Language Switcher

V2025

ඩේව් වට්මෝර් ආයෙත් එයි !

ශ්‍රී ලංකාවට 1996 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ පුහුණුකරු වූ ඩේව් වට්මෝර් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහුගේ පත්වීම ස්ථිර වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවසේ.

ඩේව් වට්මෝර් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පහළ මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා අධීක්‍ෂණය සඳහා පත් කිරීමට නියමිතය.

ඒ අනුව වට්මෝර් මහතා වයස 15 න් පහළ සිට වයස 19න් පහළ දක්වා ජාතික කණ්ඩායම්, සංවර්ධන, නැගී එන සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ යන සංචිත සහ ජාතික සංචිතය අධීක්‍ෂණය කිරීමට නියමිතව ඇත.