Language Switcher

V2025

නව කොරල්පරයක් කන්කසන්තුරේ මුහුදෙන් සොයා ගැනේ

උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයෙන් මෙතෙක් නොදුටු ඉතා දැකුම්කළු කොරල්පරයක් සොයා ගෙන ඇත.

මෙම කොරල් පරය දියකඩනයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇත.

සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරපර හඳුන්වා දිය හැකි අතර ස්වාභාවික හේතූන් නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා දිරාපත් වී ඇත.

මෙම තත්වය සැළකිල්ලට ගනිමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ගේ උපදෙස් මත උතුරු මුහුදේ දිය යට ස්ථාන සංරක්ෂණය කර මෙම කොරල්පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.