V2025

Exclusive

විල්පත්තු භීතිකාව !

විල්පත්තුව කපන්නේ නැත. අප පටන් ගත යුත්තේ එතැනින් ය.

එසේ නම් කපන්නේ කොතැනද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන චායාරූප මොනවාද යනුවෙන් ඊළග ප්‍රශ්නාවලිය එකදිගට මතු වේ.

විල්පත්තු වනයේ කොහෙත්ම නැවත පදිංචි කිරීමක් සිදුව නොමැත !

විල්පත්තු ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ පුත්තලම සහ අනුරාධපුරය දිස්ත්‍රික්ක දෙකේ ය. උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කය සමග ඊට සම්බන්ධතාවක් නැත.
මේ කියන විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් සීමාවේ කිසිදු ආකාරයක නැවත පදිංචි කිරීමක් සිදු කර නැත. විල්පත්තුව පාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්ලිකුලම් කාර්‍යාලය මෙන්ම නොච්චියාගම පිහිටි වනෝද්‍යාන භාරකාර කාර්‍යාලයද එය තහවුරු කරයි.

විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව මෝදරගංආරුවෙන් අවසන් වේ. මන්නාරම දිස්ත්‍රික්කය පටන්ගන්නේ එතැනින් ය. මරිච්චිකට්ටි ගම්මානය පටන් ගන්නේත් එතැනින් ය. කැලේ කපා ජනතාව පදිංචි කළ බව කියන ප්‍රධානම ගම්මානය මේ මරිච්චිකට්ටියයි. ඊට අමතරව විලත්තිකුලම්, වේප්පන්කුලම්, කරඩික්කුලි යන ප්‍රදේශ වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර විනාශ කරමින් නැවත පදිංචි කිරීම් සිදු කරන බවද ඇතැම් පිරිස් මාධ්‍ය මගින් රටට කියති.
2001 වසරේදී ගැසට් පත්‍රයක් මගින් රජයේ කැලෑ සියල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. ඉහතින් කී ගම්මාන පිහිටා ඇත්තේ එසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරුණු රජයේ කැලෑ තුළ ය.

1980 රාජ්‍ය ඉදිකිරීම් !

මෙම ප්‍රදේශ අතරින් මරිච්චිකට්ටි, කරඩික්කුලි ප්‍රදේශ වල පැරණි ගම්මාන පැවති බවට සාධක ඇත. 1980 ජූලි 21 දින ජාතික ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද නිවාස 10 ක නටඹුන් සහ එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ ඵලකය ඊට එක් උදාහරණයකි. මරිච්චිකට්ටි ගම්මානයේ ඇති කැලෑවට යට වූ පැරණි ඉස්ලාම් පල්ලියද එසේමය. වේප්පන්කුලම් ගම්මානයෙන් එවැනි සාධක කිසිවක් හමුවන්නේ නැත. 1990 සහ 91 කාලයේ ජනශුන්‍ය වූ ප්‍රදේශයක්, එයන් වසර 11 කට පසු කැලේට යටවීමෙන් පසු රජයේ කැලෑ බවට පත් වී තිබේ. ඒ අනුව ඒවා 2001 වසරෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරිණි. එහෙත් ඒ වන විට පැවති යුදමය තත්වය නිසා තමන්ගේ දෙපාර්තමේන්තුව යටතට පැවරුණද, කිසිදු අවස්ථාවක මේ කැලෑ නිරීක්ෂණය කිරීමක් හෝ ඒවාගේ සීමා ලකුණු කිරීමක් සිදු කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නැත.

වැඩිදුරටත් සාක්ෂි

එයිනුත් වසර 11 කට පසු, එනම් මේ ප්‍රදේශය ජනශුන්‍ය වීමෙන් වසර 22 කට පසු මෙම කැලෑ සහිත ප්‍රදේශය,2001 රජයේ කැලෑ පැවරීමේ තීරණය ප්‍රකාරව රක්ෂිත තුනක් ලෙස 2012 වසරේදී ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදීද විධිමත් සහ ක්‍රමානුකූල මැනුම් ක්‍රමවේද සිදු කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඉඩක් ලැබී නැත. GPS සිතියම්ගත කිරීමේ උපකරණ යොදාගනිමින්, ස්ථානීය නිරීක්ෂණ අවම ප්‍රමාණයක් පමණක් සිදු කරමින් කළ මායිම් ලකුණු කිරීමෙන් පසුව ය, මේ රක්ෂිත ප්‍රකාශයට පත්කර ඇත්තේ.

එහිදී විලත්තිකුලම් ප්‍රදේශයේ අක්කර 650 ක් සහ මරිච්චිකට්ටි, කරඩික්කුලි ප්‍රදේශ වල අක්කර 770 ක් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සදහා වෙන්කර ඇත. ඒ අනුව අදාළ ඉඩම් අක්කර 650 සහ 770 යන කොටස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් භාරයට පත්කර තිබේ. එනම්, එම කොටස් රක්ෂිත වලට අදාළ නැත. ඒවා වෙන්කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් බරපතළ ගැටළු තිබේ. විලත්තිකුලම් ඉඩම් වෙන්කිරීම පිළිබද විගණන වාර්තාවට අනුව මේ පිළිබද කිසිදු පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කර නැත. සමස්ත වනාන්තර පද්ධතියට මෙය බලපාන්නේ කෙසේද යන්න අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතුය.

විධිමත්ව කටයුතු නොකළ තැනක් !

මෙසේ අවතැන්වූවන් සදහා ඉඩම් වෙන්කෙරුණද, ඒවාගේ එක්වර ජනතාව පදිංචි වීමක් සිදු වී නැත. අනෙක් අතට මේ ඉඩම් වෙන්කිරීම් සිදු කර ඇත්තේද අවතැන් ජනතාව කොපමණක් සිටීද, ප්‍රධාන පවුල් සහ අනු පවුල් කොපමණ සිටීද යන කරුණු පිළිබද විධිමත් සමීක්ෂණයකින් තොරව ය. එම නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති කැලෑ ඉඩම් රැසක් අනවශ්‍ය ලෙස රක්ෂිත ගැසට් කිරීමේදී නිදහස් කර ඇත. මෙසේ නිදහස් කරන ලද ඇතැම් ඉඩම් ප්‍රදේශයේ දේශපාලකයන්ගේ සමීපතමයන් අතරේ බෙදාගෙන ද තිබේ.

කෙසේ වෙතත් තවදුරටත් අදාළ නිදහස් කරන ලද ඉඩම් කැලෑවට යටවෙමින් තිබී ඇත්තේ අවතැන්වූවන් නොපැමිණීම නිසා ය. වේප්පන්කුලම් ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව සතුව මීට අදාළව 2014 වසරේ ඔක්තෝබර් 13 වැනිදා ලබා දුන් ඉඩම් ඔප්පු තිබේ.

උතුරු පළාත් ඉඩම් පාලන දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මීට මැදිහත් වී ඇත. ඒවා හදුන්වා ඇත්තේ ඉඩම් හිමිකම තහවුරු කිරීමේ බලපත්‍ර හෙවත් දීමනා පත්‍ර ලෙස ය. එක් දිනක් ඇතුළත පමණක් මෙසේ ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව විසිදහසකි. එනම් පවුල් විසි දහසකට මේ ප්‍රදේශයේ යළිත් පදිංචි වීම සදහා රජය විසින් ඉඩම් අයිතිය තහවුරු කර දී ඇත.
කටාර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ ආධාර මත මේ අතරින් කොටසක් නිවාස ඉදිකරගෙන තිබේ. ඒවාට අවශ්‍ය ජල පහසුකම් සපයා දී ඇත්තේද එම ආධාරවලිනි.

මතභේද සහ පාර්ශ්වික විවේචන මැද්දේ කල්ගත විය. ඉන්පසු 2017 මාර්තු 24 වැනිදා ඉහත සදහන් රක්ෂිත තුන එක්කොට, මාවිල්ලු සංරක්ෂිතය ප්‍රකාශයට පත්කරන ලදි. ඊට හෙක්ටයාර් 32,505 ක් අයත් ය. ඒ අනුව සංරක්ෂිතය තුළට අවසරයකින් තොරව ඇතුළු වීම පවා අත්අඩංගුවට ගත හැකි වරදකි. මේ සංරක්ෂිතයට, පෙර අවතැන්වූවන් සදහා නිදහස් කරන ලද ඉඩම් අක්කර 650 සහ 770 අදාළ නොවේ.

මේ වන විට යළිත් අදාළ ඉඩම් බලපත්‍ර ලැබුණු ජනතාවගෙන් කොටසක් තම නිවාස ඉදිකිරීම ආරම්භ කර තිබේ. ඒ සදහා ආධාර ලැබෙන බවත්, රජයෙන් ණය ලැබෙන් බවත් එම ජනතාව පවසති.

ගුවන් නිරීක්ෂණ වාර්තා කියන කතාව

එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත සීමාවේ කිසිදු විනාශයක් සිදු කර නැත. කිසිවකු එම සීමාවේ නැවත පදිංචි වී නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද එම කරුණු තහවුරු කරයි. ගුවන් හමුදාව මගින් සතිපතා සිදුකරන මේ කලාපයේ ගුවන් නිරීක්ෂණ වාර්තා වලද අලුතින් කැලෑ එළිකිරීමක් ගැන සදහන් වන්නේ නැත.

සෑම පුරවැසියකුටම ඉඩමක් හිමිවිය යුතුය. එය අයිතියකි. එසේ තිබියදී රිෂාඩ් බ්දූර්දීන් ඇමතිවරයා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටසකින් හෙක්ටයාර් 75 ක් ඉල්ලා ඇත. ඒ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සදහා යැයි පවසමිනි. කොන්ඩච්චි ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් භූමියක් මෙසේ ඉල්ලා ඇත. මුහුදු ප්‍රදේශයට වන්නට පිහිටි මෙම භූමිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වුවද, එම ප්‍රදේශයේ මෙතෙක් විධිමත්ව සීමා ලකුණු කර නැත.

එසේම එම ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කර නොමැති නිසා සංවර්ධන කටයුතු සදහා යැයි පවසමින් එම භූමිය ලබාගැනීමේ බාධාවක් නීතිමය වශයෙන් නැත. එහෙත් මීට පෙර නිදහස් කරන ලද, ජනතාව පදිංචි නොවූ ඉඩම් අක්කර සිය ගණනක් තිබියදී, එම ඉඩම් වල අදාළ ව්‍යාපෘතිය සිදු කිරීමට දේශපාලකයන් එකග නොවීම ගැටළුවකි. 2019 පෙබරවාරි 18 වැනිදා මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකදී මේ ඉඩම් ලබාදීමට රජයේ නිලධාරීන් එකග වී ඇතත්, රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාගේ පාර්ශ්වය එය ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ අදාළ නිදහස් නොකරන ලද, වන සංරක්ෂණ ඉඩම් කොටසම තමන්ට අවශ්‍ය බවයි. කෙසේ වෙතත් මීට අදාළ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැත.

විල්පත්තුව පෙන්වා පත්තු කරන්න යන්නේ මොකක්ද ?

විල්පත්තුව පෙන්වමින් ඇත්ත යටගහන්නට හදන කතාවේ ඇතුළාන්තය සරලව මෙසේ පැහැදිලි කළ හැකිය. කුමන තත්වයක් යටතේ වුවද ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත විය යුතුය. ඊට විනාශ නොකරන ලද පරිසරයක ජීවත් වීමේ අයිතියද ඇතුළත් ය. සතා-සිවුපාවුන් සහ ගහකොළ මියැදුණු දිනයේ මිනිසාගේ පැවැත්මද අහෝසි වී යන්නේය. එම නිසා දේශපාලකයන්ගේ සටකපට උපක්‍රම වෙනුවෙන් පරිසරය වැනසීම මෙන්ම දේශපාලන වාසි තකා අසත්‍ය වැපිරීම යන අපරාධ දෙකටම එක සමානව එරෙහි විය යුතුය. මනුෂ්‍ය සංහිදියාව මෙන්ම පාරිසරික සංහිදියාවද රටේ පැවැත්මට අත්‍යවශ්‍ය ය.

මහනුවර, දිගනදී මේ දේශපාලන කොන්ත්‍රාත්කරුවෝ පසුගිය මාර්තුවේදී අපරාධ රැසක් කළහ. මේ මාර්තුවේ විල්පත්තු කතාව ගොඩනැගුවේද ඔවුන්මය. ඔවුන්ට අවශ්‍ය ගින්දර මතින් යන්නටය.

ශාලික විමලසේන

Comment (0) Hits: 95

ලයිට් කපන්න පෙර කියවන්න !

නොරොච්චෝල බලාගාරය බිදවැටීමේ සිට බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වෙත බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මේ වන විට සිදුව ඇති අතර ඒ මත ජනතාව ලබන පීඩාව සුලු පටු නැත. ඒ විදුලි බලය මේ වන විට ජන ජීවිතයට නැතුවම බැරි දෙයක් වී ඇති නිසාය.

එහෙත් එදා වේල සටන් පාඨවලට හසුවී එහිම අවාසනාවන්තයන්ව සිටින මෙරට ජනතාව බනින්නේ දැන් සිටින අමාත්‍යවරයාට ය. ඔහු සිය අමාත්‍ය ධුරය ලබා තවමත් දින 100ක් හෝ ගෙවීගොස් නැත. අනෙක් අතට බොහෝ මාධ්‍ය පවා මේ වැදගත් කරුණ අතපසු කරගෙන එය තවත් කුණුරස ගොසිප් පුවත් මැවීමක් වෙත පෙරලාගෙන තිබේ.

ඒ හමුවේ නිවැරැදි තෝරාගැනීම සිදුකරන්න නම් අප මේ ප්‍රශ්නයේ මුල හරියටම අල්ලා ගත යුතුය. නැත්නම් අමාරුවේ වැටෙන්නේ අපිමය. දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවන්නේ අපිටමය.

එනිසා මතුව ඇති අර්බුදය යම් තරමකට හෝ තේරුම් ගෙන අවශ්‍ය බලපෑම් කිරීම මේ මොහොතේ අත්හැරීමට නොහැකි වැදගත් කරුණ වී තිබේ.

වසර 25 ක විදුලිබල ඇමතිලා !

පසුගිය වසර 25 ක කාලය තුල මෙරට විදුලිබල සහ බලශක්ති විෂය භාර අමාත්‍යවරුන් 7ක් සිට ඇත. ඒ අනුරුද්ධ රත්වත්ත (1994- 2001), කරූ ජයසූරිය (2001-2004), සුසිල් ප්‍රේමජයන්ත (2004-2005), ජෝන් සෙනවිරත්න (2005- 2010), පාඨලී චම්පික රණවක (2010- 2013)සහ (2015 ජනවාරි - අගෝස්තු ) , පවිත්‍රා දේවී වන්නිආරච්චි (2013-2015) වශයෙන් ය. 2015-අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා රංජිත් සියඹලාපිටිය වශයෙන් ය. අනතුරුව කුමන්ත්‍රණ ආණ්ඩුව බලය ගත්තේය.

නමුත් ලංකාවේ විදුලිබල අවශ්‍යතාව තේරුම් ගෙන ඊට අවශ්‍ය ජනන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න මේ කිසිවෙකු සමත්ව තිබෙනවාද ? ඔවුන් සිය අමාත්‍යාංශ මෙහෙයවූ සමයේ සිය විෂය පථය අරභයා නිසි වගකීම් ඉටුකර තිබෙනවාද ? නැත. එවැන්නක් සිදුකර තිබුණේ නම් මේ ප්‍රශ්නය එන්න ඉඩක් නැත.

රවීට ගැහුවාම ලයිට් කැපිල්ල නවතීද ?

වසර 25 ක ඉතිහාසය තුල දැන් සිටින්නේ 8 වන විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා වන රවී කරුණානායක ය. වසර 25 ක ඉතිහාසයේ අවම වශයෙන් පසුගිය දශකයට ආසන්න කාලය තුල සිදුකිරීමට අසමත්වු කරුණකට රවී කරුණානායක අමාත්‍යවරයාට මඩ ගසා තේරුමක් තිබෙනවාද ?

විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ට බැන මඩ ගැසූ විට මේ ප්‍රශ්නය විසදෙනවා නම් උදේ හවස රෑ එලිවන තුරු රවී ඇමතිට ගැහුවාට පාඩු නැත.

එහෙත් සිදුවෙමින් පවතින්නේ එයයි. ඒ අවාසනාවන්ත මගේ තවදුරටත් යනවාද නැතිනම් නිසි ජනන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට බල කරනවාද යන්න මේ අවස්ථාවේ අප හමුවේ ඇති තෝරා ගැනීම ය.

පාඨලිගේ සාක්ෂිය !

ඉදිරියේ මෙරට තුල දැඩි බලශක්ති අර්බුදයක් එන බවට විද්වතුන් දශකයකට අධික කාලයක සිට මත පළකරමින් සිටියත් පාලකයන් ඊට සන්වේදී වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

2035 දී අත්හැර දමන්න සිදුවන නොරොච්චෝල බලාගාරය පවා ඉහළ කොමිස් මුදලකට ආවා හැරෙන්නට නැත්නම් එයින් මීට වඩා ඵලදායීතාවක් ලබන්නට හැකිව තිබූ බව කීවේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ය.

එසේම 2015 ආරම්භයේ අත්හැර දමා තිබූ සාම්පූර් බලාගාරය ජපන් සහයෝගයෙන් නැවත ඉදිකරන්නන්ට උත්සාහයක් ගැනුණත් එයද අසාර්ථක වූයේ පුනර්ජනනීය බලශක්ති සටන් පාඨයක් ඉදිරියට දමමිනි. එවකට ජනාධිපති උපදේශකයකු වූ අශෝක අබේගුණවර්ධන මෙන්ම පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේ ගැන හොදින් දන්නවා නොඅනුමානය. කෙසේ හෝ වේවා ඇමති මණ්ඩල මාරුවෙන් පසුව එයද සිදුවූයේ නැත.

කෙරවලපිටිය LNG බලාගාරය 2 !

අනතුරුව කෙරවලපිටිය LNG බලාගාරය 2ඉදිකිරීම සදහා ටෙන්ඩර් කැදවීමක් සිදුකළ ද එයද ප්‍රශ්න රැසක් හමුවේ කල්‍දැමෙන තත්ත්වයක් මතුවිය. විශේෂයෙන් ජනාධිපති ප්‍රසම්පාදන අභියාචන කමිටුවේ නිර්දේශ මත පවා බලාගාරය ඉදිකිරීමට GCL සමාගමට ලබාදීමට රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පසුබට වූයේ මෙරට බලශක්ති ක්ශේත්‍රයේ ඒකාධිකාරයක් ගොඩනැගීමට වෙරදරන ලක්දනවි සමාගම නිසාය.

කෙසේ වුවත් ඉදිරියේ එන බලශක්ති අර්බුදය දැක අදාල ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට තරම් ධෛර්යයක් නව අමාත්‍ය රවී කරුණානායක වෙත තිබූ අතර ඒ නිසාම ඔහු පසුගියදා අදාල කැබිනට් යෝජනාව ඉදිරිපත් කරනු ලැබිණ.

ලක්දනවි චණ්ඩි !

ඒ සමග දක්නට ලැබුණේ ලක්දනවි සමාගමේ මුදල් සහ දේශපාලන හයියය. මෙරට සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි රැසක් වෙත ලක්දනවි මුදල් යොමුකළ පසුබිමේ අදාල ටෙන්ඩරය GCL සමාගමට ලබාදුනහොත් බැදුම්කර පාඩුවට වඩා බරපතල එනම් රුපියල් බිලියන 90 ක පාඩුවක් වන බව කියා රටම රවටන්න කටයුතු යෙදුණේ ඒ අනූවය. ලක්දනවි සමාගමේ උප සභාපති එහි වෘත්තීය සමිති නායකයා ලෙස ඉදිරිපත්ව ඊනියා මාධ්‍ය සංදර්ශන පැවැත්වූයේ ද ඒ අනුවය. එහෙත් ඔවුන් වරද්දාගත් තැන වූයේ තමන් මිලදී ගනුලැබූ මාධ්‍යට අමතරව තුට්ටු දෙකට නොවිකිණෙන මාධ්‍ය ද මෙරට ඇති බව අමතක කිරීමය. ඊනියා මාධ්‍ය හමුවේදී ඔවුන් රෙදි ගලවා ගත්තේද ඒ අනුවය.

එපමණක් නොව ප්‍රශ්නය කඩිනමින් විසදීමේ අපේක්ෂාව ඇතිව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක කෙරවලපිටිය LNG බලාගාරය 2 ටෙන්ඩරය ට අදාල සියලු පාර්ශව කැදවා පැවැත්වූ විවෘත මාධ්‍ය හමුව අවසන් වූයේද ලක්දනවි සමාගමේ චණ්ඩි ඊට සහභාගී වූ මාධ්‍යවේදීන් ට තර්ජනය කිරීමෙන් පසුවය. ඒ ලංකා විදුලිබල මණ්ඩලය වර්තමානයේ ලබන අධික පාඩුවට අදාල ලක්දනවි සමාගමේ පංගුව ප්‍රශ්න කිරීම නිසාය.

දැන් ඇත්ත තේරෙනවාද ?

කෙසේ වුවත් මේ කෙරවලපිටිය LNG බලාගාරය 2 ඉදිකිරීමේ ටෙන්ඩරයට අදාලව ජනාධිපති සිරිසේන විසින් පසුගියදා අමාත්‍ය අනු කමිටුවක් පත්කල අතර ඒ රවී කරුණානායක , මලික් සමරවික්‍රම , හර්ශ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ය. වාර්තා වන ආකාරයට පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා හැර අනෙක් අමාත්‍යවරුන් අදාල ටෙන්ඩරය GCL සමාගම වෙත ලබාදීම අනුමත කර ඇත. එසේම ඒ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව වෙතින් ද විමසා ඇති අතර එහිදී ද GCL සමාගමට එය ලබාදීම අනුමත කර ඇත.

එපමණක් නොව ටෙන්ඩර් විමසීමකින් තොරව තවත් බලාගාරයක් ඉදිකිරීමට ලක්දනවි සමාගමට ලබාදීමට ඇති හැකියාවද විදුලිබල අමාත්‍යාංශ ලේකම් විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙතින් විමසා ඇති නමුත් ඔවුන් එය නීතිය ට අනුකූල නොවන බව පෙන්වාදී තිබේ. එහෙත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරන්නේ ලක්දනවි වෙත විශේෂ කැබිනට් අනුමැතියක් හරහා තවත් බලාගාරයක් ඉදිකිරීමට දීමේ අපේක්ෂාවක් ඇති බවය.

එහෙත් ලක්දනවි තවමත් සිය බලපුළුවන්කාරකම් ගැන විශ්වාසය තබා අනීතික තර්ජන හරහා මේ කටයුතු අඩාල කිරීමේ නින්දිත උත්සාහය අත්හැර නැත. අද රවී කරුණානායක මඩ කන්නේ ඒ බලශක්ති මාෆියාවට අභියෝග කිරීම නිසාය. මේ මොහොතේ අපි ඒ ගැන අනාවරණය කළේ ලයිට් කැපිල්ල නිසා රවී ට ගැසීම ආතල් වුවත් බලශක්ති මාෆියාවට බය වෙන තැනට දේශපාලන අධිකාරිය පත්වීම ආතල් නැති බව කියන්නය.

 

Comment (0) Hits: 115

රංජන් ජයලාල් සමඟ කෙරවලපිටිය LNG බලාගාරය බලන්න යාම (1 කොටස )

කෙරවලපිටිය LNG බලාගාරය 2 ටෙන්ඩරය නිසි ක්‍රියා පරිපාටියෙන් බැහැරව චීන සමාගමකට ලබාදීම සදහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් රුපියල් බිලියන 90ක අලාභයක් රටට සිදුවන බව දැන් කියන්නේ  ලංකා විදුලි සේවක සංගමයය.

ලක්දනවි නමැති දේශීය සමාගම විසින් විදුලි ඒකකයක් සදහා රුපියල් 14.97ක මිලක් ලබාදී තිබියදී රුපියල් 15.97ක මිලක් ලබාදුන් චීන සමාගම තෝරා ගැනීම මඟින් ටෙන්ඩර් ක්‍රියාදාමයේදී අනුගමනය කල යුතු විදුලිබල පණතේ සදහන් අවම මිල පිළිබඳ නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය වන බව මාධ්‍ය හමුව අමතමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් ජයලාල්  ප්‍රකාශ කළේය.

නමුත් මේ කතාව ඇත්තද? සැබවින්ම මේ කතා කරන්නේ ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පූර්ණ කාලීන සාමාජිකයාද? නැත්නම් ලක්දනවි සමාගමේ සල්ලිද ? වැනි ප්‍රශ්නයකින් මේ මාතෘකාව වෙනතක යොමුකළ හැකි වුවත් අප එතරම් නරුම නැත. ඒ ලංකාවේ බලශක්ති අර්බුදයක් පැවතීම සහ අනාගත අභියෝගය සම්බන්ධව හොඳ අවබෝධයක් අපට ඇති නිසාය.

ඒ අනුව අප මේ  සූදානම රංජිත් ජයලාල් සහෝදරයා සමඟ එකට හිඳගෙන මෙගාවොට් 300ක් වන කෙරවලපිටිය 2 විදුලි බලාගාරය ලක්දනවි වෙත අහිමිවීම සහ ඒ ආශ්‍රිත ගැටළු සහිත කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නටය.

1. අදාළ බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය හිමිවූ සමාගම චීන සමාගමක් නොවේය.  GCL, හැර  windforce සහ Renewgen යන සමාගම් වලින් සැදුම්ලත් සමුහයක් ලෙස දේශීය සමාගම්ද ඒ තුළ ඇත. West Coast Power (WCP) සමාගමේ සිට ලක්දනවි, දක්වාත් ඒ තුළ රාජ්‍ය හිමිකාරීත්වයට අත්වූ ඉරණමත් රංජිත් සහෝදරයා දන්නවා විය යුතුය. ලාභ බෙදීයාම ගැනද සොහොදරයා නොදැන සිටින්නට නොහැකිය.  සහෝදරයා ඒ ගැන දන්නේ නැත්නම් වෙනම ඒ ගැන කතා කරන්න අපට පුළුවන. දැනට සහෝදරයාට කියන්න ඇත්තේ ලක්දනවි ඇතුළු මේ බලශක්ති සමාගම් ලබන ලාභ වලින් රජයට ලැබෙන කජ්ජක් නැති බවය. එය කිහිපදෙනෙකුගේ බැංකු ගිණුම් පෝෂණයට පමණක් සීමාවී ඇති බවය.

2. මෙම ටෙන්ඩරය GCL, windforce සහ Renewgen යන සමාගම්වලින් සැදුම්ලත් සමුහයට ලබාදෙන පළමු අවස්ථාවේ සිට අඩුම ලංසුව තැබූ පාර්ශවයට එය ලබානොදීම සහ රුපියල් බිලියන 90ක පාඩුවක් සිදුවන බවට චෝදනාව එල්ල විය. ඒ  ප්‍රසම්පාදන අභියාචන ජනාධිපති කමිටුව පවා  මෙම ටෙන්ඩරය GCL වෙත ලබාදීමට නියම කල පසුබිමකය. ඒ විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය කටයුතු කල අවධියේය. නමුත් ලක්දනවි හයිය හමුවේ සහ යහපාලන ආණ්ඩුව අවසන්වීම නිසා අදාළ ව්‍යාපෘතිය ඉදිරියට යාම වැළකිණ.

3. නැවත මෙය කරලියට එන්නේ බලශක්ති අවශ්‍යතාව සැළකිල්ලට ගෙන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක විසින් සියඹලාපිටිය අමාත්‍යවරයා නැවැත්වූ තැනින් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගැනීමත් සමඟය.

4. බලශක්ති මාෆියාව එහිදී සිය මෙහෙයුමේ නම   "බැඳුම්කරයටත් වඩා පාඩුවක්" වෙනස් කරන්නේ ඇමති රවී බය කරන්නටය. ඒ ඔහු කොහෙවත් යන බැඳුම්කර ගනුදෙනුවේ චෝදනාවක් තම කරපිට තබාගෙන යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ නිසාය. ඇමති රවී පක්ෂය හෝ ආණ්ඩුව වෙනුවෙන් කරගත් ඒ දේශපාලන දිවිනසා ගැනීම යළි ඔහුට එරෙහි අවියක් කරගන්නා නරුම තැනකට ලක්දනවි සමාගම තල්ලු වුයේද නිකං නොවේය. ඒ නරුම දේශපාලන විසින්  බැඳුම්කර ප්‍රශ්නය හිඟන්නාගේ තුවාලයක් බවට පත්කරගෙන ඇති නිසාය. ඇමති රවීට අදාළව නම් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසම පවා ඔහුට එරෙහිව චෝදනා සිදුකර නොමැත. 

5. ඒ නිසා මේ ප්‍රශ්නයේදී බැඳුම්කර හුට පට ඇතැම් මාධ්‍ය යාචකයන්ට අදාළ නමුත් අපට අදාළ නැත. අපට අදාළ මේ කියන පාඩුව සැබවින්ම සිදුවන්නක්ද යන්නය. 

6. කෙසේ වුවත් ඇමති රවී මෙගාවොට් 300 කෙරවලපිටිය LNG බලාගාරය ඉදිකිරීමට අදාළ ටෙන්ඩරයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමත් සමඟ   ලක්දනවි බලශක්ති මාෆියාව දියත් කල මාධ්‍ය මෙහෙයුම තාර්කික වුයේ "බැඳුම්කර නම් හිඟන තුවාලය" ඒ ඉදිරියේ තැබුණු නිසාය. ඒ හමුවේ  ජනාධිපති සිරිසේන වැදගත් තීන්දුවක් ගත්තේය. අදාළ කැබිනට් පත්‍රිකාවට අදාළ අමාත්‍ය අනුකමිටුවක් පත්කරමින්ය. එසේම අදාළ ටෙන්ඩරය අඩු මිලක් ඉදිරිපත් කල ලක්දනවි වෙත නොදී GCL වෙත දීම ගැන පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද අමාත්‍ය මණ්ඩලයට ලියවිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

7. ඒ අනුව පත්කළ අමාත්‍ය අනු කමිටුව නියෝජනය කළේ රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම සහ හර්ෂ ද සිල්වාය. මේ වන විට අපට ලැබී ඇති තොරතුරු වලට අනුව නම් ඇමති පාඨලී හැර අනෙක් කමිටු සාමාජිකයන් මේ ටෙන්ඩරය නිකුත් කිරීම නියමාකාරව සිදුව ඇති බව සහතික කර ඇත.

8. ඒ ඇමති අනුකමිටු තීරණය බලාත්මකවීමට පෙර ලක්දනවි සමාගම මෙකී ටෙන්ඩරය ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නටද කටයුතු කර තිබේ. 

9.  එම අධිකරණ ක්‍රියා මාර්ගය ලක්දනවි සමාගම ගෙන ඇත්තේ තවත් බලාගාරයක් ඉදිකිරීමේ අවස්ථාව ලක්දනවි වෙතද ලබාදෙන බව අමාත්‍යංශය ප්‍රසිද්ධියේ පොරොන්දුවී තිබියදීය. එසේ වුවත්  ලක්දනවි සමාගමේ  අපේක්ෂාව මේ ප්‍රශ්නගත බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව කෙසේ හෝ ලබා ගැනීමට වඩා එහා ගිය එකක් බව පැහැදිළිය. නැතිනම් අපට නැත්නම් කාටවත් මේක යන්න බෑ වැනි තර්කයක්ය. 

10. පළමුව ටෙන්ඩර් ජිල්මාට් හරහාද, පසුව අභියාචනා සහ මාධ්‍ය මාෆියාවක් කොට ගනිමින් ඔවුන් මීට මැදිහත් වුයේය. අනතුරුව සමාගමේ වෘත්තීය සමිතියක්  කියා ගනිමින් මාධ්‍ය සංදර්ශනයක් කරන්නට ගොස් හතර අතේ ඇන ගත්තේය. ඒ ප්‍රෝඩාව කොතරම් වුවාද නියනවා නම් මේ අපුරු වෘත්තීය සමිතියේ ප්‍රධානියා සමාගමේ උපසභාපති වීමය. එහි සිටි අනෙක් නියෝජිතයන් අතර සිටියේද සමාගමේ ඉහළම වගකිව යුතු නිලධාරීන්ය. 

පසුව විදුලිබල විෂය භාර අමාත්‍යවරයා මේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් මාධ්‍ය වලට පවා  විවෘත සාකච්ඡාවක් කැඳවූ අතර ඒ අවසන් වුයේ ලක්දනවි ලොක්කන් ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත තර්ජනය කරමින්ය. ඔවුන් එහිදී සීමාව ඉක්මවා ගියේ මිලදීගත් මාධ්‍ය හැරුණු විට තවත් මාධ්‍ය වෙත නිරාවරණය වූ නිසාය.

වැඩ රාජකාරි සහ දේශපාලන කටයුතු හේතුවෙන් රංජන් ජයලාල් සහෝදරයා මේ ගැන නොදන්නවා විය හැක. ඒ නිසා බැඳුම්කර පාඩුවට එහා ගිය රුපියල් බිලියන 90ක පාඩුවක් ගැන ඇසු විට "හනේ හපෝ" හැගීමෙන් මේ ප්‍රශ්නයට කඩා පැන්නා විය හැක. එහෙත් දැනට අපට කියන්ට ඇත්තේ සහෝදරයා දිරවගන්න බැරි තරම් ලනුවක් ගිලිමින් සිටින බවය. එසේම බලශක්ති මාෆියාවේ ටෙන්ඩර් ගේමක සහෝදරයා ද කොටස් හිමියෙකු වී ඇති බව පමණය.

