Language Switcher

V2025

කොරෝනා වළක්වා ගන්න : බද්දේගම සමිත හිමි ප්‍රජා සත්කාරයේ !

කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළක්වීම සඳහා වන සමාජ සත්කාරයක් අද (17) බද්දේගම නගරයේදී සිදුවූ අතර ඒ හිටපු පළාත් සභා මන්ත්‍රී, පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක බද්දේගම සමිත හිමිගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව බද්දේගම නගර මධ්‍යයේ දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කෙරිණ.

මෙම අවස්ථාව සඳහා බද්දේගම ප්‍රාදේශීය ලේකම් ජානක ගුරුසිංහ ද සහභාගී විය.

බද්දේගම වෙළඳ සහ කර්මාන්ත හිමියන්ගේ සංගමය මේ සඳහා දායකත්වය දැක්වූ අතර එම සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙකුට මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ගාල්ල - අමිල මධුශංක 

Handwash 6