Language Switcher

V2025

ලංකාවට ලකුණු 20ක ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 09 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. එයට පිළිතුරු වශයෙන් එංගලන්ත පිල ඕවර 47 කදී ලකුණු 212 කට දැවී ගියේය.