ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා , එම පෙරමුණේ ජාතික ලයිස්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරයකුට ඉල්ලා අස්වැන්නයි දැනුම්දීම සම්බන්ධයෙන්, ආණ්ඩු පාර්ශ්වය තුලින්ම බලවත් විරෝධයක් මතුවෙලා.
මේ ගැන කියන්නේ ආණ්ඩුවේම දේශපාලන ආරංචි මාර්ග .
ඒ ආරංචිමාර්ග වලට අනුව එහෙම ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තියෙන්නේ , ජාතික ලැයිස්තුවේ මොහොමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයාට..
ඉතිං ඒකට විරෝධය පළකරලා කියන්නේ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සහයදුන් මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්.
20 සම්මත කරගැනීමට වගේම විශේෂයෙන් බැසිල් රාජපක්ෂට ම අදාලවූ , ඩුවෙල් සිටිසන් වගන්තිය සම්මත කරගැනීමට මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීන් සම්බන්ධීකරණය සිදුකොට ඇත්තේ, මොහොමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයා.
ජාතික ලැයිස්තුවෙන් පත්වූ අලි සබ්රි අධිකරණ ඇමතිවරයා ඇති කාර්ය බහුලත්වය නිසා , ඒ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ දුක්ගන්නා රාළ බවට පත්වෙලා තියෙන්නේත් , මේ මොහොමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයා.
..ඒ වගේ තත්වයක් ඇතුලේ ඔහුව ඉවත්කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන්, මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නෙවෙයි , රාජපක්ෂවරුන්ට හිතවත් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවෙන්ද එල්ලවී ඇත්තේ බලවත් විරෝධයක්
සුලු ජාතිකයින් සම්බන්ධයෙන් කිසියම් අකාරයකින් සංවේදී රාජපක්ෂ කෙනෙකු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ, තමාට පාර්ලිමේන්තු එම සඳහා මේ විදියට මුස්ලිම් මන්ත්‍රී කෙනෙකුට ම ඉලක්ක කරගෙන ඇත්තේ, සිංහල - බෞද්ධ ජාතිකවාදීන් සතුටු කිරීම සඳහා දැයි එකී මුස්ලිම් ප්‍රජාව අතරත් බලවත් සැකයක් මතුවෙලා..
ඔවුන් සැක මතුකරන බව පෙන්නුම් කරන්නේ , 2024 දී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සැලසුම් කරමින් සිටින , බැසිල් රාජපක්ෂ,
ඒ වගේම .සිංහල බෞද්ධ චන්ද වෙනුවෙන් මේ මොහොතේ සිය ප්‍රතිපත්ති වල වෙනසක් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ද කියන එක ..
මේ වගේ තත්වයක් මතුව ඇත්තේ, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ඒම සඳහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට ඉල්ලා අස්වීමට සිදුව ඇති තත්වයක් තුලයි.
මේ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස්වීමේ සුදානමක් ඇතැයි මාධ්‍ය වාර්තාවල පළවුවත්, ඇතැම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මේ වෙන විට, ඒ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙවෙයි .
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලට අනුව මුලින්ම යෝජනාවී ඇත්තේ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ව ඉල්ලා අස්කර ගන්න.
ඒ වෙනුවෙන් ඔහුට ඕස්ටේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුර ලබාදීමට එකඟවී තිබු බව තමයි කියන්නේ ....
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී , රාජපක්ෂවරුන්ට එරෙහිව තුබූ නඩු හබ වලදී නොමිලේ පෙනීසිටීම වෙනුවෙන්, ඔහුව ජාතික ලැයිස්තුවෙන් පත්කර තිබුනත්, බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වන්නැයි දැනුම්දුන් විට ඔහු තමන්ට විදේශ තානාපතිකම් අනවශ්‍ය බව කියමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබු බව වාර්තා වෙනවා.
අනතුරුව , ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ඉල්ලා අස්කර ගනිමින් ඔහුව මහ බැංකු අධිපති කිරීමට යෝජනා වී ඇතත් PB ගේ විරෝධය හේතුවෙන් එයද අසාර්ථක වී තිබු බව තමයි කියන්නේ ..
මේ සේරම වෙන්නේ , බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් ෆලීල් මර්ජාන්ට ඉල්ලා අස්වෙන්න කියලා , අගමැති කාර්යාලයෙන් ප්‍රධානි කිහිප දෙනෙකු දැනුම් දී ඇති තත්ත්වයක් ඇතුලේ ..
වාර්තාවන ආකාරයට අගමැති කාර්යාලයෙන් ලැබුන දැනුම් දීමකට අනුව, මොහොමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීතුමා පසුගිය සඳුදා අරලියගහ මන්දිරයට ගිහින් .
