Language Switcher

V2025

ගූගල් මහ පුටුවල වෙනසක්

ගූගල් සමාගමේ සම-නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින්, ගූගල් මව් සමාගම වන Alphabet හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති තනතුරුවලින් ඉවත් වී තිබේ. මෙම ඉවත් වීමත් සමඟම ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි Alphabet හි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වනු ඇති බවට සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Alphabet ඉන්කෝපරේෂන් යනු කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් හි මූලස්ථානය පිහිටි ඇමරිකානු බහුජාතික සමාගම් සමූහයකි. එය 2015 ඔක්තෝම්බර් 2 වන දින ගූගල්හි ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් හරහා නිර්මාණය කරන ලද අතර එය ගූගල් සහ හිටපු ගූගල් අනුබද්ධ සමාගම් කිහිපයක මව් සමාගම බවට පත්විය. ගූගල් හි ආරම්භකයින් දෙදෙනා නව සමාගමේ විධායක භූමිකාවන් භාර ගත් අතර ලැරී පේජ් ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, සර්ජි බ්‍රින් සභාපති ලෙසත් කටයුතු කළේය. ඇල්ෆාබෙට් යනු ආදායම අනුව ලෝකයේ පස්වන විශාලතම තාක්‍ෂණ සමාගමයි.

1972 දී ඉන්දියාවේ තමිල්නාඩුවේ මදුරෙයි හි උපත ලද සුන්දර් පිචායි හෙවත් පිචායි සුන්දරරාජන් ඉන්දියානු ඇමරිකානු ව්‍යාපාරික විධායකයෙකි. ඔහු ඉංජිනේරුවෙකු වන අතර ගූගල් LLC හි ප්‍රධාන විධායක නිලධාරියා වේ. මීට පෙර ගූගල් හි නිෂ්පාදන ප්‍රධානියා වූ පිචායිගේ වර්තමාන භූමිකාව 2015 අගෝස්තු 10 වන දින ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇල්ෆාබෙට් ඉන්කෝපරේෂන් ගූගල් සමාගමේ මව් සමාගම බවට පත් කළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙසය. 2015 ඔක්තෝබර් 2 වන දින ඔහු එම තනතුර භාර ගත් අතර ඊයේ (2019 දෙසැම්බර් 3) දින ඔහු ඇල්ෆාබෙට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්විය