මේ ලියමන මෙතැනින් අවසන් නොවන්නේ හෙට ඒ ගැන ලියන්නට ඇති නිසාය. සහෝදරයා එතෙක් ඉවසීමෙන් "වෘත්තීය සමිති වගකීම කුමක්ද?" යන්න නැවත කියවන්න. 

Comment (0) Hits: 213

ඇත්ත කියන හොරා කවුද ? : මේ ප්‍රශ්න පත්‍රය සම්පත් බැංකුවට !

සම්පත් බැංකුවේ සිදුව ඇති බව කියන මුදල් වංචාවක් ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක වාර්තා කර තිබූ නමුත් අප සිදුකළ විමර්ශනයකදී අනාවරණය වන්නේ පියවීමට නොහැකිව ඇති රුපියල් මිලියන 100කට ආසන්න ණයකින් ගැලවීමේ උත්සාහයක් ඒ පිටුපස තිබෙන බවය.

නියමිත ක්‍රමවේදයට පරිභාහිරව හිතවතෙකුට රුපියල් මිලියන 100 කට අධික ණය නිකුත් කිරීමට මැදිහත්වූ සම්පත් බැංකුවේ ඉහළම නිලධාරියෙකු මේ වන විට එහි වරද පහළ ශාකා නිලධාරීන් කිහිපදෙනෙකු පිට පවරා නිදහස් වෙන්නට උත්සාහ කරන බවත් මූල්‍ය වංචාවක් ගැන කියමින් මේ ගැන පැමිණිල්ල සිදුකර ඇති පුද්ගලයා එනම් කැලුම් හර්ෂ කමල් වීරසිංහ නැමැත්තා අදාළ ණය මුදල ගෙන ගෙවීමට නොහැකිව සිටින පාර්ශවය ලෙසද තොරතුරු වාර්තා වී තිබේ.

සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් යොදාගෙන මේ සඳහා ප්‍රචාරයක් දියත්කරන්නට ද මේ පිරිස් කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් බැංකුවේ කීර්ති නාමයටද දැඩි හානියක් සිදුව තිබේ.

එපමණක් නොව මේ වන විට මේ සම්බන්ධව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ගයක් ද සිදුවෙමින් පවතී.

කෙසේ වුවත් දැනට මේ සම්බන්ධව පවතින්නේ ඒකපාර්ශවික වාර්තාකරණයක් පමණි. එනිසා මේ ගැන අප කළ විමර්ශනයක සැකසහිත කරුණු කිහිපයක් ප්‍රසිද්ධ කරන්නට තීරණය කළෙමු.

මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයමුද ?

1. කැලුම් හර්ෂ කමල් වීරසිංහ නැමැත්තා සම්පත් බැංකුව සමඟ ගනුදෙනු ආරම්භ කරන්නේ කවදාද?

2. ඒ 2015 වසරේ නොවේද?

3. 2015 මාර්තු මාසයේ දිනක සම්පත් බැංකුවේ ගිණුමක් ආරම්භ කරන දවස වන විට ඊට අදාළ ශාකාවේ කළමනාකරුව කැලුම් වීරසිංහ දැනසිටියාද ?

4. එසේත් නැත්නම් කැලුම් වීරසිංහ යන ගනුදෙනුකරුවා බැංකුවට හඳුන්වා දුන්නේ සම්පත් බැංකුවේ එවකට සිටි ඉහළ නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් නොවේද ?

5. කැලුම් වීරසිංහ යන අය සම්පත් බැංකුවේ ගිණුමක් ආරම්භ කළ පළමු දිනයේ තැම්පත් කළ මුදල කොපමණද ?

6. ගිණුම ආරම්භ කළ දිනයේම කැලුම් වීරසිංහ ලබාගත් බැංකු අයිරාව කොපමණද ?

7. නිදසුනක් ලෙස බැංකුවේ ගිණුමක් ආරම්භ කල පළමු දිනයේ එහි රුපියල් 10, 000.00 (රුපියල් දසදහසක්) තරම් මුදලක් තැම්පත් කළ අයෙකුට එදිනම රුපියල් මිලියන 20ක් තරම් බැංකු අයිරාවක් ලබාගත හැකිද?

8. මේ මුදල හෝ ඊට ආසන්න මුදලක් බැංකුවේ නියමිත ක්‍රියාවලියට පරිභාහිරව නිකුත් කලේ කාගේ මැදිහත්වීමෙන්ද? මෙලෝ හසරක් නොමැතිව කිසිඳු මානුෂික බවක් නොමැතිව මාධ්‍ය ආචාරධර්ම පවා උල්ලංඝනය කරමින් "සම්පත් බැංකුවේ මූල්‍ය වංචාව සහ එහි සැකකරුවන්" ලෙස නම් හෙළිකළ කිසිවෙකුට මෙතරම් මුදලක් "බැංකු අයිරාවක්" (OD ) ලෙස බැංකුවේ සීමා මායිම් ඉක්මවා ලබාදිය හැකිද?

9. එසේනම් මේ කැලුම් වීරසිංහගේ පළමු බැංකු ගනුදෙනුව තුළ බැංකුවේ සීමා මායිම් වලින් පරිභාහිරව ඔහුට ඒ පහසුකම් සපයන්නට මැදිහත්වූයේ කවුද ?
10. ඒ පාර්ශවය තවත් මෙවැනිම ගනුදෙනු සඳහා කැලුම් වීරසිංහ වෙත බැංකු ණය පහසුකම් ලබාදෙන්නට මැදිහත්ව තිබෙනවාද?

11. එපමණක් නොව "සම්පත් බැංකුවේ සිදුවූවා කියන මහා මූල්‍ය වංචාව" ගැන පැමිණිලිකාර පාර්ශවයම කියන ගනුදෙනුව සිදුව ඇත්තේ 2017 වසරේ පෙබරවාරි 06 නම් ඊට අදාළ පැමිණිල්ල සිදුකිරීමට 2018 වසරේ ඔක්තෝබර් දක්වා කාලයක් ගතකළේ ඇයි ?

12. තම ගිණුමට අදාළ බැංකු වාර්තා එනම් ගනුදෙනු සම්බන්ධව SMS, ඇතුළුව බැංකු වාර්තා මාස් පතා එන බැවින් තම ගිණුම ආශ්‍රිත ගනුදෙනු සිදුවනවා නම් ඒ කිසිවක් ගැන කැලුම් වීරසිංහ නොදැන සිටියාද?

13. කැලුම් වීරසිංහ මහතා සම්පත් බැංකුවට ගෙවීමට ඇති ණය මුදල කොපමණද ?

14. ඒ ණය මුදල ගෙවා අවසන් කළහොත් "ඔය කියන වංචාව" නිසා බැංකුවට අහිමිවන මුදල කොපමණද?

අප මේ සැකසහිත කරුණු ඇතුළත් ප්‍රශ්නාවලිය මෙසේ අනාවරණය කර සිටියේ දැනට මේ ගැන ලියු කියූ ඔස්තාර්ලට මෙන්ම කැලුම් වීරසිංහ සමඟ ඇති පෞද්ගලික අමනාපයක් නිසා නොවේය. මේ අනාවරණය සිදුකරන්නේ සිදුවීම සම්බන්ධව විමර්ශනය කරන උදවියට මෙන්ම මේ ගැන උනන්දුවක් දක්වන කාගේ කාගේත් අවධානය සඳහාය. ඒ මතුපිටින් පෙනෙනදේ පමණක් නම් ඇත්ත විද්‍යාවක් අනවශ්‍ය නිසාය. එනිසා මහත්වරුනි, මේ ප්‍රශ්න සඳහා ද පිළිතුරු සොයමින් විමර්ශන පෙරට ගන්න. වැරදි කළා නම් දඬුවම් විඳිය යුත්තේ අප දකින, අප පතන හෝ සිතන කෙනා නොව සැබෑවටම වරද සිදුකල පාර්ශවයය.

ඉවසන්න මහත්වරුනි, ප්‍රශ්න පත්‍රයෙන් කතාව අවසන් නැත.

 

Comment (0) Hits: 256

මහවැලි උපදේශක සේවා සමාගම ‘සාරෙට ඇති මගුල’ කොල්ල කන ජනපති !

‘කරන්න බැරි නම් වහලා දාපන් බං’ කියන්නේ මළගෙදරක සාරය අඩු වූ විටය. ඒත් සාරය උපරිමයෙන් තිබෙන වෙලාවක මළගෙදරක් හෝ වහලා දමන්නට කියන්නේ නැත. ඒ සාරයට ඇති උපන්ගෙයි ලෝබකමය. ඒත් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හොඳ  සාරයට ඇති මගුල් ගෙදරක් වහලා දමන්නට කියන්නේය. ඒ මගුල වහලා දමන්නට හොර පාරෙන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන්නට සැලසුම් හදන්නේය.
 
මේ කියන්නේ මහවැලි උපදේශක සේවා කාර්යාංශය පෞද්ගලික සමාගම ගැන ය. මේ සමාගම කියන්නේ ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති සාරයට තිබෙන මගුල් ගෙදරකි. ‘කරන්න බැරි නම් වහලා දාපන්’ මොඩලයේ පාඩු ලබන රජයේ ආයතන රැුසක් තිබියදී, මේ ආයතනය ලාභ ලබන්නේය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ හෙංචයියන් විසින් මුදල් ගසාකමින්, ආයතනයේ දේපොළ වලින් පෞද්ගලික ව්‍යාපාර කරමින් තිබියදී පවා ආයතනය ලාභ ලබන්නේය. එසේ නම් මොකක්ද මේ මගුල වහලා දමන්නට සිරිසේනට තිබෙන හදිස්සිය...?
 
කාගේද මේ හදිස්සිය !
 
හොරා කෑ තමන්ගේ හෙංචයියන් සහ තම-තමන්ගේ ගිණුම් වලට ඒ හොර පාරවල් වලින් ආ මුදල් බේරාගන්නටය, මේ හදිස්සිය. රජයේ අනුමත ක‍්‍රමවේද යටතේ ඉදිකිරීම් කිරීම මෙන්ම ඉදිකිරීම් කටයුතු සඳහා උපදේශන සේවා සැපයීමද මේ මහවැලි උපදේශක සේවා කාර්යාංශය මගින් සිදු කරයි. කැබිනට් පත‍්‍රිකාවක් මගින් ආරම්භ කර ඇති මේ ආයතනය, ශුද්ධ ලාභ ලැබූ රජයේ ආයතනයකි. තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු ලොකු සහෝදරයන් සියල්ල කෝටි ගණනික් පාඩු ලබන විට, මේ පොඩි සහෝදරයා භාණ්ඩාගාරයෙන් සතයක්වත් නොගෙන ආයතනයේ සියලූ වියදම් පියවා ගත්තේය. ඉන්පසු භාණ්ඩාගාරයට හැකි පමණින් මුදල්ද දුන්නේය. හැකි පමණින් යනුවෙන් ලිව්වේ ඒවා මහා ලාභ නොවන නිසාය. 2017 වසරේ ආයතනයේ ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ 21 කි. 2016 වසරේ එය රුපියල් ලක්ෂ 64 කි. 2015 වසරේ ආයතනයෙන් භාණ්ඩාගාරයට ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ 7 කි. 
 
උමා ඔයේ අවතාරය !
 
මහවැලි අධිකාරියේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ, වාරිමාර් දෙපාර්තමේන්තුවේ, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉදිකිරීම් කොටසක් මව් කොන්ත‍්‍ර‍්‍ර‍්‍රාත්කරු ලෙසද, තවත් කොටසක් උප කොන්ත‍්‍රාත්කරුවන්ට ලබාදෙමින්ද මේ පොඩි සහෝදරයා තමන්ගේ මගුල සාරවත් කරගෙන ඇත. කෑගල්ල, යටිමාන සහ යාන් ඔය ජලාශ ඉදිකිරීමට අදාළ පරිසර තක්සේරු වාර්තා සකස් කරන්නේද මේ සමාගමයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කඩිකුලප්පුව නිසා දින තුනක් තුළ කිසිදු පිළිගත් ක‍්‍රමවේදයක් අනුගමනය නොකරමින් සිදු කළ උමා ඔය ව්‍යාපෘතියට අදාළ නව පරිසර තක්සේරු වාර්තාව සකස් කරන්නේද මේ සමාගම මගිනි. ඔවුන් මහා ශුද්ධවන්තයන් ලෙස හැඳින්වීමට අපට අවශ්‍යතාවයක් නැත. එහෙත් සාපේක්ෂව ඔවුන් රජයේ මහා පරිමාණ ආයතන නම් ලොකු සහෝදරයන් ගොඬේ ආදර්ශමත් පොඩි සහෝදරයකු ලෙස කටයුතු කර ඇත.
 
ආයතනය වසා දැමීමේ පිටපතේ මුල් කොටස ! 
 
මෙසේ කරුණු කාරණා පෙළගැසෙමින් තිබියදීය, ආයතනය වසා දැමීමේ පිටපතේ මුල් කොටස කරළියට පැමිණෙන්නේ. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ හීනය ලෙස හඳුන්වන මොරගහකන්ද ජලාශයේ වේල්ලට ඉහළින් වම් පස නිශ්චිත ඉදිකිරීම් දෙකකට අනුමැතිය ලැබී තිබිණි. ඒ ජනාධිපති මන්දිරයක් සහ නැරඹුම් මධ්‍යස්ථානයකි. ජනාධිපති මන්දිරය සඳහා රුපියල් මිලියන 80 ක මුදලක් සහ නැරඹුම් මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 120 ක මුදලක් තක්සේරු කර තිබිණි. මව් කොන්ත‍්‍රාත්කරු සහ උපදේශනය මහවැලි උපදේශක සේවා කාර්යාංශය යටතේ තබාගෙන, ඉදිකිරීම් පිටට ලබාදීමට තීරණය කෙරිණි. ඒ අනුව ටෙන්ඩර් කැඳවීම් ඇතුළු නියමිත ප‍්‍රසම්පාදන කාර්යයන් සිදු විය යුතුව තිබිණි. එහෙත් ජනාධිපතිවරයාගේ හෙංචයියන් ලෙස ආයතනය කඩා වැට්ටවීමේ ‘භාරධුර කාර්යභාරය’ ඉටු කරමින් සිටි මහවැලි අමාත්‍යංශයේ ලේකම්වරයා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කාර්යාංශයේ සභාපතිවරයා තනි කැමැත්තට, කිසිදු ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියකින් තොරව ස්ටාර් කන්ස්ට‍්‍රක්ෂන් නම් ආයතනයට ඉදිකිරීම් පවරනු ලැබිණි. මේ කියන කාර්යාංශ සභාපති කියන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පෞද්ගලික වෛද්‍යවරයාය. සාමාන්‍යයෙන් කොන්ත‍්‍රාත්තුවක් පැවරීමෙන් පසු දින 14ත් 21ත් අතර කාලයකදී කොන්ත‍්‍රාත්තු වටිනාකමෙන් සියයට 20 ක් ඉදිකිරීම් සමාගමට ලබාදීමේ ක‍්‍රමවේදයක් තිබේ. ඒ අනුව ස්ටාර් කන්ස්ට‍්‍රක්ෂන් ආයතනයට අදාළ මුදල ලැබිණි. එහෙත් ඒ රුපියල් මිලියන 35 ක් වැඩියෙන්ය. එසේම මෙවැනි අත්තිකාරමක් ලබාදීමේදී බැ`දුම්කර ගිවිසුමකට අත්සන් ලැබිය යුතුය. එහෙත් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් හර්ෂ සමරවීර ලිඛිතව දන්වා ඇත්තේ මේ ඉදිකිරීම් සමාගම සමග එවැනි ගිවිසුමක් ගැසීම අවශ්‍ය නොවන බවයි. කොහොමද විශ්වාසයේ තරම...?
 
ලස්සන තෑග්ගක් !
 
අදාළ ඉදිකිරීම් වල කටයුතු අඩක්වත් අවසන් නොකර තිබියදී, ඉදිකිරීම් සමාගමේ නොහැකියාව උලූප්පා දක්වමින් ස්ටාර් කන්ස්ට‍්‍රක්ෂන් එයින් ඉවත් කෙරිණි. හරියටම කියන්නේ නම් ඔවුන්ට රුපියල් මිලියන 35 ක තෑග්ගක් ලබාදීමෙන් පසු, යන්න කීවේය. ඒ රුපියල් මිලියන 35, එනම් ලක්ෂ 350 කොටස් ආයතන ලොක්කන් ළඟට මෙන්ම ලොකු ලොක්කා ළඟටද  ගිය බවක් හෙළිවෙමින් තිබේ. ඒ කතාව පස්සට ය.
 
තාත්තාගේම දුව !
 
ඉන්පසු කොන්ත‍්‍රාත්තුව ගියේ ජනාධිපතිවරයාගේ දියණියක වන ‘අති විශිෂ්ඨ ව්‍යාපාරිකා සම්මානයෙන් පිදුම් ලැබිය යුතු’ චතුරිකා සිරිසේනගේ හිතවත්කම් ඇති පුබුදු කන්ස්ට‍්‍රක්ෂන් නම් සමාගමටය. ඒ පැවරීම සිදුවන්නේද තාක්ෂණ කමිටු, අමාත්‍යංශ කමිටු ඇතුළු විධිමත් ක‍්‍රමවේද වලින් බැහැරවය. නීතිවිරෝධී ලෙස හෝ ලබාගත් කොන්ත‍්‍රාත්තුව ඔවුහු දැන් ක‍්‍රියාත්මක කරමින් සිටිති. එතකොට අර ලක්ෂ 350ට මොකද වෙන්නෙ...?
වැඬේ තරමක් වණ වීගෙන එන බව දුටු නිසා වසා දමා ඇති ස්ටාර් කන්ස්ට‍්‍රක්ෂන් සමාගමෙන් මහවැලි උපදේශක සේවා කාර්යාංශ පෞද්ගලික සමාගම් ගිණුමට හදිසියේම රුපියල් මිලියන 15 ක් බැර කෙරිණි. පෞද්ගලික බැංකුවක් හරහා මේ මුදල් තැන්පත් කර ඇත. මෙවැනි අතිවිශාල මුදලක් බැර කිරීමේදී අදාළ රිසිට්පතේ හේතුවක් සඳහන් කළ යුතුය. එහෙත් මෙහි එවැනි පිළිගත හැකි හේතුවක් සඳහන් කර නැත. ඉතිරි රුපියල් මිලියන 20, එනම් ලක්ෂ 200 ගැනද හාවක් හූවක් නැත. මේ මූල්‍ය අක‍්‍රමිකතා සියල්ල හමුවේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයද ඉල්ලා අස් වී තිබේ. එතකොට මොකක්ද මේ වහන්න යන කතාව...?
 
හෙංචයියන්ගේ රාජකාරිය !
 
මේ සල්ලි කතාව එළියට ඒම වැළැක්වීම සඳහා ය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් තමන්ගේ හෙංචයියන් සමග මේ ආයතනය වසාදැමීමට පිඹුරුපත් සකසමින් සිටින්නේ. ආයතනයේ කාර්යමණ්ඩලයට කිසිදු ගැටළුවක් ඇති නොවන බවටත්, ඔවුන්ට රජයේ වෙනත් ඉදිකිරීම් සම්බන්ධ ආයතනවලටත්, මහවැලි අධිකාරියටත් අනුයුක්ත කළ හැකි බවට යෝජනා ඉදිරිපත් වී තිබේ. එවිට සේවක විරෝධයත් මැඩපැවැත්විය හැකිය. කිසිවකුට රස්සා නැතිවන්නේ නැත. නැති වන්නේ කිහිපදෙනකුගේ සාක්කු වලට ගිය ජනතා මුදල් පමණකි. ඒ ජනතාව කිරි පිටි පැකට්ටුවට, සීනි, පරිප්පු ටිකට ගෙවූ බදු සල්ලිය.
 
මේ සියල්ල සිදු වන විට කුරුණෑගල, වඳුරාපීනු ඇල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන කටයුතු මහවැලි උපදේශක සේවා කාර්යාංශ පෞද්ගලික සමාගමට භාර කෙරිණි. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ය. ඉන්පසු සභාපතිවරයා විසින් ජලසම්පාදනයට දැනුම් දී ඇත්තේ ආයතනය වසා දැමීමට විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති නිසා අදාළ කටයුතු සිදු කළ නොහැකි බවයි. එහෙත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරන්නේ විගණකාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එවැනි නිර්දේශයක් කර නැති බවයි. එසේ නම් කූඨ ලේඛන සැකසීමේ වරදට වහාම සභාපතිවරයා අත්අඩංගුවට ගත යුතුය.
  
මහවැලි සහ පරිසර විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මේ කරන්නට හදන්නේ අර කියූ රුපියල් ලක්ෂ 200 ඇතුළු අනෙකුත් මූල්‍ය වංචා යටගැසීමය. ඒ සඳහා  තමන්ට පැවරී ඇති බලය අවභාවිත කරමින් කැබිනට් පත‍්‍රයක් ඉදිරිපත් කරන්නටය, ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රැළ දඟලන්නේ.
 
සාරෙට ඇති මගුලක්, කරන්නට බැරි අවමගුලක් ලෙස පෙන්වීමේ ජනාධිපතිවරයාගේ මේ උත්සාහය පරාජය කළ යුතුය. මේ මංකොල්ලයකි. මංකොල්ලකරුවන්ට විරුද්ධව වහාම නීතිමය පියවර ගත යුතුය. කොහොමත් කරන්නට බැරි ඔක්කොටම දැන් යන්නට කාලය හරි ය.
 
1
2
03
4
5
6
07
7jpg
8
 
පරාක‍්‍රම දිසානායක      
Comment (0) Hits: 295

ඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂවලට වස !

දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සදහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර, ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි තොග නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය වේ.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ සමීපතමයකු විසින් පවත්වාගෙන යන එස්.බී.එම්. ලංකා ට්‍රේඩින් සමාගම මගින් පසුගිය මැයි මාසයේ සිට මේ තොග ගෙන්වීම ආරම්භ කර ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මේ වන විට මෙම ශරීරයට අහිතකර සෝයා බෝංචි කන්ටේනර් පෙට්ටි 55 ක් ගෙන්වා තිබේ. එයින් පෙට්ටි 40 ක් ව්‍යාජ රබර් මුද්‍රා යොදා පිටතට ගෙන ගොස් ඇත. මෙසේ නීතිවිරෝධී ලෙස නිදහස් කරගෙන ඇති සෝයා බෝංචි තොගයේ වටිනාකම රුපියල් කෝටි 11 කට ආසන්න ය. මෙයින් රුපියල් කෝටි 4 කට ආසන්න බදු ආදායමක් රේගුවට අහිමි වී තිබේ.

මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා යොදාගත හැක්කේ මෙරට නිෂ්පාදිත සෝයා බෝංචි තොග පමණි. ඒවාටද යෙදිය හැකි රසායන ද්‍රව්‍ය සීමා කර ඇත. මෙරට සෝයා බෝංචි අස්වැන්න අඩු වුවහොත් පමණක් විදේශ රටකින් අනුමැතිය ලබා දෙන තොගයක් අණ ගෙන්විය හැකිය. එහෙත් එම තොගයේ ජාන වෙනස් කර නැති බවත්, ඊට යොදා ඇති රසායන ද්‍රව්‍ය පිළිබදවත් අදාළ තොගය ගෙන්වන රටින් විශේෂ සහතිකයක් ලබාගත යුතුය. නීතිවිරෝධී ලෙස ගෙන්වා ඇති මෙම සෝයා බෝංචි තොග වලට එම සහතික කිසිවක් නැත. එසේ තිබියදී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා විසින් ලිඛිතව රේගුවෙන් ඉල්ලා ඇත්තේ මෙම නීතිවිරෝධී සෝයා බෝංචි තොග නිදහස් කරන ලෙසය.

සෝයා බෝංචි තොග මෙරටට ගෙන්වීම සදහා එක් ආනයනකරුවකු පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අතර, එම ආනයනකරුටද සෝයා බෝංචි ගෙන්විය හැක්කේ සෝයා තෙල් නිෂ්පාදනයට පමණි. මෙරට විකිණීමට හෝ වගා කිරීමට සෝයා බෝංචි ගෙන්වීම සපුරා තහනම් ය.

එසේ තිබියදී අදාළ නීතිවිරෝධී සෝයා බෝංචි තොග ඉන්දියාවෙන් සහ මොසැම්බික් රාජ්‍යයෙන් ගෙන්වා ඇති අතර, මොසැම්බික් රාජ්‍යයෙන් ගෙන්වා ඇති එක තොගයක ඉන්වොයිසියේ පැහැදිලිව සදහන් කර ඇත්තේ බීජ ලෙස ය.

මේ තොගය ගෙන්වා ඇති සමාගමේ ලිපිනය වන්නේ 166/2 G, ඇල්විටිගල මාවත, කොළඹ 08 ය. එහෙත් මේ ලිපිනයේ එවැනි සමාගමක් නැත. සමාගමේ දුරකතන අංකය ලෙස සදහන් වන 0114 721020 අමතා මේ පිළිබද විමසීමට උත්සාහ කළද, එම අංකයට කිසිවකු පිළිතුරු දුන්නේ නැත.
වසරේ අවසාන කාලයේදී මෙරට සෝයා බෝංචි අස්වනු නෙළීම සිදු වේ. එම නිසා සාමාන්‍යයෙන් මේ කාලයේදී කිසිදු හේතුවක් මත සෝයා බෝංචි ආනයනය කිරීමට ඉඩ නොදෙන බව මේ පිළිබදව කළ විමසීමකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මේ වන විට නීතිවිරෝධී ලෙස ගෙන්වූ තවත් සෝයා බෝංචි කන්ටේනර් පෙට්ටි 15 ක් රේගුවේ රදවා ඇති අතර, එම තොග නිදහස් කරගැනීම සදහා ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවත්, මේ නීතිවිරෝධී තොග වලට අදාළ විමර්ශන නතර කරන ලෙස තර්ජන එල්ල වෙමින් පවතින බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

(ශාලික විමලසේන)

Comment (0) Hits: 194

මහින්ද සිරිසේනගේ උගුලට පැන්නේ : ප්‍රජා අයිතිය රැකගන්න : මෙන්න සාක්ෂි !

නඩුවලට බයේ ආණ්ඩුව බාරගෙන ඇති බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමන්ත්‍රණ ආණ්ඩුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.

ඒ නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (06) පැවැති උත්සවයකදී  මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය.

එහෙත් ඇත්ත එය නොවේය. ඊට කදිම සාක්ෂිය සපයන්නේ රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බරපතල වංචා, දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවයි.

එහි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට මුදල් නොගෙවීම සහ අලාභ කිරීම සම්බන්ධ පෙත්සම (PCI /95/2015) ට අදාළව එකී අක්‍රමිකතාවට හා වගකිව යුතු පාර්ශවයක් වන  පර්සි මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කලයුතු බව ජනාධිපති කොමිසම පැහැදිළිව යෝජනා  කර ඇත. එසේම ඒ වෙනුවෙන් වන නෛතික ප්‍රතිපාදනද පැහැදිළි කර ඇත.

මෙම පෙත්සමට අදාළව වගකිවයුත්තන් ලෙස චෝදනා ලැබූ පාර්ශව 6ක් නම් කර ඇත.

ඒ, 1. හේවගේ අනුර සිරිවර්ධන, 2. විජේසිංහ පණ්ඩිතගේ අරුණ මුර්ති විජේසිංහ,3. ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත් , 4. දිලීප් ප්‍රියන්ත වික්‍රමසිංහ, 5. කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, 6. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ය.

ඔවුන්ට ඇති චෝදනා වන්නේ,

1. පුරප්පාඩු නොමැති අවස්ථාවක අනුර සිරිවර්ධන ITN මාධ්‍ය ජාලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අක්‍රමවත්ව පත්කිරීම.

2. මීඩියා ෆැක්ටරි ආයතනයෙන් නිකුත් කළ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයාට අයත් රුපියල් 101,773,058.00 වටිනා දැන්වීම් නොමිලේ පළකිරීම හරහා ITN වෙත මුල්‍ය පාඩුවක් සිදුකිරීම.

3. මීඩියා සොලූෂන් ආයතනයෙන් නිකුත් කල ආයතනයෙන් නිකුත් කළ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයාට අයත් රුපියල් 2,467,812.00  වටිනා දැන්වීම් නොමිලේ පළකිරීම හරහා ITN වෙත මුල්‍ය පාඩුවක් සිදුකිරීම.

4. මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයාගේ රුපියල් 8,863,768.00 ක් වටිනා දැන්වීම් වික්ටරි ඇඩ්වර්ටයිසින් ආයතනයෙන් ලබාගෙන පළනොකර නැවත ලබාදීම හරහා ITN මාධ්‍ය ජාලයට පාඩු කිරීම.

5. rate card වෙනස් කර එනම් සිරිසේන අපේක්ෂකයාට නියමිත ගුවන් කාලයට දෙගුණයක මුදලක් අයකරන අතර මහින්ද ට ඊට අඩු මුදලක් අයකිරීම හරහා රුපියල් 112,904,638.00 ක පාඩුවක් ITN වෙත සිදුකිරීම ය.

සිරිසේනගේ ප්‍රෝඩාව පැහැදිළියි !

ඒ අනුව යහපාලන ආණ්ඩුවේ දුෂණ ගැන කියමින් මහින්ද රාජපක්ෂව නැවත අගමැති කිරීම සම්බන්ධව සිරිසේන ජනාධිපති කියන කතාවද අමුම අමු ප්‍රෝඩාවක් බව තහවුරු වෙයි.

කොහොමටත් ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයක් දියත්කල සිරිසේන - මහින්ද හවුල මේ වන විටත්  රෙදි නැතුවම සිටින පසුබිමේ ඒ ගැන අලුතෙන් ලියන්නද දෙයක් නැත. නමුත් අප මේ තොරතුරු අනාවරණය කර සිටින්නේ ජනතාව මේ ගැන දත්ත සහිතව දැනුවත්ව සිටීම වැදගත් වන නිසාය. 

පහත දැක්වෙන්නේ මෙම චෝදනා ලැබූ පාර්ශවයන්ට අදාළ ජනාධිපති කොමිසම නිකුකළ නිර්දේශය.

Capture1

Capture2

Capture3

Capture4

Capture5

Capture6

Capture7

Capture8

Capture9

Capture10

Capture11

Capture12

Capture13

Capture14

Capture15

Capture16

Comment (0) Hits: 376

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ තවත් මහා පරිමාණ ටෙන්ඩර් මගඩියක් ! 

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා ඊට අදාල ආයතනවල මහා පරිමාණයෙන් සිදුවන දූෂණ, හොරකම් සහ තක්කඩි ක්‍රියාවන් පිළිබඳව පසුගිය සමය පුරා මාධ්‍ය වාර්තා පළවෙමින් ඇත.

ව්‍යාපාර ලෝකයේ පමණක් නොව  සාමාන්‍ය ජනතාව අතරද දැන් මේ ගැන අවධානය යොමුවෙමින් ඇත. එසේම මේ නින්දිත ටෙන්ඩර් මගඩිවල අවසානයක් තිබිය යුතු බවත් විශේෂයෙන් යහපාලන ආණ්ඩුවක් යටතේ මෙවැනි දෑ  සිදුවීම කිසිසේත් අනුමත කල නොහැකි බවත් අපගේ විශ්වාසයය.

එනිසාම රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාලව මේ මෑත කාලයේදී සිදුවූ ටෙන්ඩර් ගණුදෙනු 03 ක් ගැන අප මෙසේ අනාවරණය කරමු.

01. ඊ-මෝටරින් (E-Motoring)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සියලූම දත්ත සහ වාර්තා පරිඝණක කිරීමේ වැඩසටහනේදී සහ ඊ ගවනන්ස්(E-Governance) ක්‍රියාවලියේදී මෙම ටෙන්ඩරය ලැබීමට නියමිත සුදුස්සා බවට නිර්දේශ වී තිබුනේ එපික් ලංකා (Epic Lanka)  සමාගමටය.

එම  ඊ-මෝටරින්   ටෙන්ඩරයේදී තාක්ෂණ ඇගයීම් වාර්තාව (Technical Evaluation Report )අනුව ඉහලින් ලකුණු තිබුනේ එපික් ලංකා (EPIC Lanka) සමාගමටය.

සැබවින්ම  එපික් ලංකා (Epic Lanka) ලකුණු 79.03 ක් ලබා තිබියදී මෙට්ට්‍රෝපොලිටන් ආයතනය (Metropolitan) ලබා තිබුනේ ලකුණු 70.07 ක් වැනි ප්‍රමාණයක්ය. මෙම ටෙන්ඩරය අවසාන ගැණුම්කරු තෝරා ගැනීමට යොදා සිටියේ ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකුවේ අනුමැතිය ලත් අදියර දෙකෙන් යුත් ලියුම් කවර දෙකක ක්‍රමයකි. එනම් 80% ක් තාක්ෂණ ඇගයීම් (Technical Evaluation) සහ 20%ක් මුදල් -  වානිජ (Financial / Commercial Evaluation)' වශයෙනි.
 