ඒ වෙලාවෙ අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අතිරේක ලේකම් චමින්ද කුලරත්න හා පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්, ෆලීල් මර්ජාන් සුහඳ කතාබහක යෙදෙමින්, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ඒම සඳහා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන මෙන් කාරුණික ඉල්ලීමක් කරලා කියලා තමයි කියන්නේ ..
ඒ වෙනුවෙන් ඉල්ලන ඕනෑම දෙයක් දීමට සුදානම් බව එම නිලධාරීන් කියලා කියනවා.
ඒකට කිසියම් අනුකුලත්වයක් දක්වා මේ මන්ත්‍රීවරයා තමාට අගමැතිතුමා හමුවීමට අවශ්‍ය බව දැනුම් දීලා ..
ඒ අනුව, ඔහු අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී, කිසිඳු ලෙසකින් ඉල්ලා අස්නොවන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ දැනුම් දීලා .
අරලියගහ මන්දිරයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ,
'' ඔබතුමා අස්වෙන්න එපා.. ඕනවෙලාවක අස්කරන්න බලාගෙන බැසිල් 7 දෙනෙක් පත්කරලා තියනවා. එයින් කෙනෙක් අස්වේවි. ඔබතුමා ජාතික ලැයිස්තුවට පත්කළේ මම. අනෙක ඔබතුමා අස්කලොත් ඉන්න මුස්ලිම් මිනිස්සු ටිකත් අපි එක්ක වෛර බැඳගනිවී .. අස්වෙන්න එපා'' කියලා.
අගමැතිවරයා, මොහොමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රී වරයට දැඩිව පැවසු බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසා තියෙනවා.
!මේ අවස්ථාවේදී 'ෆලීල් මර්ජාන් මන්ත්‍රී වරයට ඉල්ලා අස් වෙන්න එපා කියලා අගමැති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියකු කියල
. බිලියන ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෆලීල් මර්ජාන් අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතෙක්. ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම පිරිනමා තියන්නේ කරපු උදව් උපකාරවලට කාලගුණ සැලකීමක් විදියට.
බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියත් සමග පුවත් මවන චරිතයක් බවට පත්ව සිටින ෆලීල් මර්ජාන් ගේ දේශපාලන පැටිකිරිය ද මේවනවිට ටිකෙන් ටික අනාවරණය වෙමින් තිබෙනවා.
මුලදී බොහෝදෙනෙකු සිතාගෙන හිටියේ ෆලීල් මර්ජාන් නිකම්ම නිකන් බිස්නස් කාරයෙක් කියලා .....
මේ කියන්නේ බේරුවල කෝටිපති ව්‍යාපාරිකයකු වන ෆලීල් හජ්ජියාර්, ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයාගේ පියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල සංවිධායකවරයා වූ ෆලීල් හජ්ජියාර්, 1983 සිට 1997 දක්වා වසර 17ක් බේරුවල නගරාධිපති ලෙස කටයුතු කල අයෙක්.
ඉමිතියාස් වරුන් එක්සත් ජාතික පක්ෂයේ පතක යෝධයින් ලෙස බේරුවල අනසකට ගෙන සිටි වකවානුවේදී එම ආසනය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටිමින් එම පක්ෂය වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටුකරල තියෙන්නේ ෆලීල් වරුන්..
මේවනවිට කැබිනට් අමාත්‍ය ධුරයක් දරන රෝහිත අබේගුණවර්ධන මෙන්ම, රාජ්‍ය අමාත්‍ය පියල්, ෆලීල් හජ්ජියාර් යටතේ සිටි සුළු සේවකයින් දෙදෙනෙක්.
ඔවුන් දෙදෙනාද දේශපාලනයට යොමුකර තියන්නේ ෆලීල් හජ්ජියාර් .
ෆලීල් මර්ජාන් 1997 සිට 2002 දක්වා බේරුවල නගරාධිපති ලෙස කටයුතු කර තියනවා.
2011 සිට 2015 දක්වා බේරුවල නගරාධිපති ලෙස කටයුතු කළ මිල්ෆර් ගෆුර්, ෆලීල් මර්ජාන්ගේ නගේනියගේ පුත්‍රයෙක්.
.ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට බේරුවලට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වුනේ නැහැ. ඒ කිසියම් එකඟතාවයක් ඇතිව
ඒ එකඟතාව තුල මොවුන් දෙදෙනා ඉදිරිපත්කල ස්වාධින කණ්ඩායම බලය හිමිවුනා.
ෆලීල් හජ්ජියාර්, ෆලීල් මර්ජාන් මෙන්ම මිල්ෆර් ගෆුර් මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතුන්.
