Language Switcher

V2025

‘මිස්ටර් යුනිවර්ස් නොබෙල් කින් 2019’ කිරුළ දිලුකට

පිලිපීනයේදී පැවති ‘මිස්ටර් යුනිවර්ස් නොබෙල් කින් 2019’ (Mr. Universe Noble King 2019) තරගයේදී එම කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිලුක රාජපක්ෂ සමත් විය.
මෙම තරගය පිලිපීනයේ, මැනිලා නුවරදී පසුගිය 15 වනදා පැවැත්විණ.

26 හැවිරිදි දිලුක රාජපක්ෂ මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයේ නිරත ව සිටී.

රටවල් 25ක් එම කිරුළ වෙනුවෙන් තරග වැදී ඇති අතර අවසන් මහා තරගයට රටවල් 15ක් තේරී පත්විය.

එමෙන්ම අනුඛණ්ඩයක්ව පැවති ටැලන්ට් රවුන්ඩ් වටයෙන් ජයග්‍රහණය කිරීමට ද දිලුක රාජපක්ෂ සමත් විය.

ශ්‍රී ලංකාවේ පාරම්පරික අංගම්පුර සටන් කලාවේ ගින්දර සමග අංගයක් ඉදිරිපත් කිරීමෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වී ඇත.

තරගයේ ජාතික අධ්‍යක්ෂක, නිල පුහුණුකරු හා නිල නර්තන අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත්තේ රුක්මල් සේනානායක මහතා ය.

මිස්ටර් යුනිවර්ස් නොබෙල් කින් කිරුළක් ශ්‍රී ලංකාව දිනා ගත් පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

79376602 603365507099990 1319104990563794944 o

79940790 603365667099974 1297106576095576064 o