මේ අනුව මෙට්ට්‍රෝපොලිටන් (Metropolitan) ට වඩා  ඉදිරියෙන් සිටි එපික් ලංකා (Epic Lanka) සමාගමට මෙම ටෙන්ඩරය ලැබීමට සුදුසුකම් තිබුනේය. එසේ නොවන්නට නම් මෙට්ට්‍රෝපොලිටන් ආයතනය (Metropolitan)එපික් ලංකා (Epic Lanka) විසින් ඉදිරිපත් කරන මුදලින් හරි අඩකට ආසන්න මුදලක් ලබාදීම අනිවාර්ය විය යුතුය.

ලකුණු අඩු මෙට්ට්‍රෝපොලිටන් පෙන්නපු මැජික්  !

 සියලු දෙනාගේම ඇස් නිලංකාර කරමින් එය එසේම සිදු වන අතර, HTPB with Epeic විසින් එක් සේවා අවස්ථාවක් සඳහා රුපියල් 326.00ක් ඉදිරිපත් කරන විට Metropolitan with Face Technologies ඒ සඳහා ඉදිරිපත් කර තිබුණේ රුපියල් 187.97ක මුදලකි.
 
මේ සේවා අවස්ථාවක් යනු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදු වන එක් Transaction එකකි. එනම් වාහනයක් ලියාපදිංචි කිරීමක්, පැවරීමක්, වාහන පන්තිය වෙනස් කිරීමක් වැනි එක් කටයුත්තකි. එවැනි කටයුතු විශාල ප‍්‍රමාණයක් වර්ෂයක් තුළ සිදු වන අතර වසරින් වසර එම ගණන වෙනස් වීම ද සිදු වේ. එසේ නිශ්චිත නොවන සේවා ගණනක් සඳහා අවසන් සත ගණනට මුදලක් ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදු විය නොහැක්කකි.
 
 එසේ නම් මෙම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ටෙන්ඩර්කරුට සිය ප‍්‍රතිවාදියා ඉදිරිපත් කර ඇති මිල ගණන් පිළිබඳ පූර්ව අවබෝධයක් සහිතවය. එවැනි අවබෝධයක් ඇති වීමට නම්, ටෙන්ඩර් මිල ගණන් ඔහුට දැනුම් දිය යුතුය. එවැන්නක් සිදු කරන ලද්දේ කවුරුන් විසින් දැයි බරපතළ සැකයක් ඇති වන අතර, සැක කළ හැක්කේ මේ සඳහා මැදිහත් වන තුෂාර සුරවීර ඇතුළු ටෙන්ඩර් කමිටුවේ ප‍්‍රධානීන්ය.
 
කෙසේ හෝ ඉතාම දූෂිත හා නින්දිත ආකාරයෙන් මෙට්ට්‍රෝපොලිටන් ආයතනය (Metropolitan) සහ ඒ ආයතන ප්‍රධානීන් වන අයිවෝ මහරුෆ් (Ivor Maharoof) සහ ජගත් රවීන්ද්‍ර (Jagath Ravindra) තමන්ගේ මුදල් බලය අයුතු ලෙස භාවිතය කරමින් මහා පරිමාණ අල්ලස් තාක්ෂණික ඇගයීම් කමිටුව (Technical Evaluation Committee commonly known as “TEC”)  ප්‍රධානීන් සහ සමස්ථ ටෙන්ඩර් ක්‍රියාවලියට සම්බන්ධ  වගකිව යුතුම පාර්ශව  තමන්ගේ ග්‍රහණයට හසුකර ගන්නා ලද බව එයින් පැහැදිළිය.
 
අවසානයේ සියලූ දෙනාම මවිතයට හා විශ්මයට ලක් කරමින් ඉතාම දූෂිත හා අත්තනෝමතික ක්‍රමයකට මෙම ටෙන්ඩරය මෙට්ට්‍රොපොලිටන් (Metropolitan) නමැති ආයතනයට ලබාදෙන ලදී.

මේ ටෙන්ඩර් වංචාව සම්බන්ධ වැඩිදුර අනාවරණයක් පහත සබැඳියාවෙන් කියවිය හැකිය.

2. රථවාහන අංක තහඩු ටෙන්ඩර් මගඩිය (Vehicle Number Plate Tender Scam) !

 මෙම ටෙන්ඩර් වංචාව පිළිබඳව  ඇක්සස් සමාගම (Access Group සහ ජර්මානු සමාගමක් වන ඌච් (UTSCH AG from Germany) සිදුකල මහා ටෙන්ඩර් මගඩිය ද මේ වන විටත් ඉතා සවිස්තර ලෙස සමාජ මාධ්‍ය වෙබ් අඩවි අනාවරණය කර තිබේ. 

එසේම මීට අදාල  අනිත් ලංසුකරුවන් මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව නඩු මාර්ගයට එළඹීමටත් මෙයට අදාළ වංචනික පුද්ගලයන්ගේ නම් සහ තොරතුරු හෙලිදරව් කිරීමටත් නීති උපදෙස් පැතීමට තීරණය කර හමාරය.

එනිසාම අප ඒ ගැන මෙහිදී සඳහන් නොකරන අතර දැන් සූදානම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ තවත් මහා පරිමාණ ටෙන්ඩර් මගඩියක් පෙන්වා දීමටය.

3. මෝටර් රථ ඊ-රියදුරු බලපත්‍රය (Electronic Driver’s License)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ යෝජිත නව රියදුරු බලපත්‍රය අතයට ගනුදෙනුවක් හරහා  ඉතාමදූෂිත ආකාරයට  Metropolitan and Face Technologies සමාගමට ලබාදීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව වාර්තා වෙයි.

 ඒ වෙනුවෙන්  ඉතාමත් දූෂිත හා වංචනික මෙන්ම  ඉතා සූක්ෂම අන්දමින් පිඹුරු පත් සකස් කර තිබෙන බවටද තොරතුරු අප වෙත ලැබී ඇත.

 නමගිය දූෂිතයා !

Capturemaharoofඒ ගැන ලියන්නට පෙර අනාවරණය කල යුතු වැදගත් කරුණක් තිබේ. ඒ  මෙට්ට්‍රෝපොලිටන් සමාගම (Metropolitan) සහ ඔවුන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වන අයිවෝ මහරුෆ් (Ivor Maharoof) සහ ජගත් රවීන්ද්‍ර (Jagath Ravindra) අල්ලස්, මුදල්, වටිනා ත්‍යාග භෝග, පිටරට සාප්පු සවාරි සහ ගණිකාවන් ලබාදී කෙසේ හෝ අයථා අන්දමින් ටෙන්ඩර් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධයක් උසුලන බවය.

මොවුන්ගේ නොමනා සහ අශීලාචාර ක්‍රියා පටිපාටිය කෙසේද කිවහොත් ඔවුන් රටක ජාතික සම්පතක් වන පාසැල් යන දරු දැරියන්ගේ අධ්‍යාපනික ව්‍යාපෘති වලින් පවා අයථා ලෙස මුදල් හම්බ කිරීමට තැත් කරන ඉතාම පහත් මට්ටමේ ප්‍රතිපත්තියක් නොමැති නරුමයන් පිරිසකි. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහා ටෙන්ඩර් කිහිපයකද දූෂිත මට්ටමේ අක්‍රමිකතාවලට සම්බන්ධ වී සිටින්නේත් මෙම මෙට්ට්‍රෝපොලිටන් ආයතනයේ අයිවෝ මහරුෆ් සහ ජගත් රවීන්ද්‍ර යන අයය. 

ලක්ෂ 02 ක ටැබ් පරිඝණක (Tab) ගණුදෙනුවේදී ද මහමොලකාරයන් වී සිටියේ අයිවෝ මහරුෆ් සහ ජගත් රවීන්ද්‍ර යන අයය. අපේ අනාගත දරු පරපුරට මොවුන් කරන විනාශය ඇස් ඉදිරිපිට පෙනි පෙනී සිටියදීත් අපේ රාජ්‍ය සේවකයන් සහ බලධාරීන් මොවුන්ට කත් ඇදීම පනින රිලවුංට ඉනිමං දීම හා සමානය. 

Captureudithමහමොළකරු උදිත් ලොකුආරච්චි !

මෙම ටෙන්ඩරය නිකුත් කිරීමට අදාළව ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක්ද අමාත්‍යාංශය විසින් පත්කොට ඇත. එහි  තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන යූ.ජේ.  ලොකුආරච්චි (U.J Lokuarachchi) නමැත්තාය. යූ.ජේ. ලොකුආරච්චි ගුවන් තොටුපල හා ගුවන්සේවා ආයතනයේ තොරතුරු තාක්ෂණ ප්‍රධානියාය (Head of Information Technology Airport & Aviation of Sri Lanka). 

මොහු මීට පෙර මෙට්ට්‍රෝපොලිටන් ආයතනයේ (Metropolitan) සේවයේ නියැලූණු අයෙක් බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් අප වෙත තොරතුරු ලැබී ඇත. ඒ කෙසේ වෙතත්  ඉතා කාමසුඛල්යානු  ජීවිතයක් ගත කරන මෙම යූ.ජේ. ලොකුආරච්චි(U.J Lokuarachchi) නමැත්තා මෙට්ට්‍රෝපොලිටන් ආයතනයේ කූඨ ව්‍යාපාරවලට සම්බන්ධ ප්‍රධාන මහමොල කරු ලෙසද ප්‍රකටය. 

ඒ අනුව  අල්ලස් සහ විවිධ වරප්‍රසාද මෙට්ට්‍රෝපොලිටන් ආයතනයෙන් ලබා ගනිමින් මොහුගේ කාර්ය භාරය වන්නේ ටෙන්ඩර් මෙට්ට්‍රෝපොලිටන් ආයතනයේ සහ විදේශ නියෝජිතයන්ගේ ආකෘති (specification) හා ටෙන්ඩර් නිර්දේශකයන්ට රජයේ ටෙන්ඩර් සැකසීම සහ තාක්ෂණ අධ්‍යයන කොමිටුවේ සභාපතිත්වය උසුලමින් කිසිම විනිවිද භාවයකින් තොරව මෙට්ට්‍රෝපොලිටන් ආයතනය වෙත ටෙන්ඩර් ලබා දීමට තාක්ෂණ වාර්තා(Technical Report) සැකසීමයි. 

ඉතා දෙබිඩි චරිතයක් වන මොහුගේ කි්‍රයා කලාපය පිළිබඳව ප්‍රධානීන් මුනිවත රැකීම ගැන හාස්‍යයකට හා පුදුමයකට ලක්වන කාරණයකි.

මෝටර් රථ ඊ-රියදුරු බලපත්‍රයට දුෂිතයන් වැඩ අල්ලයි !

යූ.ජේ. ලොකුආරච්චි මැදිහත්ව Metropolitan and Face Technologies සමාගමට මෙම රියදුරු බලපත්‍ර ටෙන්ඩරය ලබාදීමට හැකිවන ආකාරයට ඉතාම දූෂිත ආකාරයට තාක්ෂණික ඇගයීම් කටයුතු සිදුකර ඇති බවද දැනගන්නට ඇත. 

එහිදී යූ.ජේ. ලොකුආරච්චිගේ උපක්‍රමය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් උසුලන සහ තාක්ෂණයෙන් ඉතා ඉහල සමාගම් සූක්ෂම ලෙස බොරු හේතූන් මත කපා හැර ඉතා දුර්වල තාක්ෂණයෙන් පහල සමාගම් දෙකක් හෝ තුනක් ටෙන්ඩරයට කැඳවා නැවත වතාවක් මෙට්ට්‍රෝපොලිටන් ආයතනයට මෙම ටෙන්ඩරය ලබා දීමටය.

ටෙන්ඩරයට  සමාගම් 12ක් එයි !

මේ සම්බන්ධව අප සිදුකළ සොයා බැලීමේදී වැඩිදුරටත් වාර්තා වූයේ ඩිජිටල්කරණය කළ නව රියදුරු බලපත්‍රය හඳුන්වාදීමට අදාළ ටෙන්ඩරය සඳහා මූලික සුදුසුකම් සැපිරූ සමාගම් 13ක් ප්‍රසම්පාදන සහ තාක්ෂණ ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත්ව ඇති බවය.

එයින්ද එක් සමාගමක් නියමිත ආකාරයට ටෙන්ඩරය සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් අදාළ ටෙන්ඩරයෙන් ඉබේම ඉවත්ව ගොස් තිබෙන අතර අවසානයේ සමාගම් 12ක් අවසන් නිර්දේශ සඳහා තේරී ඇත.

ඊට අදාළ සමාගම් 13 ම පහත දැක්වේ.
Capture001
සුදුසුකම් ඇති  සමාගම් අනාථ කරන මෙහෙයුම !

මෙම ටෙන්ඩරය Metropolitan and Face Technologies සමාගමට ලබා ගැනීමේ මූලික කටයුතු සිදුකරන්නේ එම සමාගමේ අයිවෝ මහරුෆ් සහ ජගත් රවීන්ද්‍ර යන පෙර සඳහන් කල  නමගිය දූෂිතයන්ය. තම සමාගමට ටෙන්ඩරයක් ලබා ගැනීමේදී ඕනෑම අවධානමක් සහ ඕනෑම මිලක් ගෙවා දුෂිත ආකාරයට එය කරගැනීම වෙනුවෙන් නම් දරා සිටින අයිවෝ මහරුෆ් සහ ජගත් රවීන්ද්‍ර මෙහිදීද ඉතා සූක්ෂම ආකාරයට සිය අතයට මාරුවට එකඟවූ නිලධාරී අම්බරුවන් මෙහෙයවා ඇත. 

ජාත්‍යන්තර කීර්තියට පත් සහ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති සමාගම් මේ ටෙන්ඩරය හමුවේ අවලංගුව යන්නේ ඒ අනුවය. ප්‍රධාන පෙළේ සමාගම් මෙම ටෙන්ඩරයෙන් ඉවත්කර දැමීම සඳහා නිකුත් කර ඇති අරුම පුදුම නිර්දේශ ඒ සඳහා නිදර්ශන සපයයි. Metropolitan and Face Technologies සමාගම මේ ඩිජිටල් රියදුරු බලපත්‍රය ලබා ගැනීම වෙනුවෙන් වන එකම සුදුසුකම් ඇති සමාගම බවට පත්වන්නේ ඒ අනුවය. 

මීට අදාළ සාක්ෂි සඳහා පහත ඇමුණුම බලන්න.

හොරකම වසා ගැනීමේ නාඩගම !

සැබවින්ම වංචනික ආකාරයට Metropolitan with Face Technologies සඳහා  ටෙන්ඩරය ලබා ගැනීම වෙනුවෙන් මනුෂ්‍යයෙක් සාමාන්‍යයෙන් නොවැටෙන තැනට වැටෙන අයිවර් මහරූෆ් සහ උදිත්  තමන් සිදුකරන දුෂිත ගනුදෙනුව වසන්නටද මෙහිදී ඉතාම පහත් උත්සාහයක නිරතව ඇත. 

ඒ අදාළ ටෙන්ඩරය Metropolitan with Face Technologies සඳහා ලබාදීමට නිර්දේශ කරන අතර අනෙක් පසින් ඒ ගැන සැකසිතීම වැළක්වීම අරමුණු කරගනිමින් මෙම ටෙන්ඩරයට ඉදිරිපත්ව සිටින දුර්වලම සමාගම් 3ක් ද නැවත අයදුම් කල හැකි ආකාරයට ටෙන්ඩරයේ නිර්දේශ අතරට ඇතුළත් කිරීමය.
Capture002ඇස් අන්ධ නැති ඕනෑම අයෙකුට එහිදී සිදුකර ඇති හිවල් නාඩගම හඳුනා ගැනීම දුෂ්කර නැත. 

අරුම පුදුම තාක්ෂණික ඇගයීම් කමිටුවක් !  

එසේම මෙහි වඩාත් මාරාන්තික හාස්‍යක් දනවන කාරණය වන්නේමෙම තාක්ෂණික කමිටුවේ සංයුතියය. ඉතා පැහැදිළිව මෙහි සභාපතිවරයා වන යූ.ජේ. ලොකුආරච්චි  (U. J Lokuarachchi) හැර  තොරතුරු තාක්ෂණයසම්බන්ධව සිටින එකම විද්වත් වෘත්තිකයා වන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරයා පමණය. ඒ හැර අනෙක් සියළුදෙනාගේ තාක්ෂණ දැනුම කෙසේ වුවත් ඔවුන් ඩිජිටල් රියදුරු බලපත්‍රයකට අදාළ තොරතුරු තාක්ෂණයට අදාළදැනුමින් පොහොසත්ද යන ගැටළුව මෙහිදී මතුවන්නේය.

එපමණක් නොව ඉතාම සැකසහිත කාරණය වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණයට අදාළ කොමසාරිස්වරයා මෙම කමියුවට ඇතුළත්ව නොසිටීමය. තවද  විදුලි සංදේශන  සහ ඩිජිටල් අමාත්‍යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ICTA සමාගමේ නියෝජිතයන් කිසිවක් මෙම තාක්ෂණික ඇගයීම් කමිටුවේ නැත.

Capture003රියදුරු බලපත්‍රයක් කියන්නේ මහා මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට නිල අවසරය ලබාදෙන හුදු හඳුනාගැනීමේ පත්‍රයක් නොවේය. ජාතික හැඳුනුම්පතට අමතරව ඊට සමාන වලංගුභාවයක් තිබෙන්නක්ය.  එතරම් වැදගත් දෙයක්  වෙනුවෙන් වන ටෙන්ඩරයක් සඳහා, තොරතුරු තාක්ෂණයේ නිපුණතාව පමණක් නොව, ආරක්‍ෂිත මුද්‍රණ කර්මාන්තයට අදාළ ප්‍රමිතිය, ජාත්‍යන්තර අත්දැකීම් මෙන්ම ලංසු මිල සම්බන්ධව පවා සළකා බැලිය යුතුව තිබේ.

මෙහිදී අතපසු නොකළ යුතු කරුණක් වන්නේ මේ කියන තාක්ෂණික කමිටුවට එවැන්නක් නිවැරදිව තක්සේරු කිරීමට තරම් හැකියාවක් හෝ ධාරිතාවයක් තිබුණාද යන්නය. මෙවැනි ටෙන්ඩරයකට අදාළව ලංසුකාර සමාගම් ඉදිරිපත් කරන ලේඛන ප්‍රමාණය දන්නා කිසිවෙක් එය ප්‍රතික්ෂේප කරන්නේද නැත. 

මෙවැනි කරුණු මතුකරන විට පෙරළා නැගෙන ප්‍රශ්නයක් වන්නේ Metropolitan with Face Technologies සමාගම මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍රය නිපදවීමේ අවස්ථාව හිමිකරගෙන තිබීමත්, එය වසර ගණනාවක සිට සිදුකිරීමත් හේතුවෙන් මීට අදාළ වැඩිම අත්දැකීම් ඇත්තේ ඔවුන්ට නොවේද යන්නය.

නමුත් ප්‍රශ්නය ඇත්තේ මේ කියන රියදුරු බලපත්‍රය " Electronic Driver’s License" වීමය. එවැන්නක් නිර්මාණය කිරීමට තිබෙන හැකියාව, ධාරිතාව, තාක්ෂණය පමණක් නොව ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන කීර්තිමත් සමාගම් මෙතැන තිබීමය. එසේම එම සමාගම් සමඟ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී පවා Metropolitan with Face Technologies සමාගමට හැරෙන්නටවත් නොහැකි බව විශ්වාසයෙන් යුතුව පැවසිය හැකි නිසාය. 

තත්ත්වය එසේ බැවින්  නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමනි, අසෝක අබේසිංහ රාජ්‍ය අමාත්‍යතුමනි, ජී. එස්. විතානගේ ලේකම්තුමනි සහ ජගත් චන්ද්‍රසිරි රථ වාහන කොමසාරිස් තුමනි, ඉහත තොරතුරු ඔබලාගේ ද  අවධානය පිණිසය. 

එසේ නම් දැන් වහාම මෙම ටෙන්ඩරය අවලංගු කොට පරීක්ෂණ කැඳවීමක්  මේ සඳහා සිදුවිය යුතු නොවේද? මෝටර් රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තුවේ මහ දවල් සිදුවන අල්ලස් දූෂණ හා වංචනික කටයුතු පිළිබඳ ඔබලා මුනිවත රකින්නේ ඇයි? අප වැනි මහජනයා මෙම දූෂණ පිළිබඳ දන්නේ නම් ඔබලා මෙම දූෂණ නොදැන සිටිය හැකිද? ඔබලා ද මේ දූෂණවල අදෘෂ්‍යමාන හස්ත බවට පත් වී ඇත්ද ? මේ ප්‍රශ්න මේ දුෂිත ගනුදෙනු දැනගන්නා කාටත් මතුවීම සාධාරණය. 

ඔබලාට නිවැරදි බව ඔප්පු කරන්නට ඇත්තේ මේ දුෂිත ගනුදෙනු වළක්වා කටයුතු විධිමත් කළොත් පමණය.

Comment (0) Hits: 351

තරුණයන් 11 දෙනා පැහැරගැනීමේ නඩුව : තනතුරු නිසා යට යයි ? 

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ආරක්ෂක හමුදා යුධ අධිකරණ තනතුරු ලැබීමත් සමඟ රාජපක්ෂ සමයේ හමුදාව යොදවා සිදුකළ වැරදි සම්බන්ධව පවතින නඩු යටගසන ප්‍රයත්නයක් දියත්ව ඇති බව වාර්තා වෙයි.

නීති ක්ෂේත්‍ර ආරංචිමාර්ග පෙන්වාදෙන ආකාරයට ඊට ආසන්නතම සිදුවීම වන්නේ කප්පන් ලබාගැනීම වෙනුවෙන්  තරුණයන් 11 දෙනෙකු  පැහැරගැනීම සහ ඔවුන් අතුරුදහන් කිරීම සම්බන්ධව පැවැත්වෙන නඩුවය. 

වාර්තා වන ආකාරයට එහිදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියෙකුට ලැබුණු යුධ අධිකරණ උපදේශක තනතුරක් හේතුවෙන් එම නඩුවට අදාළ දෙපාර්තමේන්තු කටයුතු අඩාල වන තත්වයක් මතුව ඇත.

මේ අතර එම නඩුවට අදාළ වැදගත් සාක්ෂි රැසක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

අංක 87,ෂු පාර, කොටහේන, කොළඹ 13, හිදී පැහැරගැනීමට ලක්වූ රජිව් නාගනාදන්ගේ මව වන සරෝජිනී පෙරේරාගේ සාක්ෂියට අදාළ වැදගත් කරුණු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.

HP 8987 මෝටර් රථය කාගේද? නඩුවට අදාළ සාක්ෂි දීමේදී මෙම මව සිය පුතා දැනුම්දුන් බව කියමින් පැහැරගෙන රඳවා තබාගෙන සිටි ස්ථානයට ආවගිය මෝටර් රථයක අංකයක් සඳහන් කර ඇත. ඒ HP 8987 යන මෝටර් රථ අංකයයි. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලබාගත් තොරතුරු ඔස්සේ සිදුකර ඇති විමර්ශන වලදී 2003 වකවානුවේ එය හයිඩ් පාර්ක් කෝනර්, කොළඹ 2 පිහිටි ඔරියන්ට් මෝටර් කොම්පැනි නම්  ආයතනයක නමට පළමු ලියාපදිංචිය සිදුව ඇත. පසුව එය 2010 වසරේදී අංක19, හෙජස්කෝට් පාර, මරදාන යන ලිපිනයේ පදිංචි අයෙකුගේ නමට ලියාපදිංචි කර තිබේ.

වැඩිදුර විමර්ශන වලදී හෙළිවී ඇත්තේ එම ලිපිනයේ පදිංචිව සිටින්නේ නාවුක හමුදාවේ ඉහළ නිලධාරියෙකු බවය. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරියාගෙන්ද ප්‍රශ්න කර ඇත. එහිදී අනාවරණයවී ඇත්තේ එම නිලධාරියා මෙම රථය මිලදී ගැනීමට පෙර එය ඔරියන්ට් මෝටර් වෙතින් නාවුක හමුදාව කුළී පදනම මත එය ලබාගෙන තිබූ බවය.

dkp dassanayake croppedසිදුවීම් සිදුවූ වකවානුවේ DKP දසනායකගේ මෝටර් රථය !

එසේම  මෙම පැහැරගැනීම් සිදුවූ කාලවකවානුව ලෙස සැළකෙන 2008-2009 වකවානුවේ කිසිඳු අවස්ථාවක මෙම නිලධාරියා එය භාවිතා නොකළ බවද තහවුරුව තිබේ. ඒ 2010 මිලදී ගැනීම සිදුකිරීමට පෙර එම රථය එවකට පරාක්‍රම ආයතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළ DKP දසනායක වෙත නිකුත්කර ඇති බවට සාක්ෂි සහිතව අනාවරණය වී ඇති නිසාය. එසේම එය ඉහත නිලධාරියා මිලදී ගන්නට පෙර එය තිබී ඇත්තේ  නාවුක හමුදාවේ වාහන සංචිතයයේය.

DKP දසනායක හොඳටම හිරවෙන ලකුණු !

ඒ අනුව මෙම පැහැරගැනීම සහ අතුරුදහන් කිරීමට අදාළ නඩුවේ මේ වන විටත් සැකකරුවකුව සිටින DKP දසනායකට එරෙහි ප්‍රබල සාක්ෂියක් බවට මෙම අනාවරණය පත්ව ඇත. ඒ සම්බන්ධව වැඩිදුරටත් සඳහන් කරුණුවල දැක්වෙන්නේ 2008 වසරේ මාර්තු මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා DKP දසනායක නිලධාරියා මෙම රථය භාවිතා කළ බවට නිශ්චිත සාක්ෂි ලැබී ඇති බවය.

එසේම දැනට අත්අඩංගුවේ පසුවන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ එවකට පදිංචිය කොලොන්නාව බවට නාගනාදන් තරුණයා සිය මව්පියන්ට දන්වා ඇති බවත් එම තොරතුරද තහවුරු කරමින් අදාළ කාලවකවානුවේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි එම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවට විමර්ශන වලදී තහවුරු කරගෙන ඇති බවද දැනගන්නට ඇත.

චන්දන ප්‍රසාද්රාජ්‍ය ආයතන අස්සේ : සාක්ෂි හැංගිලාද ? හංගලාද  ?

මෙම විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇති තවත් වැදගත් කරුණක් වන්නේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට විදේශගතවීමට අවශ්‍ය පහසුකම් සැලසූ අයම පෙරළා පැමිණි ඔහුව ආරක්ෂා කිරීමටද ඉදිරිපත්ව ඇති බව තහවුරු කරගෙන තිබීමය.

මේ පිළිබඳ පුවත රටේ වාඩාත් ආන්දෝලනයක් ඇතිකළේ  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවී විජේගුණරත්න විසින් මෙම සැකකරුවාට  අත්අඩංගුවට පත්වීම වැළක්වීම සහ  නාවුක හමුදා නිවස්නයක සඟවාගෙන සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නැගීම හමුවේය.

ගිණුම් වාර්තා තවමත් නෑ 

ඊට අදාළව චන්දනට අත්අඩංගුවෙන් මිදී රැකවරණය ලබා ගැනීම සඳහා මුල්‍ය ආධාර ලෙස රුපියල් ලක්ෂ 5ක මුදලක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවී විජේගුණරත්න විසින් ලබාදී ඇද්ද යන්න සම්බන්ධවද විමර්ශන සිදුවන බව වාර්තා වෙයි. එහිදී ලංකා බැංකුවේ මෙට්ට්‍රෝපොලිටන් ශාකාවට අයත් අංක 79205907 ගිණුම උපයෝගී කරගෙන ඇතිද යන්න පරීක්ෂා කර බලන්නට අධිකරණ නියෝගයක්ද විමර්ශන කණ්ඩායම් ලබාගෙන ඇත.  ඒ බව බැංකුව දැනුවත්කර ඇතත් අදාළ වාර්තා ලබාදීමට මෙතෙක් බැංකුව විසින් ලබාදී නොමැති බවද දැනගන්නට තිබේ.

එසේම ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය වැදගත් තොරතුරු කිහිපයක් සම්බන්ධව අදාළ ආයතන කිහිපයක අවශ්‍යම සහය ලැබී නොමැති බවද වාර්තා වෙයි.

හැඳුනුම්පතේ මුල් පිටපත් අතුරුදහන් !

ඒ අතරින් විශේෂ කරුණක් වන්නේ අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට සැකකරු සන්තකයේ තිබී ඇති 76*******V  යන හැඳුනුම්පත සම්බන්ධ කාරණාවය. පොල්වත්තේ ගාල්ලේගේ අසෝක නමින් වන එම හැඳුනුම්පත එම කාර්යාලයේ සේවකයකු විසින් අවිධිමත් ආකාරයට නිකුත්කර ඇත්තක් බව විමර්ශන වලදී හෙළිවී තිබේ. නමුත් විමර්ශන කණ්ඩායම් ඊට අදාළ මුල් ලිපිගොනු සම්බන්ධව හැඳුනුම්පත් කාර්යාලයෙන් විමසා ඇතත් මෙතෙක් එම මුල් ලිපිගොනු කිසිවක් ලබාදී නොමැති බවද දැනගන්නට ඇත.

කෙසේ වුවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවෙන් මිදී මැලේසියාවට ගොස් තිබෙන්නේ ඉහත කී පොල්වත්තේ ගාල්ලේගේ අසෝක නමට නිකුත් කරවාගෙන තිබෙන විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින්ය. 

ලක්සිරි අමරතුංගගේ බොරු මාට්ටු !

මෙහිදී අනාවරණය කරගෙන තිබෙන තවත් වැදගත් සාක්ෂියක් වන්නේ 2017 වසරේ වූ මෙම විදෙස් ගතවීම සඳහා චන්දන ප්‍රසාද් වෙත වීසා ලබාගන්න මැදිහත්ව ඇත්තේ, පසුගියදා චන්දනව අත්අඩංගුවට ගන්නා විට ඔහු සේවය කළ පොල්වත්තේ හිමිකරු වීමය.

ලක්සිරි අමරතුංග නම් ඔහු මේ වන විට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් එම අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු, චන්දන අත්අඩංගුවට ගනුලැබූ අවස්ථාවේ පවසා ඇත්තේ " තමන් පත්තරේ දැමූ ඇබෑර්තු  දැන්වීමකට අනුව චන්දන පොල්වත්ත බලා ගැනීමට පැමිණි බවත්, ඊට පෙර ඔහු කවුදැයි නොදන්නා බවත්"ය.

නමුත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ගේ ඉහත නම් සඳහන් සාවධ්‍ය විදෙස්ගමන් බලපත්‍රයට වීසා ලබාගැනීමට පහසුකම් සැලසූ ආයතන ඔස්සේ සිදුකල විමර්ශන වලදී ලක්සිරි අමරසිංහ පළමුවර පවසා ඇත්තේ බොරු බව තහවුරු කරගෙන ඇත. 

ඒ අනුව ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා වන්නේ අත්අඩංගුවට ගැනීමට සිටින සැකකරුවෙකු දැනුවත්ව සැඟවීම සහ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සහ ව්‍යාජ ලේඛන සකස්කර දීමය. 

Ravi Wijeරවී විජේගුණරත්න හාල්මැස්සෝ විතරද ? අනිත් අයවත් ගේනවද ?

මේ සම්බන්ධව ආරක්ෂක අංශ  අධිකරණයට දැනුම්දී ඇත. කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාළව හාල්මැස්සන් අල්ලා අධිකරණයට ගෙන එමින් පමණක් සිටින බවත් මීට අදාළ තෝරු මෝරු කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවක් පෙනෙන්නට නැති බවය.

ඒ කතාව ඇත්ත වන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන රවී විජේගුණරත්න සම්බන්ධව තත්ත්වයන් හැසිරෙන ආකාරය දෙස අවධානය යොමුකරන විටය.
එසේම ලක්සිරි අමරතුංගව අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ, විනිසුරු අසුනේ සිටි විනිසුරුවරිය "අනිත් අයත් ගේනවද?" යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බවද දැනගන්නට ඇත.

Comment (0) Hits: 281

ඇවන්ට් ගාර්ඩ් නිශ්ශංකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් !

ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගම සම්බන්ධව සිදුකළ විශේෂ ජනාධිපති විමර්ශනයේදී තම සමාගම  ජාතික ආර්ථිකයට දායකත්වයක් සපයන, රැකියා අවස්ථා සළසන ආයතනයක් බව සාක්ෂි සහිතව තහවුරුව තිබියදී ඩොලර් මිලියන 800 කට අධික ප්‍රමාණයක් රටට ආදායම් ලෙස ගෙන ඒමට සැළසුම්කර තිබූ ව්‍යාපෘතිය ආරක්ෂක අමාත්‍යංශයේ අවස්ථාවාදී තීන්දු තීරණ හමුවේ අහිමිව ගිය බව  ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සඳහන් කරයි.

ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති  මේ බව සඳහන් කර සිටින්නේ voice tube වෙබ් අඩවිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය. 

පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.

සමුද්‍ර ආරක්ෂක කටයුතු වලට අදාළව තම සමාගම ලෝකයේ ප්‍රමුඛ සමාගම් තුන අතර තිබෙන බවත් ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් දෙවැනි වන්නේ ඇමරිකානු බ්ලැක් වෝටර්ස් සමාගමට පමණක් බව සඳහන් කරන නිශ්ශංක සේනාපති මහතා එවැනි සමාගමක් පිහිටි රටක් ලෙස වත්කම් ඉපයීම වෙනුවට පළිගැනීම රටේ ජනතාවගේ මෙන්ම තමන් සේවය ලබාදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ගේද අවාසනාව බව පෙන්වා දෙයි.

