Language Switcher

V2025

දීපිකාගේ ගාන කෝටි 114 යි

2020 දී තිරගත වීමට නියමිත කබීර් ඛාන් අධ්‍යක්ෂණය කරනු ලබන 83 චිත‍්‍රපටයේ චරිතය වෙනුවෙන් සරාගී නිළි දීපිකා පදුකෝන් ඉන්දියානු රුපියල් කෝටි 114ක මුදලක් අය කර ඇති බව වාර්තා වේ. සිය සැමියා වන ජනප‍්‍රිය නළු රන්වීර් සිං ප‍්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත‍්‍රපටයේ ඔහුගේ බිරි`ද ලෙස දීපිකා දායකත්වය ලබා දෙනු ලබයි.

ඉන්දීය ක‍්‍රිකට්හි ප‍්‍රබල චරිතයක් වූ කපිල් දේව්ගේ ජීවන කතාව ඇසුරින් නිර්මාණය වූ සිනමා පටයක් වන මෙහි රූගත කිරීම් කටයුතු මේ දිනවල ඉන්දියාවේ චන්ද‍්‍රගර්හි සිදු වේ.

 දීපිකා පදුකෝන් මෙම චිත්‍රපටයේ ඉතා සීමිත වේලාවකට පෙනී සිටින චරිතයකට දායක වී ඇති බවද වර්තා වේ.