Language Switcher

V2025

නවතම ශ්‍රේණිගත කිරීම් ලකුණු එළියට. ලංකාව 2 කින් උඩට

නවතම ජගත් එක්දින ශ්‍රේණිගත කිරීම් ඊයේ යළි ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාද ලකුණු 2ක් හිමිව ඇත.

එම සටහන අනුව එංගලන්තය, ඉන්දියාව සහ නවසීලන්තය එහි ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානවල පසුවන අතර ඕස්ටේ්‍රලියාවල දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය සිව්වන,පස්වන සහ හය වන ස්ථානවල පුසු වේ.

කෙසේ වෙතත් හත්වන සහ අට වන ස්ථානවල කිසිදු වෙනසක් සිදුව නොමැති අතර බංග්ලාදේශය එහි 7 වන ස්ථානයේ පසුවේ 8 වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

3 - 0 ලෙස ඊයේ අවසන් වූ තරගයත් සමග පූර්ණ තරගාවලි ජයක් ලැබු ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම් සටහනේ ලකුණු 2කින් තමන්ගේ ලකුණු වැඩි කර ගනිද්දී බංග්ලාදේශයට ලකුණු 3ක් අහිමි වී තිබීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව මීට පෙර ප්‍රසාද ලකුණු 80 ක් රැස්කරගෙන සිටියේය.

බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රසාද ලකුණු 89 ක් හිමිව තිබූ අතර දැන් ඔවුන්ගේ ලකුණු තත්වය 86කි.