ජනාධිපති විමර්ශනයෙන් ඇවන්ට් ගාර්ඩ් නිදහස් !

එහිදී ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගම සම්බන්ධව සිදුකළ විශේෂ ජනාධිපති විමර්ශනයේ වාර්තාවද දක්වමින් ඔහු සඳහන් කර සිටින්නේ තම සමාගමේ නිර්දෝෂීභාවය තහවුරු කර තිබියදී දේශපාලන මහන්තත්තකම සහ තමන්ගෙන් දේශපාලනිකව පළිගැනීමට මෙම ක්‍රියාව සිදුකළත් එහි අවසාන අවාසිය රටට වන බවය.

Captureavarn1

Captureavarn2

0003

එසේම තමන් මීට මාස කිහිපයකට පෙර ඉදිරිපත් කල මෙම වසරකට  ඩොලර් මිලියන 800ක් පමණ උපයාගන්නට තිබූ   ව්‍යාපෘතිය සාර්ථක කරගන්න රජයට  (ආරක්ෂක අමාත්‍යාංශයට ) සිදුකළ යුතුව තිබුණේ අදාළ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගතවීමට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යංශයේ විරුද්ධත්වයක් නොමැති බව දක්වමින් ලිපියක්දීම පමණක් බවත් ඒ හැර කිසිඳු මුදලක් මේ වෙනුවෙන් රජයට ගෙවීමට සිදුනොවන බවද ඔහු සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යංශය සද්ද නෑ !

අදාළ ව්‍යාපෘති වාර්තාව සමඟ ලිපියක් යොමුකර තමන් ආරක්ෂක අමාත්‍යංශය සමඟ  සාකච්ඡාවක් ලබාගත් අවස්ථාවේ මේ සම්බන්ධව පැහැදිළි කල බවත් නමුත් මේ වන තුරු ආරක්ෂක අමාත්‍යංශය ඒ සම්බන්ධව කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද පවසයි. තමන් අවස්ථා කිහිපයකදී වගකිව යුත්තන් සම්බන්ධකර ගනිමින් මේ සම්බන්ධව විමසීමට උත්සාහ කළ නමුත් ඒ කිසිඳු අවස්ථාවක ආරක්ෂක අමාත්‍යංශයේ වගකිව යුත්තන් කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවද ඔහු පවසයි.

ඇමතිවරුන් දෙන්නෙක්ගෙන් නිශ්ශංකට ඇමතුම් !

ආණ්ඩුවේ වගකිව යුතු කිසිවෙකුත් මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වා නොමැතිදැයි සිදුකල විමසුමට පිළිතුරු දෙමින් නිශ්ශංක සේනාපති මහතා සඳහන් කරන්නේ අදාළ ව්‍යාපෘතිය අහිමිවීම සම්බන්ධ පුවත සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරයවීමෙන් පසුව රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙක් තමන්ගෙන් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව වැඩි විස්තර විමසා සිටි බවය.

එසේම ඩොලර් මිලියන 800ක් වැනි අතිවිශාල මුදලක් මෙරට ආර්ථිකයට එක්කර ගත හැකිනම් මේ අවස්ථාවේ මූල්‍ය ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට එය වැදගත් බව එම අමාත්‍යවරුන්ගේද අදහස වූ බව ඔහු පවසයි. එහෙත් තමන් අදාළ ව්‍යාපෘතියට අත්වූ ඉරණම පැහැදිළි කිරීමේදී රජයෙන් ලැබිය යුතු සහය තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය සතුව බව පෙන්වාදුන් බවත් එය කඩිනමින් ලබා දෙනවා නම් අදාළ ව්‍යාපෘතියෙන් කොටසක් හෝ ලබාගැනීමට තමන්ට උත්සාහ කල හැකි බව පැවසූ බවද ඔහු පවසයි.

මීට පෙර ඩොලර් බිලියනයක ආදායමක් නැති කරගත්තා !

එසේම මීට පෙර 2015 වසරේ නයිජීරියානු රජය සමඟ ඩොලර් බිලියනයක් ආදායම් ලැබෙන ව්‍යාපෘතියක්ද තමන් ගෙන ආ බවත් ඊට අදාළ ගිවිසුන් අත්සන් කිරීමට ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යංශය අවසර ලබාදුන් නමුත් එය සාර්ථක කර ගැනීමට සහය නොදීම හේතුවෙන් එම ආදායමද රටට නොලැබුණු බව ඔහු පවසයි.

අදටත් ආණ්ඩුවේ ආයුධ අපේ නැවේ තියනවා !

මෙහිදී මේ වන විට මෙරට රජය සමඟ ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගමේ ගනුදෙනු පවතිනවාද යන්න සම්බන්ධව ප්‍රශ්න කෙරෙන අතර එහිදී නිශ්ශංක සේනාපති මහතා සඳහන් කර සිටින්නේ අදටත් ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගමේ රතු මුහුදේ තිබෙන පාවෙන අවි ගබඩාවේ ලංකා රජයේ ආයුධ 800කට අධික ප්‍රමාණයක් ගබඩා කර ඇති බවයි.

මම විකුණන්නේ ලංකා යුද කලාවයි !

තවද  ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පෙන්වා දෙන්නේ තව දුරටත් තේ,පොල්, රබර් වැනි ආදායම් අඩු අපනයන හරහා පවතින මූල්‍ය දුෂ්කරතාව ජය ගන්න සිතනවා නම් ලංකාවත් පසුගිය සමයේ ග්‍රීසිය ලැබූ බංකොලොත් ආර්ථිකයකට හිමිකම් කීම වැඩි ඈතක නොවන බවය.

ලංකාව ත්‍රස්තවාදය පරාජය කල රටක් ලෙස පවතින ජාත්‍යන්තර පිළිගැනීමට වෙළඳපොළක් නිර්මාණය කරගෙන "ලංකා යුද කලාව" අලෙවිකර රටට අති විශාල ධනස්කන්ධයක් ගෙන ඒමට හැකි බවත් එහෙත් මැතිවරණ  ප්‍රචාරක කටයුතු වලට මුදල් නොදීම, තම සමගම සම්බන්ධව පලකළ පුවත්වල ව්‍යාජ බව අනාවරණය වීම වැළක්වීම සඳහා රටේ ආර්ථිකය අවධානමේ දමන ආකාරයේ තීන්දු තීරණ ගනිමින් සිටින බව මේ හරහා ඔප්පු වන බවද නිශ්ශංක සේනාපති මහතා පෙන්වා දෙයි. 

එසේම රටට විදෙස් විනිමය අතිවිශාල වශයෙන් ගෙන ඒමට සූදානම් තමන්ව හිරේට යවන්න බොරු නඩු පටළවා ඇති බවද මෙහිදී නිශ්ශංක සේනාපති මහතා සඳහන් කරන අතර, එහෙත් තමන්ගෙන් නාවික හමුදාව අත්පත්කර ගනුලැබූ ව්‍යාපාර වලින් පාඩු ලැබුවේ කොහොමද යන්න සොයා බලන්න වගකිව යුත්තන් කටයුතු නොකිරීම ගැටළු සහගත බවද සඳහන් කරයි. 

සෙලර්ගේ හොරකම් !

එහිදී තමන් සිදුකරන ව්‍යාපාර කටයුතු ඒ ආකාරයට කළ හැකි බව සඳහන් කරමින් එවකට නාවික හමුදාවේ සිටි රවී විජේගුණවර්ධන  වැනි උදවිය එම ව්‍යාපාර කිරිල්ල කෙසේ වෙතත් විදේශිකයන්ගෙන් කොමිස් සහ කප්පම් ලබාගත් බවටද නිශ්ශංක සේනාපති මහතා චෝදනා කරයි.

අද ඔහුව අද්මිරාල් වශයෙන් කවුරු හැඳින්වුවත් තමන් ඔහුට අද්මිරාල් කියන්න ලැජ්ජ බවත් එසේම තමන් මෙම ව්‍යාපාරයෙන් උපයා මෙරටට ගෙනා ඩොලර් ආදායමින් කුඩා ප්‍රතිශතයක් හෝ ගෙන්වා පෙන්වන ලෙස තමන් වගකිව යුතු සියලු දෙනාට අභියෝග කරන බවද ඔහු පවසයි.

Comment (0) Hits: 1027

ඔලුතුනේ තීන්දුවක් නිසා : වසරකට  ඩොලර් මිලියන 800ක් අහක ගිහිල්ලා !

ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම මේ වන විට ආණ්ඩුවට ගැලවෙන්න බැරිවන ලෙස බැට වදින කාරණයක් බවට පත්ව ඇත. අද පරාජිත රාජපක්ෂ රෙජීමය මේ ආණ්ඩුවේ නොහැකියාව පෙන්වන්න හදන්නේද රුපියල අවප්‍රමාණය වෙමින්ය. ආණ්ඩුවේ පාර්ශවය කියන්නේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ විදෙස් ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ ඩොලරයේ අගය ඉහළ යමින් ඇති බවත් එය ගෝලීය වෙළඳපොල තත්ත්වයට ද බලපෑම් කර ඇති බැවින් පවතින තත්ත්වය ලංකාවට පමණක් එල්ලවී ඇති බලපෑමක් නොවන බවය. ආනයන අධෛර්යමත් කිරීම ඇතුළුව ඩොලරය ඇදීයාම පාලනය කිරීම වෙනුවෙන් පියවර කිහිපයක් ගෙන ඇති ආණ්ඩුව දිගු කාලීනව මේ අර්බුදය ජයගන්න යෝජනා කරන්නේ අපනයන වෙළඳපොල වර්ධනය කර ගැනීමය.

ආණ්ඩුවේ ඒ කතාව ඇත්තය. අර්බුදය ජය ගන්නට මෙන්ම අපේක්ෂිත ආර්ථික වර්ධනය පවත්වාගෙන යන්න නම් අපනයන ක්ෂේත්‍රයේ පිමි සහිත වර්ධනයක් අවශ්‍යය. එහෙත් රට තුළ නිෂ්පාදනය වර්ධනය වන තුරු ඇඟිලි ගැනීම නම් ඊට කොහෙත්ම ප්‍රමාණවත් නැත.  ඒ වෙනුවෙන් විදේශ රටවල් සමඟ ද  වෙළඳ සම්බන්ධතා ඇතිකර ගැනීමත් ඒ හරහා රටට ඩොලර් කැඳවා ගැනීමත් අත්‍යාවශ්‍ය කටයුත්තක් බව සිහිතබා ගත යුතුව ඇත.

ආර්ථිකය සම්බන්ධව මුලික දැනුම ඇති කිසිවෙක් මේ අවධාරණය පිළිගන්නා අතර එය ප්‍රතික්ෂේප කල හැකි වන්නේ ඔලු තුනේ බූරු චින්තකයකුට පමණය. කණගාටුවෙන් වුවත් මේ ලියන්න යන්නේද මේ ආණ්ඩුව සිදුකළ එවැනි ඔලුතුනේ බූරු වැඩක් ගැනය.

පසුගිය ජුනි මාසයේ පමණ ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් යොදාගනිමින් මසකට ඩොලර් මිලියන 70ක් රටට උපයාගත හැකි යෝජනාවක් ආරක්ෂක අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇත. 

අදාළ ව්‍යාපෘති වාර්තාව අනුව නම් වසරකට ඩොලර් මිලියන 850ක ආදායමක් ලබන්න ඒ තුළ අවස්ථාව පවතී. 

මෙහිදී සිහිතබාගත යුතු කරුණක් වන්නේ අදාළ යෝජනාව ඉදිරිපත් වන්නෙම දරුණු ලෙස  රුපියල බාල්දුවීම ඇරඹීමට පෙර බවය. 

අදාළ යෝජනාව මෙතැනින් කියවන්න.

තෙල් ලිඳවල් ආශ්‍රිත මුහුදේ ආරක්ෂාව තර කිරීම හා සංක්‍රමණිකයන් පැනයාම ආරක්ෂා කිරීම වෙනුවෙන් වන  අදාළ යෝජනාව ඉතා පහසුවෙන් මෙරටට ඩොලර් ගෙන ඒමට හැකි විශ්වසනීය ව්‍යාපෘතියක් වෙයි. අදාළ යෝජනාවට එකඟත්වය ලැබී එය ක්‍රියාත්මක කළා නම් විශ්‍රාමික ආරක්ෂ අංශ සාමාජිකයන් ඇතුළුව ආරක්ෂක හමුදා නියෝජනය කරන 15,000 කට රැකියා අවස්ථා හිමිවීමට අවස්ථාව තිබූ බවද පැහැදිළිව පෙනෙන්නට ඇත. 

ලැබී ඇති තොරතුරු වලට අනුව නම්  විශ්‍රාමික සාමාන්‍ය සෙබලකුට ඩොලර් 2,000ක වැටුපක්  (රුපියල් ලක්ෂ 3 1/2කට ආසන්න) ලබා ගැනීමට හැකියාව ඇත.   විශ්‍රාමික මේජර්වරයෙකුට නම්  ඩොලර් 6,000 ක ( රුපියල් මිලියනයකට ආසන්න) වැටුපක්  ලබා ගැනීමට හැකියාව ඇත. 

නමුත් ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් මෙසේ  ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව අවශ්‍ය බරින් යුතුව සලකා බලන්නට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර නොමැත. නමුත්  දෙමසකට පමණ පසුව ආරක්ෂක අමාත්‍යංශය ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් අමතා පහත ලිපිය යොමුකර ඇත.

ආරක්ෂක අමාත්‍යංශය ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් වෙත යොමුකළ ලිපිය. 

කෙසේ වුවත් අවසානයේ එම ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට නොහැකිවී ඇති අතර ඒ නිසාම වසරකට ඩොලර් මිලියන 850ක ආදායමක් ලබන්න තිබූ අවස්ථාවද රටට අහිමිව ගොස් තිබේ.

සංස්කාරක සටහන :

ඉතා පැහැදිළිව මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර නොමැත්තේ ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් ආයතනය හරහා එය ඉදිරිපත්වූ නිසා බව පැහැදිළිය. ඒ කුප්‍රකට ඇවන්ට් ගාර්ඩ් නඩුවද ඇත්තේ මේ සමාගමට වන නිසාය. එහෙත් ඒ නඩුව යන්න මෙතරම් වටිනා ව්‍යාපෘතියක් අත්හරින්නට තරම් කාරණයක් වුවා නම් ආර්ථිකය ගැන වගකිව යුත්තන්ට ඇති දැනුම තේරුම් ගන්න ඒ හොඳටම ප්‍රමාණවත්ය.

රට ඉදිරියට ගෙනියන්න , ආර්ථික අර්බුදය ජය ගන්න පරාජිත රෙජීමයේ ආර්ථික ගොබෙල්ස්ලාට ආරාධනා කිරීමට ඇති දේශපාලන  ධෛර්ය මෙවැනි වටිනා අවස්ථාවක් සම්බන්ධව නොතිබීම හැර නිදර්ශනයක් ඊට නැත. එබැවින් මෙතැනදී අදාළ තීන්දු තීරණ ගන්නා උදවිය ඔලුතුනේ බූරුවන් ලෙස අපට පෙනීයාම ගැනද කරන්න දෙයක් නැත. 

ඩොලරය සමඟ  රුපියලේ තිබෙන බැඳීම සහ පවතින බරපතල තත්ත්වය තේරුම් ගන්න බැරි ඒ වෙනුවට අවස්ථාවාදී දේශපාලනය ගැන පමණක් සිතා කටයුතු කරන අයට ඊට වඩා නමක් වුවත් යෝජනා කරන්න අප සූදානම් ය.

Comment (0) Hits: 269

අමතකයි නේද? : සාටක පාලනයේ මාධ්‍ය මර්දනය මෙන්න !

රටේ ආර්ථික අර්බුදයක් ඇති බව කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් තම නායකයා වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙරදැරි කරගෙන පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිසගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියාගේ මාධ්‍ය ආයතනය විමසමින් ඔහු අපහසුතාවට පත්කරන්නටත් මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නවලට නිසි පිළිතුරු නොදී මඟ අරින්නටත් ඒ අය කටයුතු කළහ.

මෙහිදී ඔවුන් සිදුකළේද මාධ්‍ය මර්දනය කිරීමකි.

මාධ්‍ය මර්දනය කිරීම රාජපක්ෂ පාලන සමයේ සුලබ සිදුවීමකි. 2004 මැයි - 2013 මැයි කාලය තුළ ලංකාවේ ජනමාධ්‍ය වෙත එල්ල වූ මර්දනකාරී අත්දැකීම් පෙළගැස්වීමෙන් එදා මර්දනය දියත් කළ ආකාරය සුළුවෙන් හෝ අවබෝධ කර ගත හැකි වනු ඇත.
 
මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් ඝාතනය කිරීම
 2004

මැයි 31 ‘වීරකේසරී’ පුවත්පතේ තීරු ලිපි රචක අයියතුරේ නඩේසන් 

අගෝස්තු 16 ‘දිනමුරසු’ පුවත්පතේ මාධ්‍යවේදී කන්දසාමි අයියර් බාලනඩරාජා

දෙසැම්බර් 11 ‘ලංකාදීප’ මාධ්‍යවේදී ලංකා ජයසුන්දර

2005

අප්‍රේල් 28 ටැමිල්නෙට්, ඩේලිමිරර්, වීරකේසරී මාධ්‍යවේදී ධර්මරත්නම් සෙවරාම් නොහොත් තාරකි

ජූනි 29 ‘ඊළනාදම්’ පුවත්පතේ බෙදාහැරීම් නිලධාරි කන්නමුත්තු අර්සකුමාර්

අගෝස්තු 12 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකා රෙලංගී සෙල්වරාජා

අගෝස්තු 29 ‘සුඩර් ඔලි’ පුවත්පතේ ආරක්ෂක නිලධාරි ඩේවිඩ් සෙල්වරත්නම්

 සැප්තැම්බර් 30 ඊළනාදම් පුවත්පතේ බෙදාහැරීම් නිලධාරි යෝගකුමාර් ක‍්‍රිෂ්ණපිල්ලේ

දෙසැම්බර් 02 කාත්තන්කුඩි ප්‍රාග ලේකම් කාර්යාලයේ සේවය කළ ලේඛක නෙටිප්ට්ටමුනෙයි ෆලීල්

දෙසැම්බර් 22 ‘තිනකුරල්’ පුවත්පතේ බෙදාහැරිම් නිලධාරි කේ. නවරත්නම්

 2006

 ජනවාරි 24 ‘සුඩර් ඔලි’ පුවත්පතේ ත්‍රිකුණාමල වාර්තාකරු සුබ‍්‍රමනියම් සුගිතරාජන්

පෙබරවාරි 01 දෙමළ පුවත් සේවා ආයතනයක් පවත්වාගෙන ගිය එස්. ටී. ගනනාතන්

මැයි 03 ‘උදයන්’ පුවත්පතේ බෙදාහැරිම් කළමනාකරු බී. ජී. සගයදාස් නොහොත් සුරේෂ්

 මැයි 03 ‘උදයන්’ පුවත්පතේ බෙදාහැරීම් පරීක්ෂක රාජරත්නම් රංජිත් කුමාර්

 ජූලි 02 ‘ඉරුදින, සත්දින, ලක්බිම’ මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා
 ජූලි 27 වීරකේසරි, තිනකුරල් පුවත්පත් බෙදාහැරීම් නියෝජිත මරියදාසන් මනෝජනරාජ්

අගෝස්තු 15 උදයන් පුවත්පතේ බෙදාහැරීම් කාර්යමණ්ඩලයේ සතාසිවම් බාස්කරන්

අගෝස්තු 20 යාපනයේ පළවන ‘නමාතු ඉලනාඩු’ පුවත්පතේ කළමනාකරු සින්නතම්බි සිවමහරාජා

2007

පෙබරවාරි 12 පළවන ‘නමාතු ඉලනාඩු’ පුවත්පතේ මුද්‍රණ ශිල්පී එස්. රවීන්ද්‍රන්

පෙබරවාරි 15 පළවන ‘නමාතු ඉලනාඩු’, ‘වාලම්පුරි’ පුවත්පත්වල වාර්තාකරු සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්

අප්‍රේල් 16 ඊළනාදම්, විරකේසරී ලේඛක සහ ‘නිලාම්’ සඟරාවේ සංස්කාරක චන්ද්‍රබෝස් සුදාකර්

අප්‍රේල් 29 ‘උදයන්’ සහ ‘තිනකුරල්’ මාධ්‍යවේදී සෙල්වරාසා රජිවර්මන්

 අගෝස්තු 01 යාපනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු හා අර්ධකාලීන ලේඛකයකු වූ සහදේවන් නිලක්ෂන්

අගෝස්තු 21 ‘ඊළනාඩු’ පුවත්පතේ සිවතම්බි සිවරාසා

නොවැම්බර් 05 ‘යාරි තිනකුරල්’ යාපනයේ පුවත්පත් අලෙවි නියෝජිතයකු වූ ඒ. එස්. සිද්දිරංජන්

 නොවැම්බර් 17 ‘උදයන්’ පුවත්පතේ සෝදුපත් කියවන්නකු වූ වඩිවේලූ නිමලරාජ්

නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ ඉසයිවිෂි චෙම්පියන් නොහොත් සුභාෂිනි

නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ කාර්මික නිලධාරි සුරේෂ් ලිම්බියෝ

 නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ ටී. ධර්මලිංගම්

දෙසැම්බර් 05 ‘දිවයින’ වාර්තාකරු ඩබ්ලිව්. ගුණසිංහ

2008

මැයි 28 ‘ශක්ති ටීවී’ යාපනය වාර්තාකරු පී. දේවකුමාර්

ඔක්තෝබර් 06 ‘සිරස’ වාර්තාකරු රශ්මි මොහොමඞ්

 ඔක්තෝබර් ‘ඊළනාදම්’ පුවත්පතේ මාධ්‍යවේදී රාසයියා ජෙයන්දිරන්

2009

ජනවාරි 09 ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග

පෙබරවාරි 12 ‘ඊළනාදම්’ල විල්නාදම්ල ඉලමුරසු පුවත්පත්වලට ලියූ මාධ්‍යවේදී පුන්‍යමූර්ති සත්‍යමූර්ති

මාර්තු 05 ‘ඊළනාදම්’ බෙදාහැරීම් නියෝජිත ශෂී මාදන්

මාර්තු 13 ‘ඊළනාදම්’ බෙදාහැරිම් නිලධාරි මහලිංගම් මහේෂ්වරන්

මාර්තු ‘ඉලනාදම්’ බොදහැරිම් නියෝජිත ඇන්ටන්

අප්‍රේල් 09 ‘ඊළනාදම්’ පුවත්පතේ පරිගනක ශිල්පී රාජ්කුමාර් ඩෙන්සේ

 අප්‍රේල් 25 ‘ඊළනාදම්’ මුද්‍රණශිල්පී ජෙයරාජා සුශීදරා සුගන්දන්

 මැයි 14 ‘ඊළනාදම්’ වාර්තාකරු එම්ග ඇන්තනි කුමාර්

මැයි 14 ‘ඊළනාදම්’ පුවත්පතේ පරිගනක ශිල්පී තුරයිසිංහම් දර්ශන්

මැයි 18 ‘දෙමළ ඊළම්’ ටෙලිවිෂන් සේවයේ නිවේදිකා ඉසි ප්‍රියා ෂෝභා

 මැයි ‘කොටි හඬ’ ගුවන්විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තිරුකුලසිංහම් තවබාලන්
 
මාධ්‍යවේදීන් අතුරුදන්කිරීම
 
2010 ජනවාරි 24 - ප්‍රගීත් එක්නැලිගොඩ
 
මාධ්‍යවේදීන් පැහැරගෙනයාම

අගෝස්තු 28 නඩරාජා ගුරුබරන්

 ජූනි 22 තිරුචෙල්වම් තිරුකුමාර්

පෙබරවාරි 26 ‘සුඩර් ඔලි’ ප්‍රධාන කර්තෘ එන්. විද්‍යාධරන්

මාර්තු 11 මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක

 ජනවාරි 27 යාපනයේ මාධ්‍යවේදී නවරත්නම් පරමේශ්වරම්

 මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම

 ඔක්තෝබර් 24 ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ආතර් වාමනන්

මාර්තු 07 ජේ. එස්. තිස්සනායගම්

නොවැම්බර් 28 ‘සන්ඩේ ලීඩර්’ ඡායාරූප ශිල්පී  අශෝක ප්‍රනාන්දු

2007 ජූනි 23 ‘උදයන්’ පුවත්පතේ කුමාරදාස්

අගෝස්තු 26 ස්වාධීන රූපවාහිනියේ නාගලිංගම් කෙන්ඩියුසන්

2008 පෙබරවාරි 12 ඒෂියන් ප්‍රෙස් පුවත් සේවයේ ගැමුණු අමරසිංහ

2008 මාර්තු 08 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එස්. සිවකුමාර්

2008 ජූලි 30 ඉන්දිය මාධ්‍යවේදී අලි අක්‍රම් 

2008 නොවැම්බර් ඒ. ආර්. වාමලෝෂන්

ජූනි ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර

2009 සැප්තැම්බර් 02 ‘ලංකා’ පුවත්පතේ ශාලික විමලසේන, දයා නෙත්තසිංහ, ඡායාරූප ශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර බොරු චෝදනා මත දෙනියායේදී අත්අඩංගුවට ගෙන දින 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීම

2009 ඔක්තෝබර් 17 ‘ලංකා’ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත හෝමාගමදී අත්අඩංගුවට ගැනීම

ජනවාරි 29 ‘ලංකා’ ප්‍රධාන කර්තෘ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන දින 18ක් රඳවාතැබීම

2010 මාර්තු 16 මාධ්‍යවේදී රුවන් වීරකොන් අත්අඩංගුවට ගැනීම

 අප්‍රේල් 25 ‘ඊ නිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය

ජූනි 29 ‘ලංකා මිරර්’ සහ ‘ලංකා එක්ස් නිව්ස්’ මාධ්‍යවේදීන් 9 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම

2012 ඔක්තෝබර් 02 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යැයි පවසා මාධ්‍යවේදී ක‍්‍රිෂාන් රාජපක්ෂ හිරිහැරයට ලක් කිරීම

2012 නොවැම්බර් 27 මාධ්‍ය වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයකු වන සංජීව සමරසිංහ අත්අඩංගුවට ගෙන නිදහස් කිරීම
 
මාධ්‍යවේදීන්ට පහරදීම්

2007 ජනවාරි 06 ‘රිවිර’ මාධ්‍යවේදී තිස්ස රවීින්ද්‍ර

2007 ජනවාරි 10 ප්‍රාදේශීය මාධ්‍යවේදී වික්ටර් සෝමවීර

2007 ජනවාරි බීබීසී වාර්තාකරු ඥානසිරි කොත්තිගොඩ සහ ‘රාවය’ පුවත්පතේ අජිත් සෙනෙවිරත්

2007 ජනවාරි 28 ‘තිනකුරල්’ කේ. පී. මොහාන්

2008 ජනවාරි 16 ‘සිරස’ මාධ්‍යවේදී යූ. එස්. බී. බණ්ඩාර

2008 ජනවාරි 25 රූපවාහිනී සංස්ථාවේ ලාල් හේමන්ත මාවලගේ සේවය නිමවී නිවසට යමින් සිටියදී තියුණු ආයුධයකින් කපා තුවාල කිරීම

2008 ජනවාරි 28 ‘තිනකරන්’ පුවත්පතේ සුහයිබ් එන්. කාසිම්

2008 පෙබරවාරි 28 ස්වාධීන රූපවාහිනියේ පංකජ සංකල්ප

2008 මැයි 09 ‘වාරඋරෛයික්කල්’ කර්තෘ එම්. අයි. රහමතුල්ලා ‍

 2008 මැයි 19 නිදහස් මාධ්‍යවේදී ජව්ෆර් ඛාන්

2008 මැයි 19 සිරස කැමරා කන්ඩායමට පහරදී කැමරා විනාශ කිරීම

 2008 මැයි 22 ‘නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්

2008 ජූනි 05 එම්.සී. පිලිස්

2008 ජූනි 30 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නාමල් පෙරේරා සහ මහේන්ද්‍ර රත්නවීර

 2008 ජූලි 18 යොහාන් පෙරේරා, ප්‍රදීප් දිල්රුක්ෂ

2008 අගෝස්තු 04 සිරස නාලිකාවේ තුෂාර රනවක, වරුණ සම්පත්

2008 අගෝස්තු 28 ‘ලංකාදීප’ යමුනා හර්ෂනී සහ ජානක ගලප්පත්ති

2008 අගෝස්තු 28 ජාතික රූපවාහිනියේ දුෂාන්ත මනෝජ්

2008 අගෝස්තු 28 ‘රිවිර’ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන්

2008 නොවැම්බර් 29 මඩකලපුවේ මාධ්‍යවේදියකු ප්‍රහාරයට ලක්කිරීම

2008 මාර්තු 05 රූපවාහිනී සංස්ථාවේ රංජනී අලුත්ගේ හේරත්ගේ උරහිස දැලිපිහියකින් කැපීම

2008 මාර්තු 14 රූපවාහිනී සංස්ථාවේ අනුරසිරි හෙට්ටිගේ ප්‍රහාරයට ලක්වීම

2008 සැප්තැම්බර් 08 ‘තිනකරන්’ රාධිකා තේවකුමාර්

ජනවාරි 23 ‘මැක්ස් ටිවී’ මාධ්‍යවේදීන්ට පහරදීම

2009 ජූනි 01 වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ පෝද්දල ජයන්ත

ජනවාරි 16 බීබීසී පොලොන්නරුව වාර්තාකාරිණී තක්ෂිලා දිල්රුක්ෂි

 2010 ජනවාරි 28 ජාතික රූපවාහිනියේ රවී අබේවික්‍රමට පහරදී මරණ තර්ජන සිදුකිරීම

 2010 පෙබරවාරි 02 අනුරාධපුර ‘සිරස’ වාර්තාකරු රිස්වි මොහොමඞ්

2010 පෙබරවාරි 03 ‘සිරස’ මාධ්‍යවේදි ශ්‍රී රංගා

2010 පෙබරවාරි 10 ‘සිරස’ සහ ‘ස්වර්ණවාහිනී’ ප්‍රාදේශීය වාර්තාකරුවන් දෙදෙනකුට දෙහිඅත්තකණ්ඩියේදී පහරදීම

 2010 පෙබරවාරි 10 ‘සිරස’ හා ‘සියත ටීවී’ වාර්තාකරුවන් දෙදෙනකු හම්බන්තොටදී ප්‍රහාරයට ලක්වීම

2010 ඔක්තෝබර් 07 උද්ඝෝෂණයක් වාර්තාකිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී බිඟුන් මේනක ඇතුළු මාධ්‍යවේදීන් පස්දෙනකු ප්‍රහාරයට ලක්වීම

2010 දෙසැම්බර් 07 ‘ලංකා ඊනිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය කටුනායකදී ප්‍රහාරයට ලක්වීම

 ජූලි 29 ‘උදයන්’ ප්‍රවෘත්ති සංස්කාරක ඥානසුන්දරම් කුගනාදන් යාපනේ සිය නිවස අසලදී ප්‍රහාරයට ලක්වීම

 [දිලංක ගුණතිලක]

Comment (0) Hits: 226

ආණ්ඩුවත් හෙළවූ සිසුන් පැහැර ගැනීම ගැන විශේෂ  හෙළිදරව්ව මෙන්න !  

නේවි සම්පත් නැමැ­ත්තෙක් පොලිස් අත්අ­ඩං­ගු­වේය. පොලි­සි­යට අනුව නේවි සම්පත් අත්අ­ඩං­ගු­වට ගන්නේ සිවිල් පුද්ග­ල­යන් 11 දෙනෙක් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා ඝාත­නය කිරීමේ නින්දිත චෝද­නා­වට සැක­ක­රු­වෙක් ලෙසය. 

පැහැ­දි­ලිව ඔප්පු වන සාක්ෂි ප්‍රකා­රව පුද්ග­ල­යන් 11 දෙනෙක් මරා දමා ඇත. පැහැ­ර­ගත් පිරිස රඳවා තබා ගන්නේ කොටුව නාවික හමුදා මූල­ස්ථා­නය ඉදි­රි­පිට ඇති යම් ආර­ක්ෂිත නිව­ස්න­යක ය. පිරි­සෙන් කොට­සක් කොළ­ඹදී මරා දම­න්නේය. ඉතිරි පිරිස ත්‍රිකුණාමලය  නාවික හමුදා කඳ­වු­රට රැගෙන ගොස් එතැ­නදී මරා දමා තිබෙ­න්නේය. අප ඉති­හා­සයේ සිදුවූ අති­ශය නින්දිත අප­රා­ධ­යක් අබි­ය­සය.

