Language Switcher

V2025

සෑම මිනිසෙක්ම එක සමානයි : පාට පාට නිරුවත් සිරුරෙන් පණිවිඩයක්

පසුගියදා ටයිම්ස් චතුරශ්‍රයට එක්වූ නිරූපණ ශිල්පීන් පිරිසක් තම සිරුර හිසේ සිට පාද දක්වා විවිධ ආකාරයේ  වර්ණයන්ගෙන්  පැහැගන්වාගෙන සිටිනු දක්නට ලැබුණි. 

Human Connection Arts නම් සංවිධානයක් විසින් පැවැත්වූ  මෙම වැඩසටහන නම් කර තිබුණේ Polar Bear Paint යන නමිනුයි. 

මෙම වැඩසටහනේදී නිරූපණ ශිල්පීන් 25ක් පමණ ටයිම් චතුරශ්‍රය අවට සැරිසරමින් ජායාරූපවලට මුහුණ දෙමින් පැය කිහිපයක් නිරූපණයේ යෙදී තිබේ. 

මෙම නිරූපණයන්    ඉදිරිපත් කර තිබුණේ අධික ශීත කාලගුණයක් සහ වැසි සහිත දිනයකදී වීම විශේෂත්වයකි. 

මෙම වැඩසටහන 2014 වසරේ සිට පැවැත්වෙන්නකි. 

මෙම වැඩසටහන සංවිධායිකයින් පවසන්නේ මෙම වැඩසටහන මගින්  මහත, කෙට්ටු, ගැහැණු, පිරිමි, සමලිංගික, විෂම ලිංගික යන සෑම මිනිසෙක්ම වෙනසක් නොමැති බව සහ තම සිරුර ගැන ලජ්ජා නොවිය යුතු බවට  වන   පණිවිඩයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

උඩුකය නිරුවත්ව සිටීම නිව් යෝර්ක් නගරය තුළ නීත්‍යනුකුලවන නමුත් සම්පූර්ණ නිරුවතින් හැසිරීම සඳහා අවසර ලැබෙන්නේ විදේශ කලාත්මක වැඩසටහන් සඳහා පමණි.