Language Switcher

V2025

තුරුණු පොසොන් උත්සවයේ දෙවැනි දිනය අද (14) - පොසොන් සිරි විඳගන්න මහරගමට එන්න !

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන ජාතික තුරුණු පොසොන් උත්සවය ඊයේ (13) දිනයේදී ආරම්භ කෙරිණි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩමවනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු මහා රහතුන් වහන්සේලාගේ ධාතූන වහන්සේලා ඊයේ දිනයේදී ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයට වැඩමකරවනු ලැබීය. ඊයේ පස්වරුවේ සිට සැදැහැවත් මහජනතාවට වැඳ පුදාගැනීම පිණිස තැන්පත්කර ඇත.

එසේම පොසොන් තොරණ, පහන් කූඩු, රූකඩ සංදර්ශන, පොසොන් බැති ගීත ගයනයන් මෙන්ම දන්සැල්ද දිනපතා තුරුණු පොසොන් කලාප පරිශ්‍රයේදී රස විඳීමට ඔබට හැකියාවක් ඇත.

තුරුණු පොසොන් මංගල්‍යට සමගාමීව එළඹෙන 17 වැනිදා ලේ දන්දීමේ වැඩසහනක් ද ක්‍රියාත්මක කර ඇත. අද (14) එහි දෙවන දිනය වෙයි. දිනපතා උදෑසන 10 සිට රාත්‍රී වනතුරු සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදාගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී ඇති අතර සවස 05 සිට අනෙකුත් අංග වෙසක් කලාපය තුලදී ඔබට නැරඹිය හැකිය.

මෙම වෙසක් කලාපය 13 වැනිදා සිට 17 වැනිදා තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පැමිණෙන ලෙස ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ඔබට ආරාධනා කර සිටියි.

View the embedded image gallery online at:
http://newstube.lk/entertainment/7049-14#sigProIdb0e21f8dbd