දැන් මේ රට අපේක්ෂා කරන්නේ මරා දමන ලද මනු­ෂ්‍ය­යන්ගේ ජීවිත වෙනු­වෙන් සාධා­ර­ණ­යකි. නේවි සම්පත් නැමැ­ත්තෙක් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වන්නේ මේ අත­රය. නේවි සම්පත් නමින් අත්අ­ඩං­ගු­වට පත්වන්නේ හිටපු නාවික හමුදා ලුති­නන් කමා­න්ඩර් වර­යෙකි. ඔහු නමින් හෙට්ටි­ආ­රච්චි මුදි­ය­න්සේ­ලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි බව රහස් පොලි­සිය කිය­න්නේ­ය. සැක­කරු අත්අ­ඩං­ගු­වට ගන්නේ ඉකුත් 13 වනදා කොළඹ ලෝටස් පාරේදීය. ඔහුව රැඳ­වුම් නියෝග මත රඳවා ගනි­මින් ප්‍රශ්න කිරි­මෙන් අන­තු­රුව සමූහ මංකොල්ල විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති නිශාන්ත සිල්වා විසින් පසු­ගිය බදාදා (15) ඔහුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලබන්නේ ය. කොටුව මහේ­ස්ත්‍රාත් ලංකා ජය­රත්න මෙන­විය ගේ නියෝග ප්‍රකා­රව පොලි­සිය විසින් අල්ලා ගත් නේවි සම්පත් ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත­වය.

0012018 ජනවාරි :  නිවේදනය !

පොලි­සිය විසින් පසු­ගිය 13 දා අත්අ­ඩං­ගු­වට ගත්තේ හෙට්ටි­ආ­රච්චි මුදි­ය­න්සේ­ලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­ර­ච්චිය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඔහුව නේවි සම්පත් ලෙස හඳු­නා­ගන්නේ මේ අවු­රුද්ද මුල් භාග­යේය. පොලිස් මූල­ස්ථා­නය වර්ෂ 2018 ජන­වාරි මස මාධ්‍ය­ව­ලට නිවේ­ද­න­යක් නිකුත් කර­මින් චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා පුද්ග­ල­යන් 11 දෙනෙක් පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීමේ අප­රා­ධ­යට සම්බන්ධ ප්‍රධාන සැක­ක­රු­වෙක් බවත්, දැනට අධි­ක­ර­ණය මඟ­හැර සිටින ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට මහ­ජන සහ­යෝ­ගය අවශ්‍ය බවත් කියා සිටි­යේය.

කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂකයා !


මේ අවු­රුද්දේ ජන­වා­රි­යට කලින් නේවි සම්පත් නැමැ­ත්තෙක් සම්බ­න්ධව පොලිස් පොත් වල ලියැ­වු­ණේය. විම­ර්ශන සිද්ධ වුණේය. අත්අ­ඩං­ගු­වට පත් වුණේය. මේ නේවි සම්පත්, මුණ­සිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් නැමැති නාවික හමු­දාවේ හිටපු ලුති­නන් කමා­න්ඩර් වර­යාය. හිටපු නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගොඩ ගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා ය.

නේවි සම්පත් නැමැ­ත්තෙක් සම්බ­න්ධව මුලින් ම ඇසෙන්නේ යුද්ධය පව­තින කාල­යේ­දීය. ඒ එව­කට ගුවන් හමු­දා­ප­ති­ව­ර­යාව සිටියේ රොෂාන් ගුණ­ති­ල­කගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා වන බල­ගන නායක නිශාන්ත ගජ­නා­ය­කත් ජනා­ධි­පති ආර­ක්ෂක අංශයේ පොලිස් නිල­ධා­රි­යෙක් වූ ප්‍රීති­වි­රාජ් මන­ම්පේරි නැමැ­ත්තාත් පිට­කො­ටුවේ ද්‍රවිඩ ජාතික ව්‍යාපා­රි­ක­යෙක් පැහැර ගෙන කප්පම් ඉල්ලීමේ සිද්ධි­යක් සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට පත්වී­මෙන් පසුය.

යුද්ධය අස්සේ ජයටම ගිය කප්පම් සුදිය !

මේ අව­ධිය වන­විට එල්.ටී.ටී.ඊ ක්‍රියා­කා­ර­කම් මැඩ පැවැ­ත්වී­මට කොළඹ ක්‍රියා­ත්මක වුන බුද්ධි ජාලයේ ගාමක බලය සහි­තව සිටි කරුණා පාර්ශ­වයේ කාඩ­ර­යන් එල්.ටී.ටී.ඊ ට කප්පම් ගෙවන වග හොඳින්ම දැන­ගෙන හිටි ව්‍යාපා­රි­ක­යන් ඉලක්ක කර­ගෙන සිය කප්පම් ව්‍යාපා­රය දියත් කර තිබු­ණහ. ඒ සම­ඟම විවිධ කප්පම් කල්ලි කොළඹ හැසි­රු­ණේය. මේ කප්පම් කල්ලි ගැන විම­ර්ශ­නය කර­ගෙන යන පොලි­සිය හිටපු ගුවන් හමු­දා­පති රොෂාන් ගුණ­ති­ල­කගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධාරී බල­ගණ නායක නිශාන්ත ගජ­නා­ය­කත් ජනා­ධි­පති ආර­ක්ෂක අංශයේ පොලිස් නිල­ධා­රි­යෙ­ක්වන ප්‍රීති විරාජ් මන­ම්පේරි නැමැ­ත්තාත් අත්අ­ඩං­ගුට ගත්තේය. ඒ වර්ෂ 2007 ජුනි මස 21 දාය. නේවි සම්පත් නැමැ­ත්තෙ­කුගේ කල්ලි­යක් කප්පම් ගන්නා බව මුලින්ම රහස් පොලි­සි­යේදී හෙළි වන්නේ අත්අ­ඩං­ගු­වට ගත් ප්‍රීති විරාජ් මන­ම්පේ­රිගේ ප්‍රශ්න කිරී­මේදී ඔහු කළ ප්‍රකා­ශ­ය­කට අනු­වය.

002පොලිස් පරීක්ෂණ සඳහා නේවි සහය නොලැබීම !

හිටපු ගුවන් හමු­දා­පති රොෂාන් ගුණ­ති­ල­කගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රි­යාට සම­ගා­මීව තවත් කප්පම් කල්ලි­යක් මෙහෙ­ය­වන නේවි සම්පත් නැමැත්තා කව­රෙ­ක්දැයි සොයන රහස් පොලි­සිය එදා හඳු­නා­ගන්නා පුද්ග­ලයා මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් නැමැ­ත්තෙකි. ඔහු ඒ වක­වා­නුවේ හිටපු නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගො­ඩගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා ලෙස කට­යුතු කළේය. මේ තොර­තුරු මත නේවි සම්පත් නැමැත්තා අත්අ­ඩං­ගු­වට ගැනී­මට අදාළ මූලික ප්‍රශ්න කිරීම් සඳහා අවශ්‍ය කති­කාව කර­ගැ­නී­මට එව­කට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙක් වූ ජී.ඩබ්ලියු. ප්‍රතා­ප­සිංහ හිටපු නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගො­ඩව මුණ ගැසෙ­න්නේය. පොලි­සි­යට අවශ්‍ය සහය ඒ මොහොතේ ලැබෙන්නේ නැත. නාවික හමු­දා­ප­ති­ව­රයා තමන්ගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා වූ මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත්ට එරෙ­හිව නැගෙන “නේවි සම්පත්” චෝද­නාව පිළි­ගන්නේ නැත. සිද්ධිය එතැ­නින් යට යන්නේය.

නැවත වරක් නේවි සම්පත් නැමැ­ත්තෙක් ගැන කතා කරන්නේ පුද්ග­ල­යන් 11 දෙනෙක් පැහැ­ර­ගෙන ගොස් ඝාත­නය කිරීම සම්බ­න්ධව ලෝකය කම්පා කළ අව­න­ඩු­වේ­දීය. වර්ෂ 2008 සැප්තැ­ම්බර් 17 දින දෙහි­ව­ලදී මෙම පුද්ග­ල­යන් පැහැර ගන්නේ නේවි සම්පත් නැමැ­ත්තෙ­කුගේ මූලි­ක­ත්ව­යෙන් බව කියැ­වු­ණේය. නැව­තත් නේවි සම්පත් ලෙස හඳුනා ගන්නේ මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් ය.

නාවුක හමුදාපතිගේ පැමිණිල්ල !

අන­තු­රුව වර්ෂ 2009 මැයි මාස­යේදී එව­කට නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගොඩ විසින් තම පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රි­යාගේ අප­රා­ධ­කාරී හැසි­රීම සම්බ­න්ධව පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර­න්නේය. පැමි­ණිල්ල කරනු ලබන්නේ මේ පුද්ග­ලයා සම්බ­න්ධව නාවික හමු­දාව පාර්ශ්ව­යෙන් පරී­ක්ෂ­ණ­යක් පවත්වා ඔහුගේ පුද්ග­ලික කුටිය මුද්‍රා තැබී­මෙන් අන­තු­රු­වය. නාවික හමු­දා­ප­ති­ව­ර­යාගේ පැමි­ණිල්ලේ කියැ­වෙන්නේ තම පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා මිනි­සු­න්ගෙන් කප්පම් ගැනීම සඳහා ඔවුන් පැහැ­ර­ගෙන ගොස් මරා දමා ඇති බවය.

මේ වන­විට තවත් සිදු­වී­මක් වාර්තා විය. තරු­ණ­යන් පැහැ­ර­ගැ­නීම සිදු­වන 2008 සැප්තැ­ම්බර් 6 දා වන­තෙක් මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් නමින් සිටි ලුති­නන් කමා­න්ඩර් වරයා 2008. 11. 21 සුබ­සෙත පුව­ත්පතේ දැන්වී­මක් දමා සිය නම මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණ­සිංහ ලෙස වෙනස් කර­ගෙන තිබු­ණේය.

පැහැර ගැනීම !

නේවි සම්පත් නැමැ­ත්ත­කුගේ මූලි­ක­ත්ව­යෙන් 2008 සැප්තැ­ම්බර් 6 දා දෙහි­ව­ලදී පැහැ­ර­ගත් පුද්ග­ල­යන් පස් දෙනෙක් ඇතුළු 11 දෙනෙක් සම්බ­න්ධව රහස් පොලිස් පරී­ක්ෂණ ආරම්භ වන්නේ නාවික හමු­දා­ප­ති­ව­ර­යාගේ පැමි­ණිලි ප්‍රකා­ර­වය.

නාවික හමු­දා­පති තම පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රි­යාට එරෙ­හිව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කරන තැන­කට යන්නේ ඔහු කප්පම් ලබා­ගැ­නීම සඳහා මිනි­සුන් පැහැර ගන්නා කල්ලි­ය­කට නාය­ක­ත්වය දෙන බව කරුණු සහි­තව දැන­ග­න්නට ලැබීම නිසා බව කියැ­විණි.

ඔහුගේ එම පැමි­ණිල්ල සමඟ ලුති­නන් කමා­න්ඩර් මුණ­සිංහ නාවික හමු­දා­වෙන් පළා යන අතර ඒ සමඟ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඔහුගේ නිල කාම­රය සීල් තබ­න්නේය. 2009 ජූනි 20 වැනි දින එම නිල­ධා­රියා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගන්නේය. ඔහු ඉදි­රියේ සීල් තබන ලද නිල කාම­රය විවෘත කොට එය පරී­ක්ෂා­වට ලක් කර­න්නේය. එහිදී පැහැර ගන්නා ලද තරු­ණ­යන් පස්දෙ­නාගේ ගමන් බල­පත්‍ර හා ජාතික හැඳු­නු­ම්පත් 5 සොයා ගන්නේය. එදා ලුති­නන් කමා­න්ඩර් මුණ­සිං­හව රහස් පොලි­සිය හඳුනා ගත්තේ නේවි සම්පත් නමින් ය. ඔහු අත්අ­ඩං­ගු­වට පත්වූ විට මාධ්‍යය කීවේ නේවි සම්පත් අත්අ­ඩං­ගු­වට පත්වූ බව ය. නේවි සම්පත් යනු මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් හෙවත් මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණ­සිංහ බව මාධ්‍ය­යට තහ­වුරු කළේ රහස් පොලි­සිය ය.


003නඩරාජ් රවිරාජා ඝාතනය !

නේවි සම්පත් මාරු වන්නේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නඩ­රාජා රවි­රාජ් ඝාතන සිද්ධියේ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට පත්වී­මත් සමඟ ය. රවි­රාජ් ඝාතන සිද්ධියේ රජයේ සාක්ෂි­කරු ලෙස පෙනී සිටින්නේ එම ඝාතන සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට පත් වූ ප්‍රීති විරාජ් මන­ම්පේරි ය. ඔහුගේ සාක්ෂියේ කියැ­වුණේ නේවි සම්පත් විසින් රවි­රාජ් ඝාත­නය කළ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි වෙත ත්‍රී රෝද රථ­ය­කින් පැමිණ ඝාතන අවිය ගෙනැ­විත් දුන් බවය. ඒ සාක්ෂිය මත ලුති­නන් කමා­න්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි අත්අ­ඩං­ගු­වට පත්ව­න්නේය. 
"නේවි සම්පත්" පටලැවිල්ල !  
 
ඔහුට ගිනි අවිය ගෙනත් දුන් නේවි සම්පත් ලෙස අත්අ­ඩං­ගු­වට පත්වන්නේ මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණ­සිංහ ය. ඔහුව 2015 මාර්තු මස 13 දා අත්අ­ඩං­ගු­වට ගන්නේය. මාස තුනක් අත්අ­ඩං­ගුවේ පසු­ව­න්නේය. ඒ අතර නිලන්ත සම්පත් මුණ­සිංහ සිය නීති­ඥ­යන් මඟිින් පෙන්වා දෙන්නේ නඩ­රාජා රවි­රාජ් ඝාතන සිද්ධිය දින ඔහු කොළඹ නොසිටි බවය. විශේෂ රාජ­කා­රි­යක් සඳහා කන්ක­ස­න්තු­රය ප්‍රදේ­ශ­යට වාර්තා කර තිබුණු බවය. ඒ අනුව මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණ­සිංහ චෝද­නා­වෙන් නිද­හස් වන්නේය. නිද­හස්ව එන ඔහු රහස් පොලි­සි­යට එරෙ­හිව මානව හිමි­කම් කඩ­වීම සම්බ­න්ධව පැමි­ණි­ල්ලක් ගොණු කිරී­මට සූදා­නම් වන විට ප්‍රකා­ශ­යක් කරන ප්‍රීති විරාජ් මන­ම්පේරි තමන් නේවි සම්පත් ලෙස හඳුනා ගත්තේ සම්පත් මුණ­සිංහ නොව චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි බව කියන්නේ ය. චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි නේවි සම්පත් ලෙස මුලින් ම ප්‍රකාශ වන්නේ ඒ ආකා­ර­යට ය.

එහෙත් මේ සාක්ෂිය සම­ස්තය අතා­ර්කික කළේය. ඔහුගේ මුල් සාක්ෂිය ප්‍රකා­රව රවි­රාජ් ඝාත­න­යට ගිනි අවිය ගෙනත් දී ඇත්තේ නේවි සම්පත් ය. නේවි සම්පත් අවිය ගෙනත් දී තිබුණේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­ර­ච්චිට ය. ඔහුගේ දෙවන සාක්ෂිය අනුව නේවි සම්පත් යනු චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි ය. ඒ අනුව හෙට්ටි­ආ­රච්චි විසින් හෙට්ටි­ආ­ර­ච්චිට ම ගිනි අවිය ගෙනත් දී තිබිණි. මේ පර­ස්ප­රය උසා­වි­යේදී තහ­වුරු වීමත් සමඟ චූදි­තයෝ ඝාතන චෝද­නා­වෙන් නිද­හස් වූහ. හෙට්ටි­ආ­රච්චි මුල්ව­රට නේවි සම්පත් වන්නේ එසේ ය. දෙවන අව­ස්ථා­වේදී ඔහු නේවි සම්පත් වන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙට්ටි­ආ­රච්චි මුදි­ය­න්සේ­ලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි නොහොත් නේවි සම්පත් අවශ්‍ය බව කියා පළ කළ ප්‍රසිද්ධ මාධ්‍ය දැන්වීම නිසා ය. අත්අ­ඩං­ගු­වට පත් පුද්ග­ලයා නේවි සම්පත් හෝ වෙන ඕනෑම කෙනෙක් වෙන්නට හැකිය. රටට අවශ්‍ය වන්නේ මේ අප­රා­ධය කළ සැබෑ අප­රා­ධ­ක­රු­වන්ට දඬු­වම් කිරී­මය. එල්ල­වන චෝදනා නිමක් නැත. එහෙත් එතැ­නින් ඉදි­රි­යට මේ ගමන යන්නේ නැත.
004
ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී රවී විජේ­ගු­ණ­රත්නට : CID ශානිගෙන් චෝදනා ! 

පුද්ග­ල­යන් 11 දෙනා අතු­රු­දන් කිරීමේ සිද්ධිය සම්බන්ධ සිද්ධි­යට අදාළ චෝදනා ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී රවී විජේ­ගු­ණ­රත්න වෙතත් එල්ල වී තිබේ. ඒ හෙට්ටි­ආ­රච්චි මුදි­ය­න්සේ­ලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි නොහොත් නේවි සම්පත්ට රුපි­යල් ලක්ෂ පහක මුද­ලක් ලබාදී ඔහු රටින් පිට කිරී­මට උදව් කළ බව­ටය. ඉකුත් අප්‍රි­යල් 20 දා රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශයේ පැවති රැස්වී­ම­කදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර විසින් මේ චෝද­නාව ඍජු­වම රවී විජේ­ගු­ණ­ර­ත්නට කළේය. එමෙන්ම මේ මුදල රවී විජේ­ගු­ණ­රත්න නාවික හමු­දා­පති සමයේ ඔහු විසින් හෙට්ටි­ආ­රච්චි මුදි­ය­න්සේ­ලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි නොහොත් නේවි සම්පත්ට ලබා දී ඇත්තේ නාවික හමු­දා­පති අර­මු­ද­ලින් බව රහස් පොලි­සිය කියන්නේ ය.

දැන් රහස් පොලි­සිය කියූ නේවි සම්පත් අත්අ­ඩං­ගු­වේය. නාවික හමු­දාවේ සිටි­යදී අපා­රධ කළ බවට චෝදනා ලැබ තිබෙනා සැක­ක­රු­වෙක් වසන් කිරීම සඳහා නාවික හමු­දා­පති ලෙස නාවික හමු­දාවේ මුදල් අව­භා­විත කළ බවට රහස් පොලී­සිය රවී විජේ­ගු­ණ­ර­ත්නට එල්ල කරන චෝද­නාව විභාග කිරීම සම්බ­න්ධව දැන් ගැට­ලු­වක් නැත. එසේ නොවන්නේ නම් එය රටට ගැට­ලු­වකි. රවී විජේ­ගු­ණ­රත්න වර­දක් කර ඇත්නම් ඔහු අත්අ­ඩං­ගු­වට නොගැ­නීම ගැට­ලු­වෙකි. කොටින්ම “නේවි සම්පත්” සංකේ­ත­යම රටට ගැට­ලු­වකි.

ප්‍රශ්නය එතැ­නම ය. සියල්ල රැගෙන යමින් ඇත්තේ වෙනත් දිශා­න­ති­යක් කරාය. මේ කිසි­වක් මරා­දැමූ නිරා­යුධ මනු­ෂ්‍ය­යන්ට 

සාධා­ර­ණ­යක් ඉෂ්ට කරන්නේ නැත. මේ රට ඉල්ලා සිටින්නේ ඒ සාධා­ර­ණය ය.

005අතුරුදහන්වූ තරුණයන් !

කොටහේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි රජීව නාගනාදන්, තිලකේස්වරන් රාමලිංගම්, ප‍්‍රදීප් විස්වනාදන්, ඩිලාන් රාජරත්නම් සහ තවත් තරුණයෙකු දෙහිවල ප‍්‍රදේශයේදී අතුරුදන් වන්නේ පසුගිය 2008 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනි දිනය. මෙම පිරිස අතර සිටි රජීව් නාගනාදන් තරුණයා (වයස 21) එවක දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා සුදුසුකම් සපුරා ගෙන ඒ සඳහා ලන්ඩන් නුවර වෙත යන්නට දින ගනිමින් සිටියේය. මෙම සුදුසුකම් ලැබීම නිසා ඔහු ඉහත නම් සඳහන් අනෙකුත් තරුණයන්ට රාත‍්‍ර‍්‍රී භෝජන සංග‍්‍රහයක් සිය නිවසේ පවත්වන අතර පසුව එම පිරිස සමග මෝටර් රථයක නැඟී නිවසින් පිටවී ඇත. රජීව් නාගනාදන් සහ පිරිස අවසන් වරට ගිය ගමන වන මෙම ගමනින් පසුව ඔවුන් ගැන තවමත් කිසිදු තොරතුරක් නැත.

මෙම අතුරුදන් වීමෙන් මඳ කලකට පසුව ඔවුන් දෙහිවල ප‍්‍රදේශයේ සිටියදී අතුරුදන් වී ඇතැයි මාපියන්ට දැනගන්නට ලැබෙන අතර ඉන් පසුව 2008 වර්ෂයේ නොවැම්බර් මස නාගනාදන්ගේ මව වන සරෝජනී නාගනාදන් මහත්මියට දුරකථන ඇමතුමක් ලැබෙන අතර එම ඇමතුම මාර්ගයෙන් මව සමග සම්බන්ධ වෙන නාගනාදන් තරුණයා තමන් සහ පිරිස නාවික හමුදා අත්අඩංගුවේ සිටින බවද සම්පත් මුණසිංහ සහ හෙට්ටිආරච්චි යන දෙදෙනා තමන් පැහැරගත් බවද් ප‍්‍රකාශ කර ඇත. මෙම අතුරුදන් වීම පිළිබඳව අධිකරණයේ විභාග වන නඩුවකදී ඇය මේ බව අනාවරණය කළාය. ඒ 2012 වර්ෂයේ ජුනි මස 13 වැනි දිනය. ඉන්පසුව කප්පම් ඉල්ලමින්ද දුරකථන ඇමතුම් ලැබෙන අතර සමහර මාපියන් තම දරුවන් නිදහස් කරගැනීම සඳහා කප්පම් මුදල් ගෙවා ඇති බවද වාර්තා වෙයි. 2008 වර්ෂයේ සිදුවූ මෙම සිදුවීම පිළිබඳව පසුගිය රාජපක්ෂ ආණ්ඩුවෙන් කිසිවක් සිදු නොවුණි. මාපියන් දිගින් දිගටම රහස් පොලීසිට පැමිණිලි කළෝය. එහෙත් සාධනීය පිළිතුරක් නොලැබුණි.

හබයාස් කෝපුස්

මෙම පැහැරගැනීම නාවික හමුදාවෙන් කළ බවට සහ අදාළ නිලධාරීන් මෙම දරුවන් නාවික හමුදා කඳවුරු තුළ තබා ගනිමින් කප්පම් ඉල්ලා සිටි බව රහස් පොලීසියට දැන්වුවත් ඔවුන් ක‍්‍රියාත්මක නොවන තතු තුළ එවක අමාත්‍ය ධුරයක් දැරූ පීලික්ස් පෙරේරා ඇමතිවරයාට මෙම දුක් ගැනවිල්ල ඉදිරිපත් කර මාපියන් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මාර්ගයෙන් තම දරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇත. 
එම ඉල්ලීමට ද පිළිතුරු නොලැබෙන අතර ඊට පසුව මාපියන් අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සම් දෙකක් ඉදිරිපත් කරමින් මේ පිළිබඳව අධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිට ඇත. ඒ 2011 නොවැම්බර් 11 වැනි දිනය. ඒ අනුව 2012 ජුනි මස 13 වැනි දින කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එහෙත් ඒ පරීක්ෂණ කටයුතුවලදී ද පොලීසිය පාර්ශ්වයෙන් නිරන්තරයෙන් කියැවුණේ නාවික හමුදාව විසින් සැකකරුවන් කටඋත්තර ලබාගැනීම සඳහා පොලීසියට බාර නොදීම නිසා පරීක්ෂණ ඇනහිට ඇති බවය. 

පසුගිය රජය අවධියේ මෙම පැහැරගැනීමට අදාළ පරීක්ෂණවලට සිදුවූයේ කුමක්ද? පරීක්ෂණ ප‍්‍රමාද වීමට හේතු කවරේද? 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමත් සමග මෙම අතුරුදන් කරවීමේ සිදුවීමේ ඇතුළාන්තය අද ඕනෑවටත් වඩා එළියට ඇවිත් ඇත. මෙම සිදුවීමට අදාළ නඩු විභාගය ද ප‍්‍රමාදයකින් තොරව ඉදිරියට ඇදී යමින් තිබේ. එම නඩු වාරයන්හිදී අනාවරණය වන තොරතුරු ද අපූර්වය.
වර්තමාන තත්ත්වය

දැනට තිබෙන තොරතුරුවලට අදාළව මෙම පැහැරගැනීමේ ප‍්‍රධාන චූදිතයා නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ය. ඔහු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂකයාය. ඔහු සහ කණ්ඩායම 11 දෙනෙකු පැහැරගෙන කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සහ ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ රඳවා තබාගෙන ඇත. ඒ කාලතුවක්කු උණ්ඩ ගබඩා කිරීම සඳහා නිර්මාණය කළා යැයි කියන භූගත බංකර් තුළය. අඳුරු ගුහා තුළය. 

මේ වනවිට මෙම පරීක්ෂණ මෙහෙයවන රහස් පොලිස් කණ්ඩායම අදාළ සියලූම ස්ථාන හඳුනාගෙන ඒවා සීල් කර වසා දමා ඇත. මෙම පැහැර ගැනීම් සිදු කළ නාවික හමුදා කණ්ඩායම ඒ පැහැරගැනීම්වලට අදාළව කප්පම් ගැනීම් ද සිදුකර ඇති බව දැනට සනාථ වී තිබේ. 

කරන්නාගොඩත් දැනගෙන ඉඳලා !

පසුගිය දා මෙම සිදුවීමට අදාළව නඩුව අධිකරණයේ විභාග වූ අවස්ථාවේ පැහැර ගැනීමට ලක්වූ ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් රහස් පොලිස් නිලධාරීන්ගෙන් සාක්ෂි විමසීමේදී අනාවරණය වී ඇත්තේ මෙම නීති විරෝධී රැඳවීම් ස්ථාන තුළ ශිෂ්‍යයන් රඳවා සිටින බව හිටපු නාවික හමුදාපතිවරයා වන වසන්ත කරන්නාගොඩ දැන සිට ඇති බවය. ඔහු නොදැන ඔහුගේ පුද්ගලික ආරක්ෂකයාට මෙවැනි ක‍්‍රියාවක් මෙතරම් දීර්ඝ කාලයක් තුළ පවත්වාගෙන යා නොහැකි බවද රහස් පොලීසිය අධිකරණය ඉදිරියේ පවසා ඇත.

දැන් ශිෂ්‍යයන්ට යුක්තිය ඉටුවිය යුතුයැයි කියා සිටින සියලූ පාර්ශ්ව අසන පැනය වන්නේ පැහැරගැනීම් නිශ්චිතවම සිදුවී ඇති නම්, එම පැහැරගැනීම්වලට ලක්වූ ශිෂ්‍යයන් රඳවා සිටි ස්ථාන නිශ්චිතවම හඳුනාගෙන තිබේ නම්, එම ශිෂ්‍යයන්ගේ හඳුනාගැනීමේ පත‍්‍ර අදාළ නාවික හමුදා නිලධාරියාගේ කාමරයේ තිබී හමුවූයේ නම් හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණවන්නට ප‍්‍රමාද වන්නේ ඇයි? යන පැනයයි. එම පැනය සාධාරණ පැනයකි. එයට පොලිසියේ පැත්තෙන් කියැවෙන්නේ මෙම පරීක්ෂණයට අදාළව නීතිපතිවරයා වෙත යොමුකරන ලද වාර්තාවලට තවම පිළිතුරු නැති බවය. අනෙක් පැත්තෙන් මෙම පැහැරගැනීම් සිදුවීමට අදාළ ප‍්‍රධාන චූදිතයා වන නේවි සම්පත් නමැත්තා පිළිබඳ රහස් පරීක්ෂණ ආරම්භ වන්නේ අදාළ නාවික හමුදාපතිවරයාම කරන පැමිණිල්ලක ප‍්‍රතිඵලයක් ලෙසය. 

පැමිණිල්ල නාවික හමුදාපතිවරයා කළ පමණින් ඒ පැමිණිල්ලට අනුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූ තොරතුරු සහ ලැබුණ සාක්ෂිවලට අනුව මෙම පුද්ගලයා මෙම ශිෂ්‍යයන්ගේ පැහැරගැනීමට ප‍්‍රධාන චූදිතයා බව ඔප්පු වූ පමණින් නාවික හමුදාපතිවරයා මෙම පරීක්ෂණවලින් ඉවතට විසි කළ හැකිද? ඔහු මෙම පැහැරගැනීම් දැනසිටියා ය යන කරුණ, ඔහු අදාළ නිලධාරියා පිළිබඳව පරීක්ෂාවක් කරන්නයැයි පොලිසියට පැමිණිලි කළ පමණින් මැකෙන්නේද නැත. රහස් පොලිස් ආරංචි මාර්ගවලින් එන තොරතුරු කියන්නේ ද පැමිණිල්ල පොලිසියට එන්නේද අදාළ පුද්ගල කණ්ඩායම් අතර සිදුවූ අභ්‍යන්තර ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස බවය. ඒවා ගැන ද නිසි පරීක්ෂණයකින් කරුණු සොයා බැලිය යුතුය.

මෙම අතුරුදන් කරවීම්වලට සම්බන්ධ නාවික හමුදා කණ්ඩායම තුළ තවත් සිංහල පුද්ගලයන් දෙදෙනකු සිට ඇති බවද තොරතුරු තිබෙන බව කියවෙයි.අවසන අප කිව යුතුව ඇත්තේ නේවි සම්පත් සහ පිරිස පසුගිය රජය සමයේ සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකර එම අපරාධවලට සම්බන්ධ සියලූ පුද්ගලයන් තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවය. යහපාලන ආණ්ඩුව රාජපක්ෂ යුගයේ සියලූම අපරාධ ඉදිරියේ ක‍්‍රියාකරන අයුරින්ම මෙම අපරාධය ඉදිරියේද හැසිරෙනු අපට දැකගත හැකි වූ අතර එය ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වා ගෙන සිටින ජනතාවට කනස්සල්ලට කරුණකි.

 විශේෂ වාර්තාකරුවකු විසිණි

Comment (0) Hits: 269

බන්දුලගේ චිත්‍රපටයේ ඇත්ත නැත්ත මෙන්න

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය සම්බන්ධයෙන් හදවත් කම්පනය කරන චිත්‍රපටයක් තමා විසින් නිෂ්පාදනය කිරීමට සුදානම් වෙද්දී වත්මන් රජය විසින් ඊට අවහිර කල බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (23)  පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍යක් බව අනාවරණය වෙයි.

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත සහ සුරා බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට යොමුකරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඊයේ (23දා) පාර්ලිමෙන්තුවේදී කල කතාවෙන් අනතුරුව අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉහත ප්‍රකාශය සිදුකර ඇත.

නමුත් ඒ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද යොදාගෙන  මුළුමණින්ම කරුණු විකෘති කළ ජනතාව නොමග යැවීමේ චේතනාවෙන් සිදුකර තිබෙන්නකි.

බන්දුලගේ චිත්‍රපටයේ ඇත්ත නැත්ත මෙන්න 

රිචඩ් ද සොයිසා මහතාගේ මෑණියන් වන දොස්තර මනෝරානි සරවනමුත්තු මහත්මියගේ ජිවිත කතාව පාදක කර ගනිමින් නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා විසින් මීට අදාල තිර රචනය ලියා ඇත්තේ, 1997 වසරේදීය.

එසේම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා නිෂ්පාදනය කිරීමට සුදානම් වූ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාය.

වාරණය පැනවූයේ අන් කිසිවෙකු නොව ගෝඨාභය විසින්ය 
gota 670px
තවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම තිර පිටපත බලා චිත්‍රපටයක් කිරීමට සුදානම් වී ඇත්තේ, ඔහු අධ්‍යාපන ඇමතිව සිටි වකවානුවේදීය. එහිදී තිර පිටපතේ ඇතැම් කරුණුවලට විරෝධය පළකර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය.

ඒ හමුදාව මාධ්‍යවේදීන් ඝාතනවලට සම්බන්ධ නැති බව පවසමිනි. එසේම මේ හරහා ආණ්ඩුවේ දේශප්‍රේමී හැඩයට හානි වන බවද සඳහන් කරමින් එය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියට අවාසි බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇත.

ඒ අනුව එම අවස්ථාවේ ගෝඨාභයගේ දැනුම්දීම පිළිගෙන ඊට අවනත වූවා හැර බන්දුල ගුණවර්ධන (එවකට අමාත්‍යවරයා) මන්ත්‍රීවරයා කලාවේ නිදහස හෝ අන් කිසිවක් සඳහන්කර ඊට විරෝධය දැක්වීමක් සිදුකර නොමැත.

නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු යලි මෙම චිත්‍රපටයේ වැඩ ආරම්භ කිරීමට තීරණය කර ඇතත් ඊට අදාල පහසුකම් ලබාදීම යුධ හමුදාව ප්‍රතික්ෂේප කර ඇත.

ලැජ්ජයි බන්දුල 

අද කලාවේ නිදහස සහ ප්‍රකාශනයේ අයිතිය ගැන පාරම්බාන්න එන්නේ අතීතයේ ගෝඨාභයගේ ඒ ෆැසිස්ට් විරෝධය හමුවේ දත් කැකුළු පා නිහඬවූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාය. අවම වශයෙන් තමන්ට රාජපක්ෂ පාලන සමයේදීත් අදාළ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට අවස්ථාව අහිමිවූ බව හෝ ඊයේ පාර්ලිමේන්තුවේදී   සඳහන් කරන්නටවත් බන්දුල මන්ත්‍රීට ධෛර්යයක් තිබුණේ නැත.