රාජපක්ෂවරුන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් අතදිග හැර වියදම කරපු ආධාර උපකාර කරපු ව්‍යාපාරික පවුලක්.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විදියට නම් කරපු අවස්ථාවේදී ඔහුව සහභාගී කරවා ගනිමින් පළමු ඉෆ්තාර් උත්සවය බේරුවලදී සංවිධානය කර තිබුනෙත් ෆලීල් මර්ජාන් හා මිල්ෆර් ගෆුර්
මිල්ෆර් ගෆුර් ,ගෝඨාභය වාදියෙක් .. ෆලීල් මර්ජාන් මහින්ද වාදියෙක් ..
පසුගිය ජනාධිපතිවරණයේදී බේරුවල ආසනය සුළු චන්ද ගණනකින් ජයග්‍රණය කරන්න ගෝඨාභය සමත් වුනත්, පසුගිය මහ මැතිවරණයේදී බේරුවල ආසනය පොහොට්ටු පක්ෂය 35,000 කට වඩා වැඩි චන්ද ගණනකින් ජයග්‍රණය කළා.
එය පැහැදිලිවම පොහොට්ටු පක්ෂයේ ජාතික ලයිස්තුවේ ෆලීල් මර්ජාන් ගේ නම ද තියනවා කියලා බේරුවල ජනතාවට ඒත්තු ගැන්වීමේ ප්‍රතිපලයක්.
බැසිල් රාජපක්ෂගේ මෙවර පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් ඉවත් කිරීමට උත්සහ කරන්නේ , එසේ රාජපක්ෂ වරුන් වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ ඒ විදියට උදව් උපකාර කළ මුස්ලිම් ප්‍රභූවරයෙක් ..
බැසිල් රාජපක්ෂ මැතිතුමා පලමුවරට පාර්ලිමේන්තුවට ආවෙත් මුස්ලිම් මන්ත්‍රීවරයකුට පින් සිද්දවෙන්න.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නියෝජනය කල 58 හැවිරිදි මුස්ලිම් මන්ත්‍රීවරයකුගේ හදිසි මරණයෙන් පස්සේ.
2007 දී බැසිල් රාජපක්ෂට ඒවිදියට පාර්ලිමේන්තු වරම් ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වූ අන්වර් ඉස්මයිල්ගේ මරණය නිසා..
අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයා මියගියේ 2007 සැප්තැම්බර් 13 .
ඔහු වෙනුවෙන් පත්කෙරුණු බැසිල් රාජපක්ෂ දිවුරුම්දුන්නේ 2007 සැප්තැම්බර් 19 .
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත ඇමතිතුමා, බැසිල් රාජපක්ෂව ඒ විදියට නම් කලේ අන්වර් ඉස්මයිල් නියෝජනය කල මුස්ලිම් පක්ෂයෙන් වෙනත් අයකුගේ නමක් නිර්දේශකරලා තිබිය දී එය නොසලකා හරිමින් .
කොහොම වුණත් පහුගිය රාජපක්ෂ පාලන කාලයේදී දෙමල හා මුස්ලිම් ජනතාව ගේ විශ්වාසය දිනාගන්න බැසිල් රාජපක්ෂ සමත් වුනා.
ඒ වගේම උතුරු නැගෙනහිර සංවර්ධනයට විශාල වැඩ කොටසකුත් කළා.
හැබැයි ජනාධිපති අපේක්ෂකත්වය බලාගෙන වැඩ කරන බැසිල් දන්නවා , ජනාධිපතිවරණය දිනන්න එයාට සුළු ජන්ද වලට වඩා සිංහල බෞද්ධ චන්ද වටිනවා කියලා.
තමන්ම වෙනුවෙන්ම පත්කරපු සිංහල බෞද්ධ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු රොත්ත බුරුත්තක් ඉන්දෙද්දී , මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ම ඉවත් කරන්න මෙච්චර කුරුමානම අල්ලන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙනෙක් ම දඩයම් කරන්න හිතාගෙනද කියල සාදාරන සැකයක් ඇති වෙන්නේ නැද්ද ?
බැසිලුත් හැසිරෙන්නේ මේ විදියට නම් අනාගතයේදී වත් රාජපක්ෂවරුන් ගෙන් සුළු ජාතීන්ට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ කියන එක සිකුරුයි..
මේ ගැන මිට වැඩ හිතුවොත් බැසිල්ගේ දේශපාලන සෞඛ්‍යට වගේම රටේ යහපතටත් හොඳක් වේවි කියලයි අපට නම් කියන්න තියන්නේ...ඔවුන් සැක මතුකරන බව පේන්න තියෙනවා.