Language Switcher

V2025

ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කැරොලින්ට කිරුල හිමි වෙයි

වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට සමත් වී ඇත.

1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගෙන ඇත.

ඒ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදීය.

ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින් ඇයට මෙම කිරුළ හිමි වී ඇත.

මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.

78378289 3096945690530828 4661321800121057280 n