මැරයන් කලාකරුවන්ට පහරදෙන විට රාජපක්ෂලා කරපු දේ මංගල කියයි !
mangala 5 1000px parlimentනමුත් ඊයේ ඉතා පැහැදිළිව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා රාජපක්ෂ සමයේ කලාකරුවන්ට අත්ව තිබු ඉරණම කරුණු සහිතව ඔප්පු කර සිටියේය.

එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"අපි රජයක් විදිහට කලාකරුවන්ගේ නිර්මාණශීලී නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. 2015 අලුත් ආණ්ඩුව පිහිටවනකොට මේ රටේ කලාකරුවන්, නිදහස් පුරවැසියන් වගේම සිවිල් සමාජය විශාල අර්බුදකාරී වාතාවරනයකට ලක් වෙලා හිටියා. ඔවුන් වෙත විශාල භීෂණයක් මුදා හැරලා ඔවුන්ගේ නිර්මාණ කිරීමේ නිදහස දැඩි විදිහකට අහුරලා තමන්ගේ නිර්මාණ සමාජගත කිරීම වලක්වාලමින් තිබුණා. අපිට මතකයි කලාකරුවන් එක්කහු වෙලා අලුත් පරපුර නමින්  ගමින් ගමට යමින් ජනතාව වෙත තමන්ගේ විරෝධතාවයන් දක්වද්දී පහුගිය රජය මැරවරයෝ දාලා ඔවුන්ට පහරදුන්නා. මේ අය අතරේ ලංකාවේ ප්‍රවීන සංගීතඥයින්, නලු නිලියන් වගේම අධ්‍යක්ෂවරුන් ඇතුලු කලාකරුවන් රැසක් හිටියා. 

එදා ඒ අයට පහර දෙද්දී රටේ නායකයෝවත් , පොලීසියවත් නීතිය ආරක්ෂා කරන්න ඉදිරිපත් වුනේ නෑ. ඇත්තටම රටේ තිබුණේ ප්‍රාදේශීය මැරවරයන්ගේ පාලනයක්. ඒ කලාකාරුවන් වගේම් සිවිල් සමාජ ක්‍රියාකාරකයන් එදා එකට එක්කහුවෙලා රටේ ඇතිවෙමින් තිබ්බ ඒ මැර පාලන බලයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට විරුද්ධත්වය ප්‍රකාශ කලා. අපිට මතකයි ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතාට ගීතයක් කියපු වෙලාවක රාජපක්ෂ දේශපාලන මැරයෝ පහරදුන්නා."

Comment (0) Hits: 317

දේශීය ආදායම හොම්බෙන් යවන්න හදන වංචනිකයන් මෙන්න !

බදු කටයුතුවලදී සිදුවන  දුෂණ අක්‍රමිකතා පාලනය කිරීමට මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය නවීකරණය කිරීම වෙනුවෙන් ස්ථාපිත රැමිස් (RAMIS) පද්ධතිය දුර්වල කිරීමේ කූට සැළැස්මක් දියත්ව ඇති බව වාර්තා වෙයි. 

බදු වංචා සම්බන්ධව චෝදනා ඇති නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිපදෙනෙකු සිය වෘත්තීය සමිති නොමගයවා මේ වෙනුවෙන් මැදිහත්ව සිටින බවද දැනගන්නට ඇත.

රැමිස් පද්ධතියේ ඇත්ත ප්‍රශ්න හංගලා !

දේශීය අදායම් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රැමිස් (RAMIS) පද්ධතිය සම්බන්ධ ගැටළු කිහිපයක් ඇති නමුත් මේ වන විටත් එම ගැටළු විසඳීම සඳහා දෙපාර්තමේන්තුව අවශ්‍ය විධිවිධාන ගෙන ඇති බවය. එසේම ඒ සඳහා සාධාරණ කාලයක් ගත වන බවත් එය මෙම නව පද්ධතිය සමඟ රාජකාරි කරන සියළු සේවකයින් දැනුවත් කටයුත්තක් බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මේ මොහොතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ දියත්ව තිබෙන්නේ රැම්ස් පද්ධතියේ අඩුපාඩු පෙන්වා නැවතත් බදු වංචා කිරීමේ නිදහස ලබා ගැනීමේ පහත් උත්සාහයක් බවය. එසේම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය අන්තයටම වැනසූ හිටපු කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක සමඟ හරි හරියට  මහා පරිමාණයේ බදු වංචා කිරීම් සිදුකළ පිරිසක් මේ  වන විට සිය අයතා ඉපයීම් අහිමිවීම හේතුවෙන් කුපිතව සිටින බවත් ඒ පිරිස් සහෝදර සේවක පිරිස් නොමග යවමින් ආයතන කටයුතු අඩාල කිරීමේ පහත් කටයුත්තක නිරත බවද එම ආරංචිමාර්ග තහවුරු කරයි.

කොමසාරිස් ජෙනරාල් සමඟ 2018 ජූලි 23 සාකච්ඡාව !

ඊට ආසන්නතම සිදුවීම ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ 2018 ජූලි 23 වනදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක සහ වෘත්තීය සමිති අතර පැවැත්වුණු සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්තමේන්තුවේ මතුව තිබෙන තත්ත්වයය.

අදාළ සාකච්ඡාවේ අරමුණ වූයේ   රැමිස් (RAMIS) පද්ධතිය සම්බන්ධ පවතින ගැටළු කිහිපයක් කඩිනමින් විසඳාගැනීම සඳහා වගකිවයුතු පාර්ශව දැනුවත් කිරීමය. එහිදී කොමසාරිස් ජෙනරාල්වරයා කඩිනමින් එම ප්‍රශ්න විසඳීම සඳහා මැදිහත් වන බවට පොරොන්දුවී ඇත. එහෙත් ඒ සඳහා සාධාරණ කාලයක් ගත වන බවත් එතෙක් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි සහ ඉල්ලීම් වල ඇතුළත් කාරනා වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදිය හැකි බවද ඔහු පොරොන්දුවී ඇත.

සාකච්ඡාවට පෙර කුමන්ත්‍රණය !

ඒ අනුව අදාළ සාකච්ඡාවෙන් පසුව සිදුවිය යුතුව තිබෙන්නේ පවතින ගැටළු විසඳීම වෙනුවෙන් සාධාරණ කාලයක් ලබාදීමය. නමුත් පවතින ප්‍රශ්නය ගෙන දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල කිරීමට සැළසුම දියත් වන්නේද 2018 ජූලි 23 වනදා මය. 

වීරවංශගේ නල්ලමලේ උපදේශක  වලේබොඩ 

අනාවරණය කරගත් තොරතුරු වලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ උපදේශකයකු බව කියාගනිමින් රාජපක්ෂ පාලන සමයේ දෙපාර්තමේන්තුවේ චණ්ඩියෙකුව සිටි ගාමිණී ජයනන්ද (වලේබොඩ) සිය වෘත්තීය සමිතිය වන දේශීය ආදායම් විධායක නිලධාරීන්ගේ සංගමය ලෙස 2018 ජූලි 24 වනදා විරෝධතාවක් කැඳවා ඇත. ඒ බව ඔහු නිවේදනය කරන්නේද  කොමසාරිස් ජනරාල් සමඟ සාකච්ඡාව පැවති ජූලි 23 වනදා මය.

වලේබොඩගේ සහයට උදයසිරි සහ දිසානායක 

මේ සඳහා දේශීය ආදායම් සේවා සංගමයේ සහයද ලැබෙන අතර එහි ප්‍රධානියා වන H.A.L උදයසිරිගේ සහයද ලබාගනී. ඔවුන්ට ජවයක් දෙන්න ඉදිරිපත්ව ඇත්තේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ දෙපාර්තමේන්තුවේ සිටි දිසානායක නම්  චණ්ඩියෙක්ය. ඔහු ඒ සමයේ දෙපාර්තමේන්තුවේ චණ්ඩියා වන්නේ හිටපු ජනාධිපති මහින්දට තිබූ ඥාතිකම අරගෙනය. 

මේ අයගේ කැරැට්ටුව ලිවීම පසුවට තබා අපේ මේ සූදානම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අඩපණ කිරීමට වෙරදරන මේ නඩයේ  නින්දිත උත්සාහය අනාවරණය කිරීමටය.

රැමිස් ව්‍යාපෘතියේ අරමුණ !

දෙපාර්තමේන්තු පරිපාලනය නවීකරණය අරමුණු කරගනිමින් රැමිස් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ   2014 වසරේදීය. ඒ  සිංගප්පූරු රජයේ අනුග‍්‍රහයෙන් ය. පරිපාලනය කාර්යක්ෂම කිරීමෙන් බදු ආදායම ඉහළ නැංවීම, ජාලගත තොරතුරු පද්ධතියක් ඇතිකිරීමෙන් තාක්ෂණය උපයෝගී කරගෙන බදු ජාලය පුළුල් කිරීම, බදු ගෙවන්නන්ට  ඕනෑම ප‍්‍රාදේශීය කාර්යාලයකින් අවශ්‍ය සේවා ලබාගැනීමට පහසුකම් සැලැසීම,  බදු ගෙවන්නන්ට අන්තර්ජාලය තුළින් තමන් කැමැති භාෂාවකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් දවසේ  ඕනෑම වේලාවකදී ලෝකයේ  ඕනෑම තැනක සිට සේවා ඉටුකරගැනීමට පහසුකම් සැලැසීම රැමිස් ව්‍යාපෘතියේ ප‍්‍රකාශිත ප‍්‍රධාන අරමුණුය.  මේ සඳහා සිංගප්පූරු සහය ගන්නේ විධිමත් බදු පරිපාලනයක් එරටට ඇති නිසාත් විශේෂයෙන් බදු වංචා අවම කර ගැනීමට අදාළවය. එනිසාම රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් මෙරට රජයද වැයකර ඇත.   

එහෙත් එහි අඩුපාඩු ප්‍රමාණයක් තිබෙන බවද අසත්‍යක් නොවේය. මේ මොහොතේ රැමීස් අල්ලාගෙන දේශීය ආදායමට තට්ටු කරන්න උත්සාහ කරන නඩය වැඩ අල්ලන්නේ එතැනින් නම් ගැටළුවක් කියන්නද බැරිය. නමුත් මෙතැන ප්‍රශ්නය ඊට වෙනස් එකක්ය. 

වංචනික නඩයේ ප්‍රධාන ඉල්ලීම 

2018 ජූලි 23 දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සමඟ පැවති සාකච්ඡාවේදී මේ නඩය ඉදිරිපත් කරන ප්‍රධාන කොන්දේසිය මෙසේය.
 රැමිස් ව්‍යාපෘතිය යටතේ  දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යෝජනා කර Audit සහ Compliance වශයෙන් අංශ දෙකක් අවශ්‍ය නැති අතර එක් බදු තක්සේරු වර්ෂයක් සඳහා Tin එකකට අදාළව සියළු  Audit සහ Compliance වැඩ අයිතම පද්ධතිය තුළින්ම එක නිලධාරියෙකුට යොමුකිරීම. 

මේ එන්නේ හොරකමට නොවේ නම් වෙන මොකකටද ?

වඩාත් සරලව කියනවා නම් මේ ඉල්ලන්නේ බදු ගණනයට අදාළ සියළු කටයුතු එක නිලධාරියෙකු හරහා පමණක් සිදුකල යුතු බවය.
සැබවින්ම රැමිස් පද්ධතිය හරහා   Audit සහ Compliance වෙන වෙනම අංශ දෙකක් වෙත යොමු කරන්නේ බඩේ අමාරුවට නොවන අතර ඒ අංශ දෙකම එක නිලධාරියෙකු හරහා සිදුකරන විට අනිවාර්යයෙන් සිදුවිය හැකි බදු වංචා අවම කරන්නටය. දුෂණයක් සිදුවීමට හැකි අවස්ථා උපරිමව සීමා කරන්නටය.

එහෙත් මේ වන විටත් අප අනාවරණය කරගෙන ඇති ආකාරයට මේ  නඩයේ එම යෝජනාවෙන් දෙකෙන් පංගුවකට දේශීය ආදායම් කොමසාරිස් එකඟතාව පළකර ඇත. ඒ VAT සහ NBT  බදු සඳහා පමණක් Audit සහ Compliance යන අංශ දෙක එක නිලධාරියෙකුට පැවරීමටය. 

"ආදායම් බදු" ගේමට  මරාගෙන මැරෙන හොරු 

එහෙත් මේ වංචනික නඩය අදටත් විරෝධතා දක්වා සිටින්නේ "ආදායම් බදු" සඳහාද   Audit සහ Compliance යන අංශ දෙක එක නිලධාරියෙකුට පැවරීමට අවශ්‍ය බව සඳහන් කරමින්ය. ඒ අනුව ගොන්නු හැරෙන්නේ පොල් පැලයට වැඩේ දෙන්න බව තේරුම් ගන්නට අළුතින් අංජනම් බැලිය යුතු නැත.

මේ නඩයේ දෙවන ප්‍රධාන ඉල්ලීම වන්නේ රැමිස් පද්ධතියට අදාළ Work Item සඳහා අවශ්‍ය පරිදි සහායක ශ්‍රේණියේ ( කළමනාකරණ සහකාර ) සේවය ලබා ගැනීමය.

වඩාත් සරලව කියනවා නම් මේ සූදානම් වන්නේ දේශීය ආදායම් නිලධාරීන් නොවන පාර්ශවයන් යොදවා ගෙන එම රාජකාරියේ කටයුතු සිදුකරවා ගන්නටය. බදු ගණනය සම්බන්ධව නිසි පුහුණුවක් හෝ ඊට අවශ්‍ය මුලික පරිසාධන නොමැති උදවිය යොදවා මේ සූදානම් වන නාඩගමද අළුතින් විස්තර කළ යුතු නැත. අනෙක් අතට හිතෙන හිතෙන ආකාරයට බදු සම්බන්ධව රාජකාරි පැවරීමට ඊට අදාළ පනතේද ඉඩක් නැත.

ඒ අනුව මේ වංචනික පව්කාර නඩය මෙහෙයවන විරෝධය පිටුපස ඇති අපේක්ෂාව පැහැදිළිය. ඒ අන් කිසිවක් නොව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දුෂණයේ, අල්ලසේ  සහ වංචාවේ තිප්පොළක් කරගන්නට සහ එහි කටයුතු අඩපණ කිරීමටය. අවසානයේ රාජ්‍ය ආදායමටම තට්ටු කර ආණ්ඩුව අර්බුදයට යැවීමය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සමඟ 2018 ජූලි 23  සාකච්ඡාවේදී අදාළ ගැටළු වලින් 90%ක් විසඳා තිබියදී පසුගිය 24,25,26 යන තෙදිනද සේවයට වාර්තා කර සේවයෙන් බැහැරව සිටින වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත්කර ඇත්තේද ඒ සඳහා ය.

වෘත්තීය ක්‍රියාමාර්ග කෙළෙසන : හරි ආතල්  වෘත්තීය ක්‍රියාමාර්ග 

එම වෘත්තීය ක්‍රියාමර්ගයද මේ ජඩනඩය දියත්කර ඇත්තේ වෘත්තීය ක්‍රියාමාර්ග ද නින්දාවට පත්වන තරම් වංචනික ආකාරයකටය. එනම් ඔවුන් උදෑසන සේවයට වාර්තා කරයි. ඇඟිලි සලකුණු නියමිත වේලාවට තබයි. නමුත් වැඩ නොකර සිටියි. නැවත සේවයෙන් පිටවයාමේදී  නියමිත වෙලාවට අදාළ සලකුණු යොදා පිටව යයි.

ඒ  නිවාඩු නොදමා  ලැබෙන විශේෂ  දිරි දීමනාව අඩුවකින් තොරව ලබා ගන්නටය.   ඊටත් වඩා නින්දිත කාරණය වන්නේ මේ ආකාරයට මේ ජඩ නඩය වැඩ නොකර සිටීමට එන්නේ ලක්ෂ ගණනක් වැයකර දෙපාර්තමේන්තුව ලබාදී ඇති සුඛෝපභෝගී වෑන් රථ වලින් වීමය. වැඩ නොකර සිට පසුව ගෙදර යන්නේද ඒ වෑන් රථ වලින්මය. මෙහෙම වෘත්තීය ක්‍රියා මාර්ග නම් කරන උදවියට හරි ආතල්  යුතුමය.

මේ උදවියගේ ලැජ්ජා නහර කැපී හමාරය !

එහෙත්  මේවා සඳහා වැය වෙන්නේ ජනතා බදු මුදල්ය.  එක් පසෙකින් තමන්ට හිමිවන වැටුප්, දිරිදීමනා අඩුවක් නැතුව ලබා ගන්නා මේ නරුමයින් අනෙක් පසින් සිය සේවය නිසි ලෙස ඉටු නොකර දේශීය ආදායමට කෙළවා දැමු විට අනෙක් පසින්  තට්ටු වන්නේද ජනතාවටය. ඒ රාජ්‍ය ආදායම් සීමාවීම නිසා ජනතාවට පෙරළා ලැබෙන සහන සීමාවීමේ අවධානම නිසාය. 

වැඩ නොකරන වලේබොඩගේ සිහින ලෝකය මෙන්න 

මේ නඩයේ මූලිකත්වය ගෙන සිටින  දේශීය ආදායම් විධායක නිලධාරීන්ගේ සංගමයේ ලොක්කා වන  ගාමිණී ජයනන්ද (වලේබොඩ) කියන්නේ තමන්   විමල් වීරවංශ මන්ත්‍රීගේ උපදේශකයා බව කියමින් ඇවිදින අයෙක්ය. මේ දිනවල ඔහු කරන එකම රාජකාරිය වන්නේ ලංකා - සිංගප්පූරු ගිවිසුම ගැන පට්ටපල් කෙබර ඇතුළත් ඊමේල් පණිවිඩ දෙපාර්තමේන්තු සේවකයන් වෙත යැවීමය. නැත්නම් ඉන්දියාව හෙට අනිද්දා ලංකාවම අල්ලන බව, චීනය සහ ඉන්දියාව ලංකාවේ යුද්ධ කරන්න යන බව, වැනි විමල් වීරවංශගේ මනෝ විකාර ආයතන සේවකයින් වෙත දැනුම්දීමය. 
නැතිනම් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලොක්කා වන පාදෙණිය සමඟ ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන අනාගතය ගැන කතා කිරීමය. නැතිනම් විමල්ට තමන් ඉගැන්වූ ආර්ථික විද්‍යා පාඩමක් ගැන කියවීමය.

වැඩ බැරි උදයසිරිගේ පැටිකිරියෙන් ටිකක් !

ඔහුට සහය දෙන දේශීය ආදායම් සේවා සංගමයේ ප්‍රධානියා වන H.A.L උදයසිරි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එක්වන්නේ 98 වසරේ පමණය. ඒ බදු නිලධාරියෙකු වශයෙන්ය. රස්සාව ගන්න වාසනාව තිබුණත් කිසිම කුසලතාවක් නැති නිසා 2007 වසර වන විටත් කිසිම උසස්වීමක් ලබන්නේ නැත.  මේ අසරණයා ඒ ඉරණම වෙනස් කරගන්නේද තක්කඩි උපක්‍රමයක් හරහාය. ඒ එවකට මුදල් අමාත්‍යංශ ලේකම් වූ පී.බී.ජයසුන්දරගේ සහයෙන් බදු නිලධාරී යන ධූරය පවා දේශීය ආදායම් සේවා ව්‍යවස්ථාවෙන් ඉවත්කර ගනිමින්ය. ඊට ඔහු සහය ගන්නේ එවකට පී.බී.ජයසුන්දර සමඟ ඉඳහිට හනිමුන් ගිය දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සහ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයෙන්ය.  H.A.L උදයසිරි අද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු  වුණේ එහෙමය. 
එදා තම උසස්වීම වෙනුවෙන් බදු නිලධාරී ධුරය ඉවත් කිරීමට පක්ෂවූ උදයසිරි අද බදු කරණ කටයුතු සඳහා කළමනාකාර සහකාර සේවයේ සහය ඉල්ලා සිටියි. මේ අයගේ අවස්ථාවාදී තක්කඩි බව තහවුරු කරගන්න ඊටවඩා සාක්ෂි අනවශ්‍යය. 

අප අනාවරණය අසත්‍ය බව හෝ මේ මඩ කියා සිතනවා නම් ඒ උදවිය කළ යුතුව ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරීන්ගේ සංගමය හමුවීමය. එවිට ඉහල වෘත්තීය සමිති වල සහය ගෙන වැඩ බැරි උදයසිරි  ගොඩ ගිය ආකාරය පමණක් නොව ඊට එරෙහිව තක්සේරු නිලධාරීන්ගේ සංගමය අධිකරණය හමුවේ  ගොනුකර ඇති නඩු ගැනද  දැනගන්නට හැකිය.

අද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විණකටින්න නායකත්වය දෙමින් සිටින්නේ අන්න එහෙම පැටිකිරියක් ඇති අවස්ථාවාදී තක්කඩි කිහිපදෙනෙක්ය.

රාජපක්ෂ නිසාම ගොඩගිය  "දිසානායක" එසේම මේ තක්කඩින්ට දේශපාලන රැකවරණය දෙන්න ඉදිරිපත්ව සිටින තවත් කුප්‍රකට චරිතයක් වන්නේ මේ සටහනේ මුලින් නම් සඳහන් කළ දිසානායකය. ඒ දිසානායක ගැන අදහසක් ගත හැකි එක් නිදර්ශනයක් වන්නේ රාජපක්ෂ පාලන සමයේදී බදු වංචාවක් සිදුකරලීම වෙනුවෙන් අල්ලසක් ගැනීමට යාමේදී මහරගමදී අල්ලස් කොමිසම අතටම හසුවීමය. එහෙත් ඔහු එහිදී රැකියාව බේරාගෙන එන්නේ ගෝඨාභය රාජපක්ෂ හරහා අල්ලස් හෝ දුෂණ  වංචා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කරවා අදාළ විමර්ශනය අවසන් කරගැනීමෙන්ය. එපමණක් නොව අල්ලස් ගැනීමේදී අතටම අසුවූ ඔහු පසුව සිය සේවා ලිපිය සකසා ගන්නේ අදාළ චෝදනාවෙන් නිදොස්කොට නිදහස් වූ බව සඳහන් කරමින්ය. ඒද එදා සුදුවෑන් හරහා රටම භීතියට පත්කරගෙන සිටි ගෝඨාභයගේම අනුහසින් මිස ඇත්තටම ඔහු අල්ලස් නොගත් නිසා නොවේය.

මේ ප්‍රශ්නය දේශීය ආදායමේ හැමෝටම !

ඒ අනුව මේ වන විටත් රාජපක්ෂලාගේ හෙංචයියන් කීපදෙනෙකු සිය වෘත්තීය සමිති වල බලය යොදවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල කරන්නට ගෙන ඇත. ඒ පිටුපස  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරන බහුතරයක් නොමැති බව ඇත්තය. එහෙත් මේ අවස්ථාවාදීන් නිසා සිදුවන හානියේ බලපෑම සමස්ථ රටටමය. 

එබැවින් අවසන් වශයෙන් අපට ඒ බහුතරයෙන් මෙන්ම  එදා වැඩ බැරි උදයසිරි වැනි අවස්ථාවාදීන්ට තැනකට එන්න ඉඩ හදාදුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනෙක් වෘත්තීය සමිති වලින් මෙන්ම ඊට එරෙහිව අධිකරණයට ගිය වෘත්තීය සමිති වලින්  අපට අසන්නට ප්‍රශ්නයක් ඇත. 

මහත්වරුනි, මේ මොහොතේ රැමිස් පද්ධතියට අදාළව ඔබ දෙපාර්තමේන්තුවේ සිටින තක්කඩි රැල ඉදිරිපත් කර ඇති ප්‍රධාන කොන්දේසි ඔබලා පිළිගන්නවාද ?

Comment (0) Hits: 559

සේවක අර්ථසාධකයට රාජපක්ෂලා වින කැටූ හැටි මෙන්න 

රාජපක්ෂ රෙජීම පාලන සමයේ සේවක අර්ථක සාධක අරමුදල සතු රුපියල්  බිලියන 5 ක   මුදලක්  හයට් (Hyatt)  හෝටල් සමූහයේ ඉදිකිරීම් වෙනුවෙන් විනාශ කර ඇති බව විගණනයේදී අනාවරණය වී ඇත.

ලැබී ඇති තොරතුරුවලට අනුව අන්ත දූෂිත ආකාරයට Grand Hyatt Regency  හෝටල් සමාගම වෙනුවෙන් සේවක අර්ථක සාධක අරමුදල සතු රුපියල්  බිලියන 5 ක   මුදල ආයෝජනය කිරීම ආරම්භ වන්නේ  අර්ථසාධක අරමුදලේ මුදල්    Hyatt  හෝටල් ව්‍යාපෘතිය සඳහා  Canwill Holdings  නම් රාජ්‍ය සමාගමකට ලබාදීමට එවකට සිටි මහ බැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කිරීමත් සමගය. 

හරි පුදුම ආයෝජනයක් !

ආරම්භයේදීම මෙම ගනුදෙනුව දුෂිත බව ඔප්පු වන්නේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව එකී මුදල් නිකුත් කිරීම සිදුව ඇති නිසාය. පළමුව  එම මුදල ලබාදෙන අවස්ථාව වන විටත්  හෝටලය ඉදිකිරීම් ආරම්භ කරවත් නොමැත.  එම මුදල් ලබාදී ඇත්තේ  Canwill Holdings   සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වූ දින සිටය. ඒ කියන්නේ සැළැස්මක් පමණක් තිබියදී  කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වූ දිනම මේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන 5 එම සමාගමට ලබාදීමට කටයුතු කර ඇති බවය.

සේවක අර්ථසාධක අරමුදලේ බිලියන 5ක් අවධානමේ !

එපමණක් නොව රුපියල් බිලියන 5 ක් වැනි අතිවිශාල මුදලක් ආයෝජනය කරද්දීත් එම මුදලේ ප්‍රතිලාභ යළි ලබාදීමට පවා අදාළ සමාගම සමග එකඟතාවකට පැමිණ නැති බවත්  හදිසියෙන් සිදුවන අලාභයකට අදාළ කිසිදු ආරක්ෂණයක්ද නොමැති අවධානමක් මෙහි වන බවද විගණනයේදී අනාවරණය කරගෙන ඇත.

ආරම්භයේදීම වංචාව : ඇස්තමේන්තුව බිලියන 14 කින් ඉහළට !

එසේම 2015 ජූනි මාසයේ "එස්.ජේ.එම්.එස්. ඇසෝසියේට්ස්"  වරලත් විගණන සමාගම කළ දළ විගණනයකට අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ මුදල නැවත කිසිදු හේතු දැක්වීමකින් තොරව දෙගුණයක් ලෙස දක්වා ඇති බවද අනාවරණය කරගෙන තිබේ. ඊට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භයේ එහි පිරිවැය රුපියල් බිලියන 13ක් ලෙස දක්වා ඇතත් ඉතාම සැකසහිත ආකාරයට  එක්වරම එය  රුපියල් බිලියන 27 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව ආරම්භක පිරිවැය මෙන් දෙගුණයක්, එනම් බිලියන 14ක් එක්වරම වැඩිකර ඇත.

මහින්ද පාඩු ලබන ව්‍යාපාර අල්ලගත්තේ මේකටද? 

එම වැඩිවීම පෙන්නුම් කරන්නේ වැඩේ පටන් ගන්නත් කලින් මහා පරිමාණ ගැහිල්ලකට වගකිව යුත්තන් කටයුතු හදාගෙන ඇති බවය. ඒ බව තවත් අනාවරණය කරගන්න නම් මේ වංචාව මුලසිට ගළපා ගන්නට අපට සිදුවේ.

දිනය 2012 මාර්තු 12 වනදාය. එවකට  මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින්  Hyatt හෝටල් සමූහය අයිති සමාගමේම අනුබද්ධ කොටසක් වන  Ceylinco Leisure Properties  සමාගම මිලට ගැනීමට අවසර ඉල්ලා ඇත.
ඒ පාඩු ලබන සහ අකාර්යක්ෂම ආයතනවල වගකීම රජයට පවරා ගැනීමට අදාළව ඇති නීතිය යටතේය.  මාර්තු 14 වැනිදා කැබිනට් මණ්ඩලය මෙම යෝජනාවට අනුමැතිය ලබාදී ඇත.

99 වසරේ බදු සෙල්ලම 

අනාවරණය වී ඇති ආකාරයට අදාළ  හෝටලය ඉදිකළ භූමිය මුලින් සෙලින්කෝ සමාගම සතුව තිබූ ඉඩමකි. එය ආණ්ඩුව විසින් 99 වසර බදු යටතේ කල්බදු ක්‍රමයට පවරාගෙන තිබී ඇත.  එහෙත් පසුව එය නැවත හෝටලය ඉදිකරන සමාගමේ අනුසමාගමක් වන   Sinolanka Hotel and Spa  වෙත යළි 99 අවුරුදු බද්දකට පවරා දෙන්නට කටයුතු යෙදී ඇත. ඒද සිදුව ඇත්තේ හරි අපූරු ආකාරයටය.   තමන් බද්දට ගත් ඉඩමක් තවත් සමාගමකට බද්දට දී ඇත.

ඉන් පසුව ඉදිරිපත් වන ප්‍රශ්න තේරුම් ගන්න හැකි වන්නේ  Canwill Holdings සමාගමේ අඩංගුව තේරුම් ගැනීමෙන් පසුවය.
  Canwill Holdings යනු කුමක්ද? 

මෙම දුෂිත ගනුදෙනුව සඳහාම අටවාගෙන ඇති බවක් පෙන්නුම් කරන  Canwill Holdings  නම් සමාගම සමන්විත වන්නේ මෙසේය. ඊට  රක්ෂණ සංස්ථාව සිය මුදලින් මුලින් රුපියල් බිලියන 5ක් හා පසුව රුපියල් බිලියන 3.5ක් ලෙස රුපියල් බිලියන 8.5ක් යොදවා ඇත. එය මෙම සමාගමේ සමස්ත කොටස් වටිනාකමෙන් 45.94%කි.

සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 5ක් යෙදවූ බැවින් ඔවුන් සතු කොටස්වල වටිනාකම 27.03%කි.
 
මීට අමතරව තවත් රාජ්‍ය සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම මුලින් රුපියල් බිලියන 2ක් සහ පසුව රුපියල් බිලියන 3ක් ලෙස රුපියල් බිලියන 5ක් ලබාදී ඇත. ඒ අනුව කොටස්වලින් 27.03% ඔවුන් මිලට ගෙන ඇත.
 
පසුව සිදුව ඇත්තේ මෙලෙස රාජ්‍ය ආයතනවලින් ලද මහජන මුදල් Canwill Holdings  විසින්  Sinolanka Hotel and Spa (Pvt) Ltd  සහ Helanco Hotels and Spa (pvt) Ltd  යන අතුරු සමාගම් දෙකක ආයෝජනය කිරීමය.
 
ඒ   Sinolanka Hotel and Spa (Pvt) Ltd සමාගම කොළඹ හයට් හෝටලයත්,  Helanco Hotels and Spa (pvt) Ltd   හම්බන්තොට තරුපහේ සුඛෝපභෝගී හෝටලයකුත් ඉදිකිරීමට සූදානම්ව තිබියදීය.

මහින්දගේ ගෝලයන්ගේ වැඩ : ගාමිණී සෙනරත් සහ කුඩාබාලගේ කරළියේ 

රාජපක්ෂ රෙජීමයේ සිටි අන්ත දුෂිත පුද්ගලයෙකු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙන්ම, ජාතික රක්ෂණ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක සභාපතිධුර දැරූ ගාමිණි සෙනරත් කරළියට එන්නේ දැන්ය.

 2015 වනවිට මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වනුයේ හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පියදාස කුඩාබාලගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක අධ්‍යක්ෂ නීල් හපුහින්න, ලංකා හොස්පිට්ල් ආයතනයේ සභාපති මොහාන් ද අල්විස්, මහා භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරියකු වන ආර්. සමරසිංහ සහ මහ බැංකුවේ නිලධාරියකු වන සී.එම්.ඩී.එන්.කේ. සෙනෙවිරත්න යන අයය.

මේ ගනුදෙනුවේ  කැපී පෙනෙන වැඩ කොටස කර ඇත්තේ ගාමිණී සෙනරත් සහ පියදාස කුඩාබාලගේය.

ඉඩම් මිලිදී ගැනීමේදීත් ගසාකෑ අපූරුව 

 මේ දෙන්නා අදාළ හෝටල් ව්‍යාපෘතිය සඳහා ඉඩම් තුනක් ගෙන ඇත. ඒ,
 
 1. රන් මුතු හෝටලය, 112 ගාලු පාර, කොළඹ 03 (පර්චස් 22.7)
 
2. ජේ.සී. රාමනායක, 108, ගාලු පාර, කොළඹ 03 (පර්චස් 15)
 
3. සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම, 134, ගාලු පාර, කොළඹ 03. (පර්චස් 20.1) වසයෙන්ය.

ගෑවුණු සෑම තැනම වංචාවෙන් පුරවාලූ මොවුන් එතැනදීත් සිය සුපුරුදු කටයුත්ත දියත් කර ඇත. ඒද හුදකළාව නොව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පවා දුෂණයට ලක්කරමින්ය.
 
