Language Switcher

V2025

ලොව විශාලතම කෝපි කෝප්පය කොලොම්බියාවෙන්

ලොව විශාලතම කෝපි කෝප්පය ඇතුළු නව ගිනස් ලෝක වාර්තා දෙකක් පිහිටුවීමට කොලොම්බියාවේ උත්සාහයක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය එරට කෝපි සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කි‍්‍රයාත්මක වන්නකි. කොලොම්බියාවේ චින්චිනා කඳුකර ප්‍රදේශය එරට කෝපි වගාවේ හදවත බඳු ප්‍රදේශය ලෙසයි සැලකෙන අතර මෙම ප්‍රදේශයේ වැදගත්කම සහ එහි කෝපි සංස්කෘතිය විදහා දක්වමින් නව ගිනස් වාර්තා දෙකක් පිහිටුවීමට චින්චිනා වැසියන් පිරිසක් පසුගියදා උත්සහ කළහ.

ඒ ලොව විශාලතම කෝපි කෝප්පය නිපදවමින්ය.

එම කෝප්පයේ ඇති කෝපි පානය කිරීම සඳහා අවම වශයෙන් පුද්ගලයන් හත්සිය තිස් නව දෙනෙකු අවශ්‍ය වන අතර එය ලොව විශාලතම කෝපි රස බැලීම ලෙසින් දෙවන ගිනස් වාර්තාවට සුදුසුකම් ලබනු ඇත.

මෙම දැවැන්ත කෝපි කෝප්ය නිපදවීම සඳහා කෝපි ටොන් 20ක් පමණ යොදාගෙන ඇත.

කෙසේ නමුත් ගිනස් ලෝක වාර්තා කමිටු බලධාරීන් සඳහන් කළේ නිල ගිනස් ලෝක වාර්තාව ප්‍රදානය කිරීමට පෙර මේ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි විමසා බැලීමට තමාට අවශ්‍ය බවයි.