෙන් ලොව විශාලතම කෑම මේසය සැකසෙයි

ඉස්ලාම් බැතිමතුන්ගේ වන්දනීය කාලසීමාව වන රාමසාන් උපවාස සමය අදින් අවසන් වන අතර ඊට සමගාමීව ලොව විශාලතම කෑම මේසය සාදා ගිනස් ලෝක වාර්තාවක් තමන් සතු කරගැනීමට ඊජිප්තුව පසුගියදා සමත් විය.

ඒ සඳහා මීටර් 3189.83 එනම් කිලෝමීටර් 03කට වැඩි දිගින් යුත් මේසයක් යොදා ගැනීම ඔවුන් කටයටුතු කර තිබිණ.

ගිනස් ලෝක වාර්තාවක් ලෙසින්ද සනිටුහන් වූ මෙම කෑම මේසය විවිධ ආහාර වලින් සමන්විත වීමද විශේෂත්වයකි.

7 000කට ආසන්න පිරිසක් සහභාගී වූ මේ ඉසව්ව පැවැත්වුණේ කයිරෝ නගරයට උතුරින් පිහිටි කාන්තාර ප්‍රදේශයකදීය.

ලොව විශාලතම ආහාර මේසයට හිමි ගිනස් ලෝක වාර්තාව මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍ය සතු වූ අතර එහිදී මීටර් 2983.64 ක දිගින් යුත් ආහාර මේසයක් සකස් කර තිබිණ. එහි 6000ක පිරිසකට ආහාර ගැනීමේ හැකියාව තිබී ඇත.

ගිනස් වාර්තාව පිහිටුවීමෙන් පසු පැමිණි සියලු දෙනා ඉතාමත් සතුටින් ආහාර පාන භුක්තිවිදින ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.