ඊට ඇති එක් උදාහරණයක් වන්නේ , සෙලින්කෝ සමාගමේ ඉඩමට තක්සේරු වාර්තා තුනක් තිබීමය.
 
එයින් පලමු වැන්න  2013 ජනවාරි 9 වැනි දින කරන ලද තක්සේරුව රුපියල් මිලියන 191.5යි. 2013 ඔක්තෝබර් 22 දින කරන ලද දෙවන තක්සේරු වටිනාකම රුපියල් මිලියන 253කි. 2013 නොවැම්බර් 22 වැනි දින තුන්වන තක්සේරුව රුපියල් මිලියන 260ක් වශයෙන්ය.
 
 දෙවන සහ තෙවන තක්සේරු අතර ඇත්තේ මාසයක කාල පරතරයක් පමණක් වන අතර එහිදී මිලියන 7කින් ඉඩමේ වටිනාකම වැඩිවී ඇත. මෙතැන පැහැදිළි වංචාවක් සිදුව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.
 
ඉතිරි ඉඩම් සම්බන්ධයෙන් ඇත්තේද මෙවැනිම තත්ත්වයකි. රන්මුතු හෝටල් ඉඩමට 2013 ජූනි 13 දෙන තක්සේරුව රුපියල් මිලියන 500යි. එහෙත් සති හයකින් කරනු ලබන එනම් 2013 ජූලි 30 වැනිදා කරන දෙවන තක්සේරුවේදී වටිනාකම රුපියල් මිලියන 680කි. එහිද සති හයට රුපියල් මිලියන 180කින් වටිනාකම ඉහළ ගොස් ඇත.

 අවසානයේ එම ඉඩම මිලදී ගෙන තිබුණේ රුපියල් මිලියන 689.071කටය. ජේ.සී. රාමනායකගේ ඉඩමක් 2013 අගෝස්තු 23 තක්සේරු කරන විට රුපියල් මිලියන 120කි. එහෙත් එය මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 130කටය. එනම් මිලියන 10ක් වැඩියෙනි. මේ ඉඩම් මිලදී ගැනීමෙන් පමණක් සිදුව ඇති නාස්තියය. මෙම ගනුදෙනුවලදී කිසිදු ලිඛිත ගිවිසුමකින් තොරව නීතිඥයාට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 10කි.

යකඩ ගැහිල්ල 

එපමණක් නොව ගොඩනැගිලි ඉදිකිරීමේදී යකඩ මිලදී ගන්නා විට මිල අඩුම විකුණුම්කරුගෙන් නොගෙන මිල අධික විකුණුම්කරුගෙන් යකඩ මිලදී ගෙන ඇත. ඒ නිසා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 16.426කි. අඩුම මිල ගණන වන යකඩ ටොන් එකක මිල රුපියල් 110,160කි. එය ඉදිරිපත් කර තිබුණේ මෙල්වා කම්බි නිෂ්පාදකයන් වන මෙල්වයර් සමාගමය. දෙවැනි අඩුම මිල වන යකඩ ටොන් එකක් රුපියල් 114,897 ඉදිරිපත් කර ඇත්තේ ලංවා කම්බි සඳහා ලංකා වානේ සංස්ථාවය. එහෙත් තාක්ෂණ කමිටුවේ අනුමැතියකින් තොරව කුඩාබාලගේ 2013 මාර්තු 21 වැනිදා රුපියල් මිලියන 9,753ක යකඩ මිලදී ගැනීම සඳහා වානේ සංස්ථාවට ලිපියක් ඉදිරිපත් කොට ඇත. ඊට  අනුව යකඩ මිලදී ගෙන තිබෙන්නේ වැඩි මිලට වානේ සංස්ථාවෙනි.

හම්බන්තොට වියදම් විතරයි : හෝටලයක් නෑ !

එමෙන්ම හම්බන්තොට හෝටලය සඳහා රුපියල් මිලියන 300ක ආරම්භක මුදලක් නිකුත් කර ඇතත් එහි මුල්ගලවත් තබා නැත.

වඩාත් ඛේදනීය කරුණ වන්නේ මේ සම්බන්ධයෙන් 2015 අගෝස්තු 27 වැනිදා හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් වගඋත්තරකරුවන් කරමින් මීට අදාළව පවරා තිබූ නඩුව පවා  පෙත්සම්කරුවන් විසින්ම ඉල්ලා අස්කර ගැනීමය.

බලය ලැබුණු පසු රාජපක්ෂලා සමඟ ඩීල් දැමූ  යහපාලන ගොන් වහන්සේලා මේ වැඩේට සම්බන්ධ අතර ඒ කවුද කොහොමද යන්න ඉදිරියේදී අනාවරණය කිරීමට නියමිතය.

(මේ සම්බන්ධ සවිස්තර වාර්තාවක් මේ සතියේ රාවය පුවත්පතේද පලව ඇත)

Comment (0) Hits: 370

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයේ : සිංහල පරිවර්තනය මෙන්න !

හම්බන්තොට වරාය සඳහා ඉතා ඉහළ පොලියට චීනයෙන් ණය ගත්තේ දැන දැනම. 

2015 මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට මහින්දට චීන වරාය ගිණුමෙන් ‘කෑෂ් චෙක්‘!

මහින්දගේ ඡන්ද වැඩවලට චීනයෙන් ඩොලර් මිලියන 7.6 ක්. 

මැතිවරණයට දින 10කට පෙර තවත් ඩොලර් මිලියන 3.7 ක් මහින්දට. 

කැම්පේන් ටී ෂර්ට් ඇතුළු මුද්‍රණ වියදම්වලට ඩොලර් 678,000 ක්. 

ඡන්දෙ කාලෙට සාරි ඇතුළු තෑගි බෙදන්න ඩොලර් 297,000 ක්. මහින්දට වැඩ කළ ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් 38,000 ක්. 

අරලියගහ මන්දිරයේ ඡන්ද වැඩ කළ අයට ඩොලර් මිලියන 1.7 ක්

‘‘How China Got Sri Lanka to Cough Up a Port‘‘ යනුවෙන් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ ලිපියේ සිංහල පරිවර්තනය
- මරියා අබි-හබීබ් විසිනි. - ජූනි 25, 2018

හම්බන්තොට, ශ්‍රී ලංකාව - ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, වරාය ව්‍යාපෘතිය පිළිබඳ අපේක්ෂා දල්වමින් සිය චීන මිතුරන් වෙතින් ණය ඉල්ලා සිටින හැම විටම ඔවුන්ගෙන් ඔහුට ණය ලැබුණේය.

ඔව්, ශක්‍යතා අධ්‍යයනවලින් කියැවුණේ වරාය ව්‍යාපෘතිය අසාර්ථක වන නමුත්, ඔව්, ඉන්දියාව වැනි අනෙකුත් ණය දෙන රටවල් එය ප්‍රතික්ෂේප කළ නමුත්, එසේ සිදුවිය. ඔව්, ශ්‍රී ලංකාවේ ණය, රාජපක්ෂගේ පාලනය යටතේ සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි.

වසර ගණනාවක් මුළුල්ලේ සිදුකළ ඉදිකිරීම් සහ බෙයිජිං හි රාජ්‍ය හිමිකාරිත්වය සහිත විශාලතම ව්‍යවසායක සමාගම් අතරින් එකක් වන චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගම (China Harbor Engineering Company) සමග නැවත නැවතත් කථිකා කිරීමෙන් පසුව ද හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සුවිශේෂී බවට පත්වුණේ අනාවැකි කියූ පරිදිම අසාර්ථක වෙමිනි. ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ගයක් හරහා දස දහස් සංඛ්‍යාත නෞකා ඇදී යද්දී, මෙම වරාය වෙත 2012 වසරේ පැමිණියේ නෞකා 34 ක් පමණි.

ඉන්පසු වරාය චීනයට අයිති විය.

රාජපක්ෂ හට 2015 වසරේදී ධුරය අහිමි වූ නමුත් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඔහු විසින් ලබාගත් ණය ගෙවීමට වෑයම් කළේය. දැඩි පීඩනයක් යටතේ සහ චීනය සමග නැවත නැවතත් කතා කිරීමෙන් අනතුරුව දෙසැම්බරයේදී ආණ්ඩුව අක්කර 15,0000 ක් සමග අවුරුදු 99 ක් සඳහා ආණ්ඩුව වරාය චීනයට භාර දුන්නේය.
මෙම පවරා දීම හරහා සිය පසමිතුරු ඉන්දියාවට සැතපුම් දෙතුන් සියයක් පමණක් දුරින් පිහිටි අක් වෙරළ භූමි භාගයක් සහ තීරණාත්මක වාණිජ හා හමුදාමය ජල තීරයක් පාලනය කිරීමේ අයිතිය චීනයට ලැබිණි. ‍මේ සිද්ධිය, චීණය විසින් ණය ලබාදීම් කොතරම් අනාගත අපේක්ෂා සහගතව සිදුකරන්නේ ද සහ ලොව පුරා සිය අණසක පතුරුවන්නේ ද සහ, ඒ සඳහා ඔවුන් කොතරම් දැඩි ලසෙ කටයුතු කරන්නේ ද යන්න ඉතාම පැහැදිලිව පෙන්වා දෙන උදාහරණයකි.

චීන ජනපති ෂී ජින් පින් ගේ Belt and Road Initiative නමැති ආයෝජන ණය වැඩසටහන යටතේ ලෝකයේ අවදානම් සහිත තත්වයක පසුවන රටවල් කොතරම් ප්‍රමාණයක ණය උගුලකට හසු කරන්නේ ද දූෂණයකට නතු කරන්නේ ද සහ අසීරු ප්‍රජාතන්ත්‍රවාදයක සිටින රටවල් සඳහා ඔවුන් තුළ පවතින අධිපතිවාදී ස්වරූපය සම්බන්ධයෙන් පවතින දැඩි විවේචනය ද මෙමගින් තීව්‍ර විය.

ශ්‍රී ලාංකිකයන්, ඉන්දියානුවන්, චීන ජාතිකයන් සහ බටහිර නිලධාරීන් මෙන්ම වරාය නගර ව්‍යාපෘතියට අදාළ ලේඛන හා ගිවිසුම් පිළිබඳ මාස ගණනාවක් මුළුල්ලේ සිදුකළ විශ්ලේෂණ, මුදල්වලට කෑදර කමින් සිටින කුඩා රටක් තුළ චීනය හා එහි පාලනය යටතේ පවතින සමාගම් සිය බලාපොරොත්තු ඉටු කර ගත්තේ කෙසේද යන්න පෙන්වා දෙන පැහැදිලි චිත්‍රයක් ලබා දෙයි.

• 2015 මහ මැතිවරණය සමයේදී චීන වරාය ඉදිකිරීමේ අරමුදල (Chinese port construction fund) හරහා ලැබුණු විශාල ගෙවීම් කෙළින්ම බැහැර වූයේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මිතුරන් සහ ක්‍රියාකාරීන් හට ය. ඔවුන් හැම විටම චීනයේ කොන්දේසිවලට එකඟ වී සිටි අතර, දකුණු ආසියාව තුළ ඉන්දියාවේ බලපෑමෙන් මිදීම සඳහා ගන්නා උත්සාහයන් තුළ වැදගත් මිතුරෙකු සේ චීනය සැලකිණි. ලිපි ලේඛන මගින් අදාළ ගෙවීම් සිදුකෙරී ඇති අතර, එහිදී හුවමාරු වූ කෑෂ් චෙක්පත් ද රජයේ විමර්ශනයකදී ‘ද නිව්යෝක් ටයිම්ස්‘ විසින් දැක ඇත.

• චීන නිලධාරීන් සහ විශේලේෂකයන්, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට පවතින්නේ වාණිජ අභිලාෂයක් බව අවධාරණය කර තිබුණ ද ශ්‍රී ලංකාවේ නිලධාරීන් මුල පටන්ම පැවසුවේ වරායේ ස්ථානවීම අනුව එහිදී රහස් ඔත්තු සේවා සහ ක්‍රමෝපායන හැකියාවන් ද සලකා බැලෙනු ඇති බවයි.

• වරාය ව්‍යාපෘතියේ ණය දීමේ මූලික කොන්දේසි වඩාත් බැරෑරුම් වූයේ ශ්‍රී ලංකාවේ බලධාරීන් කාල සීමාව දීර්ඝ කර ගැනීම සහ වැඩි මූල්‍ය පහසුකම් ඉල්ලා සිටීම සඳහා ඒ පිළිබඳ නැවත කතිකා කළ යුතු යැයි කියා සිටීම නිසා ය. එසේම ගතවූ වර්ෂ කිහිපය තුළ ශ්‍රී ලංකා බලධාරීන් සිය ණය කපා ඉවත් කර ගැනීමට උත්සුක වූ හෙයින් චීනයේ ඉල්ලීම, කොන්දේසි ලිහිල් කිරීම වෙත නොව වරායේ කොටස් භාරදීම කෙරෙහි කේන්ද්‍රගත විය.

• වරාය ව්‍යාපෘතියේ ණයෙන් බිලියන 1 ක් ඉවත් කර ගැනුණ ද, මේ වන විට ශ්‍රී ලංකාව අන් කවරදාටත් වඩා චීනයට ණයගැති වී සිටින්නේ සෙසු ණය දිගටම බලපැවැත්වෙන නිසා සහ, වෙනත් අන්තර්ජාතික ණය දෙන්නන්ට වඩා චීනයේ ණය පොලී අනුපාතිකය ඉහළ අගයක් ගන්නා නිසා ය.

රාජපක්ෂ සහ ඔහුගේ ආධාරකරුවන් වෙත මේ ලිපිය සඳහා අදහස් දැක්වීම පිණිස මාස කිහිපයක් මුළුල්ලේ දිගින් දිගටම ඉල්ලීම් කළ නමුත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. චීන වරායේ නිලධාරීන් ද අදහස් නොදැක්වූහ.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරන ලද ඇස්තමේන්තු මගින් ලබාදෙනුයේ අසතුටුදායක චිත්‍රයකි. මේ වසරේ ආණ්ඩුව සිය ආදායම් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 14.8 ක් උත්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වෙයි. නමුත් එයින් ලොව පුරා සිටින ණයහිමියන් වෙත ගෙවීමට ඇති ණය ඇමරිකානු ඩොලර් බිලියන 12.3 ක් වේ.

‘‘ජෝන් ඇඩම්ස්ගේ කුප්‍රකට කියමන අනුව රටක් කඩුවෙන් හෝ ණය දීම මගින් යටත් කර ගන්නට පුළුවන්. චීනය තෝරාගත්තේ දෙවැනි ක්‍රමයයි‘‘යැයි ඉන්දීය ආණ්ඩුව සඳහා උපදේශන කටයුතුවල නිරත වී සිටින නවදිල්ලියේ ප්‍රතිපත්ති පර්යේෂණ කේන්ද්‍රයේ බ්‍රහ්මා ෂැනලි පවසයි.

ඉන්දීය බලධාරීන් විශේෂයෙන් බියපත් වනුයේ ශ්‍රී ලංකාව චීනය මත ඉතා දැඩි සේ ප්‍රශ්නකාරී වන අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් තොරව හමුදා ක්‍රියාකාරකම් තහනම් බව අවසන් බදු ගිවිසුමේ දැක්වුණද, චීන ආණ්ඩුව, ණය සහන ලබාදීමේ මුවාවෙන් එහි හමුදාමය කටයුතු සඳහා හම්බන්තොට වරාය වැනි වත්කම් පාවිච්චි කරනු ඇතැයි සිතමිනි.

‘‘හම්බන්තොට සඳහා ආයෝජනය කිරීම සාධාරණීකරණය කළ හැකි එකම ක්‍රමය එය ආරක්ෂක කටයුතු සඳහා යොදාගැනීම පමණයි. එනම්, ඔවුන් හම්බන්තොට වරායට චීන හමුදාව රැගෙන ඒවි‘‘ යැයි විදේශ ලේකම් හා හම්බන්තොට වරාය ඉදිකරන සමයේ ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ ශිවෂංකර් මෙනන් පවසයි.

නිදිබර ගමේ පුස් වෙඩිල්ල

චීන විප්ලවයෙන් පසු මාවෝගේ කොමියුනිස්ට් ආණ්ඩුව පිළිගැනීමෙන් අනතුරුව චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවය නම්‍යශීලී එකකි. නමුත් වාර්ගික දමිල බෙදුම්වාදීන් සමග ශ්‍රී ලංකාවේ බිහිසුණු 26 අවුරුදු සිවිල් යුධ සමයේදී චීනය සමග සම්බන්ධතාවය පවත්වාගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බවට පත්විය.

2005 වසරේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ යුද්ධයේ අවසන් වර්ෂ කිහිපයේ ද බලයේ සිටින අතරවාරයේ ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් ලෝකයෙන් හුදෙකලා වූයේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ චෝදනා සමගිනි. ඔහු යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගය, හමුදා උපකරණ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්බාධක පැනවීම වළක්වා ගැනීම පිණිස දේශපාලනික ආවරණය ලබාගැනීමේදී චීනය මත විශාල වශයෙන් රඳා පවතින තත්වයට පත්විය.

‍2009 වසරේදී යුද්ධය අවසන් වූ අතර, රට ස්ථාවර වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබියදී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල තවදුරටත් සිය ග්‍රහණය තර කර ගත්හ. රාජපක්ෂගේ ධුර කාලයේ ඉහළම අවධියේදී රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයන් තිදෙනා ආණ්ඩුවේ අමාත්‍යාංශ ගණනාවක් සහ ආණ්ඩුවේ සමස්ත වියදම්වලින් 80% ක් පමණ පාලනය කළහ. චීනය වැනි රටවල් සෘජුවම කතා බස් කළේ ඔවුන් සමග ය.

ඒ අනුව ජනාධිපති රාජපක්ෂ විසින් ඔහුගේ නිදිබර ගම් පළාත වන හම්බන්තොට නව ව්‍යාපෘතිය සිදුකරන බව කියන්නට පටන් ගත්විට එයට විරුද්ධ ව ඇති වූ බාධක කිහිපය, එය වළක්වා ගැනීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත.

මුල පටන් ම නිලධාරීන් විසින් දෙවන ප්‍රධාන වරායක් රට තුළ ඇතිකිරීමේ ඥානාන්විත භාවය ප්‍රශ්න කරන ලදී. බ්‍රිතාන්‍යෙයන් 1/4 ක් තරම් වන, මිලියන 22 ක ජනගහනයක් ජීවත් වන රටක, හොඳින් සක්‍රියව පැවති අගනුවර ප්‍රධාන නගරය ව්‍යාප්ත කිරීම, කළ හැකි දෙයක් ව තිබිණි. ආණ්ඩුව විසින් සිදුකළ ශක්‍යතා අධ්‍යයන විසින් දැඩි ලෙසම නිගමනය කර තිබුණේ හම්බන්තොට ඉදිකරන වරායක් වාණිජ වශයෙන් අසාර්ථක වනු ඇති බවයි.

‘‘ඔවුන් වරාය ව්‍යාපෘතිය ආරම්භයේදීම අප වෙත ආවා. එවිට ඉන්දියානු සමාගම් එය ප්‍රතික්ෂේප කළා“ යැයි හිටපු ඉන්දීය විදේශ ලේකම් ශිවෂංකර් මෙනන් පවසයි. ‘‘එ්ක එදත් ආර්ථික වශයෙන් පුස් වෙඩිල්ලක්. දැනුත් පුස් වෙඩිල්ලක්“

නමුත් මහින්ද රාජපක්ෂ ව්‍යාපෘතිය ආරම්භ කර, ඉන්පසු තමන් සියලුම බාධක ජයගත්තේ යැයි පම්පෝරි ගසමින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළේය. වරාය ව්‍යාපෘතිය සමග සිටියේ චීනයයි.

2007 වසරේදී බලධාරීන් විසින් ප්‍රවේශම් සහගත සහ ආර්ථික වශයෙන් සාර්ථක සැලසුමක් බවට විශ්වාස කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යම් රික්ථාවරණයක් කළ බව ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කළ නිලධාරියෙක් පෙන්වා දෙයි. 2010 වසරේදී වරාය සීමිත වශයෙන් ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරනු ලැබුවේ දැවැන්ත වශයෙන් එය ව්‍යාප්ත කිරීමට පෙර යම් ආදායමක් ලබාගැනීම සඳහා ය.

ව්‍යාපෘතිය සඳහා චීනයෙන් ගනු ලැබූ ප්‍රථම ප්‍රධාන පෙළේ ණය ලබාගැනුණේ එක්සිම් හෙවත් චීනයේ එක්ස්පෝට්-ඉම්පෝට් බැංකුව (Export-Import Bank) වෙතිනි. එය ඇමරිකානු ඩොලර් මිලියන 307 කි. නමුත් එම ණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් එහි වරණීය සමාගම (preferred company) වශයෙන් බෙයිජිං හි චයිනා හාබර් සමාගම (China Harbor) වරාය ඉදිකරන්නා ලෙස තෝරාගත යුතු වූ බව ඇමරිකානු තානාපති කාර්යාලය වෙත එකල ලබාදුන් කේබල් පණිවුඩයකින් විකිලීක්ස් ඔස්සේ හෙළිදරව් විය.

මෙය චීනය විසින් ලොව පුරා සිය ව්‍යාපෘතිවලදී සිදුකරනු ලබන සාමාන්‍ය ගණයේ ඉල්ලීමකි. විවෘත ලංසු තැබීමේ ක්‍රමවේදයක් වෙනුවට ඔවුන් යොදාගන්නේ මෙම ක්‍රමයයි. කලාපය පුරාම බෙයිජිං රජය ඩොලර් බිලියන ගණන් ණය ලබාදෙන්නේ චීන සමාගම් සහ දහස් ගණනක් වූ චීන කම්කරුවන් යොදවා ගත යුතු බවට වන පූර්ව කොන්දේසියක් ද සමග ය.
මෙම ණය සම්බන්ධයෙන් තවත් වගකීම් ද ඈඳී තිබිණි. මුල පටන්ම හම්බන්තොට වරාය තුළ චීනය උපාය මාර්ගික වටිනාකමක් දුටු බවට සලකුණු තිබේ.

හිටපු ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයෙකු සහ චීන තානාපතිවරයෙකු වන නිහාල් රොද්‍රිගෝ පැවසුවේ එ් කාලයේ චීන බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවලදී බුද්ධි අංශය තොරතුරු බෙදාගැනීම අනුකලනමය මට්ටමකින් සිදුවිය යුතු බව පැහැදිලිව සඳහන් කළ බවයි. එය මෙම ගනුදෙනුවේ කොටසක් විය. ‘ද ටයිම්ස්‘ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් නිහාල් රොද්‍රිගෝ චීනය වෙත ලබාදුන් ස්ථාවරය විස්තර කළේ, ‘‘අපි හිතනවා, මෙහාට එන්නේ කවුද නතර වන්නේ කවුද යන්න ඔබ අපට දැනුම්දේවි කියා..“ (“We expect you to let us know who is coming and stopping here.”)

ඉන් අනතුරු වසර කිහිපය තුළ චීන බලධාරීන් සහ චයිනා හාබර් සමාගම, එවැනි කොන්දේසිවලට ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින් එකඟ වී සිටි මහින්ද රාජපක්ෂ සමග දීර්ඝ සබඳතාවක් ඇති කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ 2015 මහ මැතිවරණයේ අවසන් මාස කිහිපය තුළ චීන තානාපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔබ්බට ගොස් ඡන්ද දායකයන් පෙළඹවීම සඳහා එක්ව සිටින අතර, විපක්ෂයට එරෙහිව රාජපක්ෂ ට සහාය දැක්වීම පිණිස ප්‍රධාන පෙළේ ගොල්ෆ් පිට්ටනිවල අවන්හල්වල පවා දැකගත හැකි වූයේ, චීන ආණ්ඩුව සමග ඇති කරගත් ආර්ථික එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට ද තර්ජනයක් වෙමිනි.

මහින්ද රාජපක්ෂට චීනයෙන් මුදල

ජනවාරි මැතිවරණය ආසන්නයට පැමිණෙන විට ජනාධිපතිවරයාගේ කවය වෙතට විශාල ගෙවීම් ගලා එන්නට පටන් ගත්තේය.

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ තිබෙන චයිනා හාබර් ගිණුමෙන් බැරවිය. මේ බව සනාථ කරන ලේඛන, මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන රජයේ විමර්ශනයකට අදාළ ලේඛනවලින් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත දුටුවේය. එම ලේඛනවල හිමිකරු කවුදැයි සනාථ කරන චයිනා හාබර් බැංකු ගිණුම් අංකය දැක්වෙන අතර, එකී චෙක්පත් නිකුත් කරනු ලැබුවේ කා හටද යන්න පිළිබඳ ප්‍රශ්න කෙරෙමින් තිබේ.

මැතිවරණය ආරම්භ වීමට දින 10 ක් තිබියදී චෙක්පත් මගින් ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.7 කි. එයින් ඩොලර් 678,000 ක් කැම්පේන් ටී ෂර්ට් සහ වෙනත් ප්‍රචාරණ අමුද්‍රව්‍යවල මුද්‍රණ කටයුතු සඳහා වන අතර, ඩොලර් 297,000 ක් ආධාරකරුවන්ට හා ආධාරකාරියන්ට සාරි ඇතුළු තෑගි භාණ්ඩ මිලදී ගැනීම සඳහා ය. තවත් ඩොලර් 38,000 ක් රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරමින් සිටි ජනප්‍රිය බෞද්ධ භික්ෂුවකට ගෙවා ඇත. එකතුව ඩොලර් මිලියන 1.7 ක් වටිනා චෙක්පත් දෙකක් රාජපක්ෂ පදිංචි ව සිටි අරලියගහ මන්දිරයේ ස්වෙච්ඡාවෙන් වැඩ කළ අය වෙත ලබාදී තිබේ.

එම ගෙවීම්වලින් බහුතරය සිදුකර තිබෙන්නේ චයිනා හාබර් ගිණුම විසින් පාලනය කරන උප ගිණුමකිනි. එහි නාමය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වන කෙටි නාමය වන HPDP Phase 2 ය.

චීන ජාලය

Belt and Road Initiative ආයෝජන හා ණය ව්‍යාපෘතිය මහත් කලබලයෙන් ලෝකය පුරා පස් අවුරුද්දක් මුළුල්ලේ ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව චීන බලධාරීන් නිහඬව වෑයම් කළේ කොපමණ ගනුදෙනු ගිවිසුම් ප්‍රමාණයක් සිදුකෙරී ඇතිද සහ, රටේ මූල්‍ය අනාවරණය කුමක්දැයි සොයාගැනීමට ය. ඒ සම්බන්ධයෙන් තවමත් ප්‍රමාණාත්මක චිත්‍රයක් නොමැති බව එක් චීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙක් පවසයි. මෙම නිලධාරියා ද වෙනත් බොහෝ අය මෙන්ම, චීන ප්‍රතිපත්තිය පිළිබඳ සිය නම හෙළි නොකිරීමේ පදනම මත පමණක් සිය අදහස් දැක්වූ අයෙකි.

මෙවැනි ව්‍යාපෘතිවල ආයතනයික හැඩහුරුකම විසින් චීනය මත වගකීමක් පැටවේදැයි ඇතැම් චීන බලධාරීන් සැලකිලිමත් වීම අරඹා තිබේ. එසේම මෙවැනි ව්‍යාපෘතිවලින් ලාභ ලැබිය හැකි තත්වය දක්වා ඒවායේ කොන්දේසි ඉහළ දැමීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු ව ඇත. පසුගිය වසරේ සිය කථාවකදී ජනපති ෂී ජින් පින් මේ පිළිබඳ සිය කණස්සල්ල පළ කළේ මෙසේ කියමිනි. ‘‘බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් ගොඩනැගීමේදී අප දූෂණයෙන් තොර වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික සහයෝගිතාවය අවංක ලෙසම ශක්තිමත් කරගැනීමටත් බලාපොරොත්තු වෙනවා.“

උදාහරණයක් වශයෙන් බංග්ලාදේශයේදී චීන බලධාරීන් ජනවාරි මාසයේදී පැවසුවේ චීන වරාය සමාගමට අනාගත කොන්ත්‍රාත්කිරීමට නොහැකි වන සේ එය අවහිර කරන බවයි. එයට හේතු වී තිබුණේ එම සමාගම මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරියෙකුට, තේ කොළ පෙට්ටියක් තුළ බහා ඇමරිකානු ඩොලර් 100,000 ක අල්ලසක් ලබාදීමට තැත් කිරීම බව සම්මුඛ සාකච්ඡාවලදී කියැවිණි. එසේම චයිනා හාබර් මව් සමාගම වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි (China Communications Construction Company) 2009 වසරේදී අට අවුරුද්දක් සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිවලට ලංසු තැබිය නොහැකි සේ තහනම් කරනු ලැබුවේ, පිලිපීනයේදී ඔවුන් ප්‍රකට කළ දූෂිත හැසිරීම් හේතුවෙනි.  

ශ්‍රී ලංකාවේ වරාය නතු කර ගැනීමෙන් පසු චීන බලධාරීන් ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්‘ ව්‍යාපෘතිය මගින් මහද්වීප ත්‍රිත්වය හරහා මූල්‍ය සංවර්ධනය සිදුකරන්නට චීන ආණ්ඩුව විවෘත ලෙස කැප වී නොසිටි බව යෝජනා කරන්නට පටන් ගෙන තිබේ.

‘‘මේ අවදානම හොඳින් කළමනාකරණය කරන්නට ඔබට නොහැකි නම්, බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘති එතරම් දුර යන එකක් නැහැ“ යැයි සිල්ක් රෝඩ් ෆන්ඩ් (සේද මාවත අරමුදල) හි සභාපතිනිය ජින් ෂී, මාර්තු මස අග පැවති චීන සංවර්ධන සංසදයේදී පවසයි. සේද මාවත අරමුදල රාජ්‍ය හිමිකාරිත්වය සහිත විශාල ආයෝජන අරමුදලකි.

ශ්‍රී ලංකාව පිළිබඳ ගැටළුවේදී වරාය බලධාරීන් සහ චීන විශ්ලේෂකයන් විසින්, හම්බන්තොට වරාය ලාභදායී ව්‍යාපාරයක් වනු ඇතැයි ද අදහස් කර නැත. එසේම අඩුම වශයෙන් චීනයේ කලාපීය වාණිජ ශක්‍යතාවන් මේ නිසා ශක්තිමත් වන බවට හෝ මතයක ඔවුන් විසින් දක්වා නැත.

චීනයේ මර්චන්ට් පෝට් හි ශ්‍රී ලංකා නියෝජිත සහ හම්බන්තොට වරාය මෙහෙයුම්වල ප්‍රධානී රේ රෙන් අවධාරණය කළේ, ‘‘ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ස්ථානය අන්තර්ජාතික වෙළඳාම සඳහා කදිමයි‘‘යනුවෙනි. තවද සෘණාත්මක ශක්‍යතා අධ්‍යයන ඔහු විසින් ප්‍රතික්ෂේප කළේ ඒවා සිදුකළේ වසර ගණනාවකට පෙර, හම්බන්තොට ‘කුඩා ධීවර ගමක්‘ වශයෙන් පැවතියදී බව පවසමිනි.

නූතන අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ චීන ආයතනයේ දකුණු ආසියානු අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ හූ ෂිෂෙන්ග් පැවසුවේ, හම්බන්තොට වරායේ උපාය මාර්ගික වටිනාකම චීනය විසින් පැහැදිලිව වටහාගෙන ඇති බවයි. නමුත්, ඔහු මෙසේ ද පැවසීය. ‘‘චීනයට භූගෝලීය උපාය මාර්ගික වටිනාකම බලපවත්වන්නට අවශ්‍ය වූ වහාම, වරායට හිමි උපාය මාර්ගික වටිනාකම ඉවත් වේවි. විශාල රටවලට ශ්‍රී ලංකාව තුළ සටන් වදින්නට බැහැ. එය අතුගෑවී යාවි.“

හම්බන්තොට වරාය 2010 වසරේදී ප්‍රථම වතාවට විවෘත කළේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් පිළිබඳ නිවේදනය කිරීමට පෙර වුවද, චීන ආණ්ඩුව එම ගෝලීය වැඩසටහන තුළට වහාම හම්බන්තොට වරාය අන්තර්ග්‍රහණය කළේය.

හම්බන්තොට වරාය චීනයට භාරදීමෙන් මද වේලාවකට පසු, චීනයේ රාජ්‍ය පුවත් සේවය පුරසාරම් සහිත වීඩියෝවක් ට්විටර් සමාජ ජාලය වෙත නිකුත් කළේ, එය ‘‘#BeltandRoad හි තවත් සැතපුම් කණුවක්“ බව කියා සිටිමිනි.

වී වේළන ගුවන් තොටුපොළ

චීන ණයෙන් හම්බන්තොට සිදුකළ එකම මහා ව්‍යාපෘතිය මෙම වරාය පමණක් නොවේ.

අතරින් පතර වෙසෙන ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වෙරළ තීරයේ තවමත් වැඩි වශයෙන් දැකගත හැක්කේ වනගත බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගනගරයේ ජනගහනයට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් සහිත ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, විශාල අන්තර්ජාතික ගුවන් තොටුපොළක් මෙන්ම එහි අහස වෙත නැගී ඇත. ජූනි මාසයේදී මෙම අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ එකම එක ගුවන් යානාව ද නැවතුණේ, ෆ්ලයි ඩුබායි ගුවන් සේවය එම ගුවන් මාර්ගය තෝරාගැනීම අවසන් කිරීමත් සමග ය. දිස්ත්‍රික්කය හරහා දිවෙන අධිවේගී මාර්ගය වල්අලින්ගෙන් ගහණ අතර, එය සිය කුඹුරුවලින් ලබාගන්නා අමු වී අස්වනු වියැළීම සඳහා ගොවීන් විසින් පාවිච්චි කරනු ලැබේ.

වරාය විවෘත කිරීමෙන් පසු එය ව්‍යාප්ත කළ යුත්තේ කෙසේදැයි මහින්ද රාජපක්ෂගේ උපදේශකයන් විසින් ක්‍රමෝපායික ප්‍රවේශයක් මගින් දක්වා තිබුණේ, තවත් වැඩිපුර ණය වීමට පෙර යම් ආදායමක් උපයා ගත හැකි බව සාක්ෂාත් කරමිනි.

නමුත් 2009 වසරේදී ජනාධිපතිවරයා නොඉවසිලිමත් වී තිබිණි. ඔහුගේ 65 වන උපන්දිනය එළඹී තිබූ අතර, එය සැමරීම සඳහා ඔහුට හම්බන්තොට වරාය අතිශය උත්සවකාරී ලෙස විවෘත කිරීමට ඔහුට අවශ්‍ය විය. වරාය අධිකාරියේ මුල් සැලසුමට වඩා වසර 10 ක් ඉදිරියට ගොස් වරාය ප්‍රසාරණය කිරීම ආරම්භ කිරීම ද එම සැලසුමට ඇතුළත් විය.

මෙතැන් පටන් චීන කම්කරුවන් දිවා රෑ වැඩ කරමින් වරාය විවෘත කිරීමට සුදුසු තත්වයකට පත් කිරීමට පටන් ගත් බව බලධාරීහු පවසති. නමුත් කම්කරුවන් වරායේ ද්‍රෝණිකාව නිර්මාණය කිරීම සඳහා පස් අදිමින් ඉන්පසු එයට ජලය පුරවන විට එහි පිවිසුම අවහිර කරමින් විශාල ගලක් ඇති බව ඔවුන් සැලකිල්ලට ගත්තේ නැත. මෙම අවහිර නිසා වරායේ ව්‍යාපාරික මොඩලය රඳා පැවති තෙල් ටැංකි ප්‍රවාහන යාත්‍රා වැනි විශාල නෞකා වරායට පැමිණීමට බාධා ඇති වේ.
ජනාධිපති ඉක්මවා යාමට අකමැති වූ වරාය බලධාරීහු, එය එසේම තිබියදී ඉදිරි වැඩ කටයුතු සිදුකරගෙන ගියහ. හම්බන්තොට වරාය 2010 නොවැම්බර් 18 වැනිදා අති උත්කර්ෂවත් ලෙස විවෘත කරනු ලැබුවේ ජනපති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය දා ය. ඉන්පසු මහා ගලක් එහි පිවිසුම අවහිර කරමින් රැඳී තිබියදී හම්බන්තොට වරාය ද තමන් වෙත ව්‍යාපාර ඇදී එන තෙක් වාඩි වී බලාගෙන සිටියේය.

චීන වරායේ කළු ගල එයට වසරකකට පසු පුපුරුවා හරිනු ලැබුවේ ඩොලර් මිලියන 40 ක වියදමක් දරමිනි. එය, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ රජයේ නිලධාරීන් අතර මතභේද ඇති කළ සීමාරහිත මිලක් විය. මෙහිදී ඇතැමුන් විවෘත ලෙසම සැක පළ කළේ, එම සමාගම ඒ සඳහා අසාමාන්‍ය වැඩි මිලක් අය කර තිබේද, නැතිනම් රාජපක්ෂ හට ලැබෙන අයුතු ලාභ ද එම මිලට ඇතුළත් වේද යන්න පිළිබඳව ය.

2010 වන විට හම්බන්තොට වරාය තමන් වෙත නෞකා ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටියේ, කොළඹ වරායේ නැංගුරම්පළ ඉක්මවා යාමේ අභිලාෂයෙනි. තවද වරාය, පෙර සැලසුම් කර තිබූ ආකාරයෙන් බැහැරව ව්‍යාප්ත කෙරෙමින් තිබූ නිසා ඉදිකිරීම් විදයම් ද ඉහළ යමින් තිබිණි. එම වසරේ අග ආණ්ඩුව නියෝග කළේ කොළඹ වරාය වෙත පැමිණෙන මෝටර් රථ රැගත් නෞකා ඒ වෙනුවට පිට පාරේ ගොස් සිය භාණ්ඩ තොග හම්බන්තොට වරායේදී ගොඩ බෑ යුතු බව ය. ඒ අනුව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කෙරිණි. නමුත් එසේ තිබියදීත් 2012 වසරේදී හම්බන්තොට වරායේ නැංගුරම් ලෑ නෞකා සංඛ්‍යාව 34 ක් පමණි. මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරායට එම වසරේ පැමිණි නැව් ගණන 3,667 ක් වේ.

‘‘මා ආණ්ඩුවට පැමිණි විට ජාතික සැලසුම් පිළිබඳ අමාත්‍යවරියට මා කතා කළා. හම්බන්තොට වරාය ඉදිකිරීම සාධාරණීකරණය කරන්නට පුළුවන් කෙසේදැයි මම ඇසුවා“ යැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ‘‘ඇය කිව්වෙ, අපිට ඒක කරන්න කිව්වා. ඒ නිසා අපි එ්ක කළා‘ කියලයි.

වරාය තවදුරටත් ව්‍යාප්ත කිරීමට අදිටන් කර ගනිමින් මහින්ද රාජපක්ෂ 2012 වසරේදී චීනය වෙත ගියේ, ඩොලර් මිලියන 757 ක් ඉල්ලා සිටිමිනි.
චීන රජය නැවතත් එයට එකඟ විය. නමුත් මේ වතාවේ, එම ණය මුදල ලබාදීමේ කොන්දේසි තවදුරටත් දුෂ්කර විය.

ඩොලර් මිලියන 307 ක් වූ පළමු ණය වාරිකය මුලින්ම ලබාදීමට නියමිත ව තිබුණේ 2008 වසරේ ගෝලීය මූල්‍ය කඩාවැටීමෙන් පසු සාමාන්‍ය වශයෙන් සිදුවන පරිදි 1% ක හෝ 2% ක විචල්‍ය පොලී අනුපාතිකයකිනි. (සන්සන්දනය කරන්නේ නම්, මේ හා සමාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජපානය විසින් ලබාදෙන ණයවල පොලී අනුපාතිකය වන්නේ 0.5% කට අඩු අගයකි.)

නමුත් නැවත ණය ලබාදීමේදී එම මූලික ණය මුදල, 6.3% ක් වැනි ඉතා ඉහළ ස්ථාවර පොලී අනුපාතිකයක් දක්වා නැවත ගිවිසගනු ලැබිණි. මහින්ද රාජපක්ෂ එයට විරුද්ධ නොවී එය අනුමත කළේය.

හම්බන්තොට වරාය ආදායම් ඉපයීම සඳහා අරගලයක නිරත වන විට පවා, ඉහළ යන ණය සහ ව්‍යාපෘති වියදම් විසින් ශ්‍රී ලංකාවේ විපක්ෂයට ප්‍රබල ප්‍රශ්නයක් ලබාදුන් අතර, විපක්ෂය චීනය පිළිබඳ පැවති සැක සංකාවලට එරෙහිව ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයක නිතර විය. මහින්ද රාජපක්ෂ මැතිවරණයෙන් පරාජය විය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නායකත්වය ලබාදුන් නව ආණ්ඩුව බලයට පැමිණියේ ශ්‍රී ලංකාවේ මුදල් ගනුදෙනු සියුම් නිරීක්ෂණයට ලක් කරන බවට වූ න්‍යායපත්‍රයක් සමග ය. එය අති දැවැන්ත ණයකට ද මුහුණ පා සිටියේය. එනම්, මහින්ද රාජපක්ෂ යටතේ රටේ ණය තුන් ගුණයකින් ඉහළ ගිය අතර ඔහු ධුරය හැර යන විට එම ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 44.8 ක් විය. 2015 වසරේදී පමණක් ඩොලර් බිලියන 4.68 ක ණය ගෙවුම් ශේෂයක් වසර අවසානයේ ඉතිරි ව තිබිණි.

නව ආණ්ඩුව ඉන්දියාව, ජපානය සහ බටහිර ලෝකය වෙත නැවත යොමුවීමට බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් බලධාරීන් ඉක්මනින්ම වටහා ගත්තේ චීනය විසින් ශ්‍රී ලංකාව තුළ පුරවා තිබෙන මූල්‍යමය හෝ ආර්ථිකමය අවකාශය පිරවීමට අන් කිසිදු රටක් සමත් නොවනු ඇති බවයි.

හිතාමතාම පල්ලම් බැස්සවූ ආර්ථිකයක්

‘‘අපිට හිතාමතාම පල්ලම් බස්සවා තිබෙන ආර්ථිකයක් උරුම වුණා. ආදායම් මුල් මුදල නැවත ගෙවීමට තබා පොලී ගෙවීමටවත් ප්‍රමාණවත් වුණේ නැහැ.“ නව ආණ්ඩුවේ පළමු වසරේ මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක පැවසීය.

‘‘අපි දිගින් දිගටම ණය ලබාගත්තා..‘‘ ඔහු තවදුරටත් පැවසීය. ‘‘අලුත් ආණ්ඩුවකට ණය ලබාගැනීමෙන් වළකින්නට බැහැ. ඒක කඩින් කඩ දිවීමක්. ආර්ථික විනය හඳුන්වා දෙන තෙක් ඔබ ඔවුන් සමග දිව යා යුතුයි.“

‍ශ්‍රී ලංකාව චීනයට ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් ණයගැති බව මහබැංකුව තක්සේරු කළේය. නමුත් වර්ටී රිසටර්ච් හි ආර්ථික විද්‍යාඥයෙකු වන නිෂාන් ද මෙල් පැවසුවේ ඇතැම් ණය ආණ්ඩුවේ වාර්තාවන්ගේ සඳහන් නොවන බව සහ, ඒ වෙනුවට ඒවා තනි පුද්ගල ව්‍යාපෘතිවල සඳහන් ව ඇති බවයි. ඔහු තක්සේරු කළේ චීනයට ලංකාවේ ණය ගැතිභාවය ඩොලර් බිලියන 5 ක් තරම් විය හැකි බව සහ එම ණයගැතිභාවය වාර්ෂිකව වර්ධනය වන බව ය. මැයි මාසයේදී ශ්‍රී ලංකාව, ණය වාරිකය ගෙවීමට උපකාර වනු පිණිස චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක අලුත් ණයක් ගත්තේය.

2016 වසරේදී රජයේ බලධාරීන් චීන කොටස්කරුවන් මුණ ගැසීමට පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ ශේෂ පත්‍රයෙන් හම්බන්තොට වරාය ඉවත් කර, ණය සම්පූර්ණයෙන් ම ගෙවීම පැහැර හැරීමෙන් වැළකී සිටීමට ය. නමුත් චීනය කොන්දේසි පනවමින් පැවසුවේ චීන සමාගමක් විසින් වරායේ ප්‍රමුඛ කොටස් මිලදී ගත යුතු බව ය. එයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිලධාරීන් පවසන්නේ ණය ලේඛනගත කිරීම චීනයට පිළිගත හැකි විසඳුමක් නොවනු ඇති බවයි.

ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදුන් විට එය තීරණය වන්නේ කුමන රාජ්‍ය සමාගම විසින් එහි පාලනය ලබාගන්නේ ද යන කාරණය මත ය. එනම් චයිනා හාබර් හෝ චයිනා මර්චන්ට්ස් පෝට් සමාගම් දෙකින් මෙම පාලනය හිමිවන්නේ කාටද යන්නයි. ‘ද ටයිම්ස්‘ පුවත්පත විසින් ලබාගත් අවසන් එකඟතා ගිවිසුමේ පිටපතකට අනුව මේ බව හෙළි වේ. කෙසේ නමුත් මෙම ගිවිසුම කිසිදු විටෙක සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කර නැත.

චයිනා මර්චන්ට්ස් සමාගම වෙත මේ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ අතර, එය ඉන්පසුව ඊටත් වඩා දේ ඉල්ලා සිටියේය. ඒ අනුව සමාගමේ නිලධාරීන් විසින් වරාය අවට අක්කර 15,000 ක් ඉල්ලා සිටියේ, මෙම ගනුදෙනු සාකච්ඡා පිළිබඳ දැනුම්වත් භාවයෙන් යුත් නිලධාරීන් දෙදෙනෙකුට අනුව, කාර්මික කලාපයක් ඉදිකිරීම සඳහා ය. හම්බන්තොට වරාය පවා එහි කොටස් මිල වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක් වටින්නේ නැති බව ට චීන සමාගම තර්ක කළේය. එම මුදල් ප්‍රමාණය, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය වී තිබූ ප්‍රමාණයට සමාන මුදලකි.

ඇතැම් රජයේ නිලධාරීන් මෙම කොන්දේසිවලට දැඩි සේ එරෙහි වුවත්, මෙම ගිවිසුම් කථිකාවන්ට සහභාගි වූ නිලධාරීන්ට අනුව පාඩුව පිරිමසාගත හැකි වෙනත් ක්‍රමයක් තිබුණේ නැත. නව ගිවිසුම 2017 ජූලි මසදී අත්සන් තැබුණු අතර, එය 2017 දෙසැම්බරයේ සිට ක්‍රියාවට නැංවිණි.

එම ගනුදෙනුව හරහා ශ්‍රී ලංකාවේ හිමිකාරිත්වයේ මුහුණුවර වෙනස් විය. වෙනත් දේ අතර, වරායේ මෙහෙයුම් කළමනාකරණය සහ ආදායම් රැස් කිරීම සඳහා හවුල් සමාගමක් ආරම්භ කෙරිණි. එම සමාගමේ හිමිකාරිත්වයෙන් 85% ක් චීනයට හිමි වූ අතර, 15% ක් ශ්‍රී ලංකා රජයට හිමි ය.  

නමුත් වරාය නගරය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමෙන් යුත් නීතීඥවරුන් පැවසුවේ ශ්‍රී ලංකාවට මෙම ගිවිසුම තුළ හිමි අල්ප බලය හේතුවෙන් චයිනා මර්චන්ට්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුම් තීරණ සම්බන්ධයෙන් චීනයට වැඩි බලයක් ලැබෙන බවයි. තවද වරායට අයත් භූමිභාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්වාධිපත්‍ය අයිතියක් නොමැති බවයි.

මෙම ගිවිසුම පිළිබඳ මුල්කාලීන සාකච්ඡාවලදී, වරාය සහ ඒ අවට භූමිය චීන හමුදාවට පාවිච්චි කළ හැකිද යන පැනය විවෘත ව නගන ලදී. එය පැහැදිලි ලෙසම තහනම් කළ යුතු බව ඉන්දියානු බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයෙන් නිරන්තරව පැවසිණි. අවසන් ගිවිසුම හරහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අවසර ලබාදෙන්නේ නම් මිස විදේශ රටවලට වරාය හමුදාමය අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීමට සීමා පනවයි.

එම අතුරු විධානය අන්තර්ගත වන්නේ චීන නාවික සබ්මැරීන ඒ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලමින් තිබූ නිසා ය.

උපාය මාර්ගික ගැටළු

චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායේ ද කොටස්කරුවෙකු වේ. එනම් චයිනා හාබර් සමාගම එහි නව පර්යන්තයක් ඉදිකරමින් සිටි අතර, එකල එය හඳුන්වනු ලැබුවේ කොළඹ වරාය නගරය (Colombo Port City) යනුවෙනි. එම ගනුදෙනුව සමග දළ වශයෙන් අක්කර 50 ක පමණ භූමියක් චීන සමාගම විසින් ශුද්ධ වශයෙන් අයත්කරගෙන තිබූ අතර, එම භූමිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්වාධිපත්‍යයක් නොමැත.

එ් බව 2014 හෙවත් රාජපක්ෂගේ ධුර කාලයේ අවසන් වසර වන විට නාට්‍යාකාරයෙන් විදහා දැක්වෙමින් තිබිණි. ජපන් අග්‍රාමාත්‍ය ෂින්සො ඒබේ කොළඹට පැමිණි දිනයේදීම කොළඹ වරායේ චීන සබ්මැරීන නැංගුරම් දැමුවේය. එය කලාපය පුරා ප්‍රකට වූයේ බෙයිජිං වෙතින් ලැබුණු තර්ජනාත්මක සංඥාවක් වශයෙනි.

‍ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව බලයට පැමිණි විට වරාය වෙත චීන සබ්මැරීන නැවත කිසිදා නොපැමිණෙන බවට වගබලාගැනීමේ සහතිකයක් සඳහා එය උත්සුක විය. ඔවුන් මේ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වූයේ චීන සබ්මැරීන පැමිණෙන බව සොයාගැනීම දුෂ්කර නිසා සහ ඒවා නිතරම රහස් තොරතුරු එක්රැස් කිරීම සඳහා භාවිතා කරන බැවිනි. නමුත් ශ්‍රී ලංකා බලධාරීන් හට එය සැබෑ වශයෙන්ම තිබුණේ ඒ සම්බන්ධයෙන් ඉතා කුඩා පාලනයක් පමණි.

දැන්, හම්බන්තොට වරාය චීනයට භාරදීම මගින් හමුදා භාවිතයන් සඳහා එය යොදාගැනීම, විශේෂයෙන්ම චීනය සිය ප්‍රතිඥාවන් කඩ කරමින් දිගින් දිගටම දකුණු චීන මුහුදේ හමුදාමය දූපතක් නඩත්තු කරමින් සිටීම තවදුරටත් යථාර්ථයක් බවට පත් කළේය.

ශ්‍රී ලංකා බලධාරීන් ඒ විගසම පෙන්වා දුන්නේ ගිවිසුම මගින් පැහැදිලිවම එම ක්ෂේත්‍රෙය් හමුදා භාවිතාවන් තහනම් කර ඇති බව ය. නමුත් සෙස්සන්ගේ නිරීක්ෂණය වූයේ, චීනයට ඒ වන විටත් දැඩි සේ ණය වී සිටින ශ්‍රී ලංකා ආණ්ඩුව වෙතට එයට ඉඩදීම සඳහා බලපෑම් කළ හැකි බවයි.

එසේම, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා එය දැක්වූයේ ‘‘ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන්‘ යනුවෙනි.

දැන්, චීනයේ වරණීය ශ්‍රී ලංකා කොටස්කරුවා වූ මහින්ද රාජපක්ෂ දේශපාලනික පුනරාගමනයක් සඳහා සැරසෙන්නේදැයි හර්ෂ ද සිල්වා සහ සෙසු අය බලා සිටිති. හිටපු ජනාධිපතිගේ නව විරුද්ධ පක්ෂය පෙබරවාරියේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රකට ජයක් ලබාගත්තේය. ජනාධිපතිවරණය ලබන වසරේ ද, මහමැතිවරණය 2020 දී ද පැවැත්වීමට නියමිත ය.

ධුර කාලය පිළිබඳ ගැටළු හේතුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා නැවත තරග කිරීමෙන් වළක්වා තිබුණද, ඔහුගේ සහෝදරයා වන ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා එය සිදුකිරීමට සූදානම් බව පෙනී යයි.

‘‘ඒක මහින්ද රාජපක්ෂ විසින් තෝරාගනීවි. ඔහු කියනවා නම් ඔහුගේ සහෝදරයන්ගෙන් එක් අයෙක් සුදුසුයි කියලා, එම තැනැත්තාට ඉතාම ශක්තිමත් තහවුරු වීමක් තිබිය යුතුයි“ යැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහබැංකු අධිපතිවරයා ව සිටි සහ තවමත් රාජපක්ෂ පවුලේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ට අනුව මහින්ද රාජපක්ෂ තවදුරටත් ජනාධිපති නොවුණත්, මහින්ද තමයි බලයේ ප්‍රධාන පදනම.

මෙම වාර්තාව සඳහා බෙයිජිං සිට කීත් බ්‍රැඩ්ෂර් සහ සුයි-ලී, ශ්‍රී ලංකාවේ සිට මුජිබ් මාෂල්, ධරීෂා බැස්ටියන්ස් සහ ආතර් වමනන් දායක විය.

පරිවර්තනය - රදිකා ගුණරත්න

Comment (0) Hits: 431

RMV හී e-motoring ටෙන්ඩරය දූෂිතයි : කෝටි ගණනක ගැහිල්ලකට සියල්ල සූදානම් !

රාජ්‍ය අංශයේ කටයුතු e-governance තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා දැනට දෙපාර්තමේන්තුවේ භාවිත කරන පරිගණක පද්ධතිය කල් ඉකුත් වී ඇති බවත්, එමඟින් නිසි සේවාවක් සැපයීමට අපහසු බවත්, ඒ නිසා අක‍්‍රමිකතාවයන්ට ඉඩකඩක් ලැබෙන බවත් කියමින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව නව ක‍්‍රමවේදයන් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටියි. e-motoring යනුවෙන් හඳුන්වන එම නව ක‍්‍රමවේදය විසින් ඉහත කී ගැටලු මඟහරවා ගැනීමට හැකි බව කියැවේ. බැලූ බැල්මට එය ඉතා හොඳ කටයුත්තකි. ඉදිරිපත් කර ඇති කරුණු නිසා මෙම කටයුත්තට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ද අනුමැතිය මේ වන විට ඒ සඳහා හිමි වී තිබේ.

ටෙන්ඩරයේ ඉතිහාසය !

මෙම ව්‍යාපෘතිය සඳහා යෝජනා ඉදිරිපත් වන්නේ අද ඊයේ සිට නොවේ. මෙහි පළමු යෝජනාව එන්නේ 2003 වසරේ දී ය. ඒ අනුව කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්යවරයෙකු ප‍්‍රමුඛ කණ්ඩායමක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණ සිදු කරන ලද පරීක්ෂණයකින් පසුව අනාවරණය වන්නේ ඒ වන විටත් ආයතනයේ ඇති පරිගණක පද්ධතිය ඉතාම හොඳ තත්ත්වයේ පවතින බවයි. ඒ නිසා නව ව්‍යාපෘතිය සඳහා නව පරිගණක පද්ධතියක් සකස් කිරීම වෙනුවට තිබෙන පරිගණක පද්ධතියම සුළු වෙනස්කම් සිදු කිරීම මගින් සිදු කළ හැකි බවත් පැහැදිලි විය.

2008 වැඩේ 2017 ට කල්යයි !

එහෙත්, නැවතත් 2008 වසරේ දී මේ ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු වන අතර, ඒ අනුව Ernest and Young සමාගමට කොන්ත‍්‍රාත්තුවක් ලබා දෙන්නේ ඒ සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක් සකස් කිරීම සඳහාය. එම අධ්‍යයන වාර්තාවට පාදක වන්නේ පරිගණකගත වාහන නියාමනය කිරීමේ ක‍්‍රමවේදයකි. මේ වාර්තාවට අනුව නව පරිගණක පද්ධතියක් නිර්මාණය කොට ක‍්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ද තීරණය වී තිබේ.

තීරණය එසේ තිබුණ ද, එය ක‍්‍රියාත්මක වන්නේ වසර ගණනාවකට පසුව 2017 වසරේ දී ය. ICTA ආයතනයේ සිටි වසන්ත දේශප‍්‍රිය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් කරන්නේ මේ අතරය. ඔහුගේ සහායට තුෂාර සුරවීර නම් අයෙකු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොමසාරිස් ලෙස පත් කරනු ලබයි.

තුෂාර සුරවීරගේ අදිසි පත්වීම !

එය එතෙක් තිබූ තනතුරක් නොවන අතර, තුෂාර සුරවීරව පත් කිරීම සඳහාම සකසන ලද තනතුරකි. එම තනතුර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පටිපාටියට ද අනුකූල වන්නක් නොවේ. තොරතුරු තාක්ෂණය සඳහා වෙනම රාජ්‍ය සේවාවක් පවතින අතර, ඒ අනුව මෙවැනි තනතුරක් නිර්මාණය කිරීමම ඇති කරවන්නේ බරපතළ සැකයකි. විශේෂයෙන්ම මෙම තනතුර සඳහා පත් කරනු ලැබූ තුෂාර සුරවීර පරිපාලන සේවයේ නිලධාරියෙකු වුව ද, ඔහු තොරතුරු තාක්ෂණ විෂයය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යාපනයක් ලැබූවෙකු නොවේ.

කරුණු මෙසේ තිබියදී e-motoring වැඩපිළිවෙළ සඳහා ටෙන්ඩර් කැඳවීමට ඔහු මැදිහත් වන අතර, ඒ අනුව ටෙන්ඩර්කරුවන් පස් දෙනෙකු තෝරා ගනු ලබයි. HTPB with Epeic, Metropolitan with Face Technologies, Madras Securuty Printiners, VSIS with NOVA, Acces International with UTCH යන සමාගම් එසේ ටෙන්ඩරය සඳහා මූලිකව තෝරා ගනු ලැබූ සමාගම් වේ. මෙම ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරය ලබා ගැනීම සඳහා මෙරට සමාගමක් ඉල්ලුම් කරන්නේ නම්, ඒ සඳහා විදේශීය සමාගමක් හා සම්බන්ධ වීම අනිවාර්ය කරුණක් ලෙස සඳහන් කර තිබූ අතර, විදේශීය සමාගමකට තනිවම ඉදිරිපත් වීමේ හැකියාව ලබා දී තිබිණි.

මෙසේ ටෙන්ඩර් ක‍්‍රියාවලිය වේගයෙන් ඉදිරියට යන අතර, අවසානයේ තාක්ෂණ අගැයීම් කමිටුව විසින් ටෙන්ඩර්කරුවන් දෙදෙනෙකු ඒ සඳහා තෝරා ගනු ලැබීය. ඒ HTPB with Epeic සහ Metropolitan with Face Technologies යන ටෙන්ඩර්කරුවන්ය.

ටෙන්ඩර් වංචාවට සෙල්ලම් ඇරඹේ !

මෙසේ ටෙන්ඩර්කරුවන් තෝරා ගැනීමේදී ද සාමාන්‍ය ක‍්‍රමවේදයන් පිළිබඳ සලකා බැලීමක් සිදු කර නොමැති අතර, ඉදිරිපත් වී ඇති ටෙන්ඩර්කරුවන්ගේ විෂයයට අදාළ සුදුසුකම් පරීක්ෂාව සිදු කර ඇත්තේ ද ඉතාමත් සරල ආකාරයෙනි. එහෙත්, මේ බොහෝ ටෙන්ඩර්කරුවන් ක්ෂේත‍්‍රයේ ජාවාරම්කාරයන් වශයෙන් ප‍්‍රසිද්ධ වී සිටින්නන් බවට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ ම චෝදනා කරති.
කරුණු මෙසේ තිබියදී, තෝරා ගත් ටෙන්ඩර්කරුවන් දෙදෙනා අතුරින් එක් අයෙකු තෝරා ගැනීම සඳහා අවසාන කටයුත්ත වන මුදල් ටෙන්ඩරය සඳහා යොමු වනවිට තාක්ෂණ අගැයීම් කමිටුවේ ලබා ගත් ලකුණු අනුව ඉදිරියෙන් සිටින්නේ HTPB with Epeic වන අතර ඔවුන් ලබාගෙන තිබුණු ලකුණ සංඛ්‍යාව 79.03කි. Metropolitan with Face Technologies ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 70.7කි. ලකුණුු ලබා දීමේ පටිපාටියේ දී මුළු ලකුණුවලින් 80%ක් තාක්ෂණ අගැයීම විසින්ද 20%ක් මුදල් ටෙන්ඩරය විසින් ද තීරණය කරනු ලබයි.

සැකසහිත ලංසු තැබිල්ල !

මේ අනුව Metropolitan with Face Technologiesට වඩා ඉදිරියෙන් සිටි HTPB with Epeicට ටෙන්ඩරය හිමි වන බවක් බැලූබැල්මට පෙනෙන්නට තිබිණි. එසේ නොවීමට නම්, Metropolitan with Face Technologies විසින් HTPB with Epeic ඉදිරිපත් කරන මුදලින් හරි අඩකට ආසන්න මුදලක් ලබා දීම අනිවාර්ය විය යුතුය. සියලු දෙනාගේම ඇස් නිලංකාර කරමින් එය එසේම සිදු වන අතර, HTPB with Epeic විසින් එක් සේවා අවස්ථාවක් සඳහා රුපියල් 326.00ක් ඉදිරිපත් කරන විට Metropolitan with Face Technologies ඒ සඳහා ඉදිරිපත් කර තිබුණේ රුපියල් 187.97ක මුදලකි. මේ සේවා අවස්ථාවක් යනු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදු වන එක් Transaction එකකි. එනම් වාහනයක් ලියාපදිංචි කිරීමක්, පැවරීමක්, වාහන පන්තිය වෙනස් කිරීමක් වැනි එක් කටයුත්තකි. එවැනි කටයුතු විශාල ප‍්‍රමාණයක් වර්ෂයක් තුළ සිදු වන අතර වසරින් වසර එම ගණන වෙනස් වීම ද සිදු වේ. එසේ නිශ්චිත නොවන සේවා ගණනක් සඳහා අවසන් සත ගණනට මුදලක් ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදු විය නොහැක්කකි.

ටෙන්ඩරයේ ලංසු  රහස් එළියට ගිහින් !

එසේ නම් මෙම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ටෙන්ඩර්කරුට සිය ප‍්‍රතිවාදියා ඉදිරිපත් කර ඇති මිල ගණන් පිළිබඳ පූර්ව අවබෝධයක් සහිතවය. එවැනි අවබෝධයක් ඇති වීමට නම්, ටෙන්ඩර් මිල ගණන් ඔහුට දැනුම් දිය යුතුය. එවැන්නක් සිදු කරන ලද්දේ කවුරුන් විසින් දැයි බරපතළ සැකයක් ඇති වන අතර, සැක කළ හැක්කේ මේ සඳහා මැදිහත් වන තුෂාර සුරවීර ඇතුළු ටෙන්ඩර් කමිටුවේ ප‍්‍රධානීන්ය.
ටෙන්ඩර්කරුවන් විසින් මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ඩොලර්වලින් බවත්, මේ සත ගණනක් ලැබී ඇත්තේ ඒවා රුපියල්වලට පරිවර්තනය කිරීමේ දී බවත් තුෂාර සුරවීර පවසන්නේ හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් නිසා දැයි අපි දන්නේ නැත.

එහෙත්, සියල්ල එතැනින් නිමා වූයේ නැත. අවම ලංසුව ඉදිරිපත් කළ Metropolitan with Face Technologies ඉන් පසුව පවසා ඇත්තේ තමන් කිසිදු බදු මුදලක් මේ මිල ගණන්වලට ඇතුළත් කර නොමැති බවයි. ඒ අනුව NBT සඳහා වන 2% ද ඊට ඇතුළත් නොවේ. එහෙත් HTPB with Epeic විසින් මිල ගණන් සකස් කර ඇත්තේ එම අනිවාර්ය බදු මුදල් සිය ලංසුවට ඇතුළත් කරමිනි. Metropolitan with Face Technologies ඉදිරිපත් කර ඇති ලංසුවට NBT සඳහා වන 2% ඇතුළත් කළ විට මුළු ලකුණු ගණනින් ඉදිරියෙන් සිටින ලංසුකරු වන්නේ HTPB with Epeic ය.

කෝටි ගණනක ගැහිල්ලට සියල්ල සූදානම් !

මේ වනවිට එම ටෙන්ඩර්කරු විසින් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇතත්, ඒ පිළිබඳ සැලකීමක් නොකර අදාළ ටෙන්ඩරය Metropolitan with Face Technologies වෙත ලබා දීමට මොවුන් කටයුතු කර තිබේ.

එය මේ වංචාවේ එක් පැත්තක් පමණි. මේ මඟින් ඇති වන තවත් ගැටලූ ගණනාවකි. ඉන් එකක් වන්නේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන සියලූම ගනුදෙනු පිළිබඳ තොරතුරු බාහිර පෞද්ගලික ආයතනයක් වෙත යාමයි. එය ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. එසේම මේ සිදු කරන සෑම සේවා අවස්ථාවක් සඳහාම මුදල් ගෙවිය යුත්තේ ජනතාවය. ඒ නිසා මොවුන් මේ වංචාව සිදු කරන්නේ ජනතා මුදල්වලිනි. නව ලියාපදිංචි කිරීම් සඳහා වන සංඛ්‍යාලේඛන 2014 වසරෙන් පසු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ යාවත්කාලීන කර නැතත්, 2014 වසරට අනුව එම ගණන 3,71,906කි. ඒ මඟින් ඉහත කී පෞද්ගලික ආයතනයට ලැබෙන මුදල රුපියල් 6,99,07,170.00කි. එනම්, ආසන්න වශයෙන් රුපියල් කෝටි හතකි. මෙවැනි ගනුදෙනු අවස්ථා රැසක් මඟින් තවත් රුපියල් කෝටි ගණනක් ඔවුන් වෙත මෙරට ජනතාව ගෙවිය යුතුය. සියල්ලන්ම එකතු වී ඇති තරම් ගේම් දෙමින්, මේ ටෙන්ඩර් මගඩි සිදු කරන්නේ ඒ නිසා ය.

ලංකා ඉරිදා සංග්‍රහය

Comment (0) Hits: 415

Page 1 of 4