Language Switcher

V2025

විමල්ගේ පක්ෂය බැසිල්ගෙන් 'ගේමක්' ඉල්ලයි !

තම පක්ෂයේ ඉල්ලීම සලකා නොබලුවහොත් ඉදිරිදින කිහිපය තුලදී දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්‍ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මුල්කර ගනිමින් ජාතික නිදහස් පෙරමුණ හා බැසිල් රාජපක්ෂ මහතා අතර මතගැටුමක් ඇතිව තිබේ.

සෑම කොට්ඨාසයක් සඳහාම ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයින්ගෙන් සියයට 10 ක් තමන්ට ලබාදෙන ලෙසට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා ඇතත්, බැසිල් රාජපක්ෂ මහතා ඊට අකමැත්ත පළ කර තිබේ.

 කාලගුණ නොදත් එවුන් !

 මේ සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' වෙත අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු පැවසුයේ 2015 ජනාධිපතිවරණයෙන් පැරදී නන්නත්තවරව සිටි පිරිසට බාධක අභියෝග මැද පළමු වේදිකාව සකසා දුන්නේ තම පක්ෂය බවයි.

එදා පරාජයෙන් පසු රට අතහැර පලාගිය බැසිල් රාජපක්ෂ මහතා තම මුදල් බලයෙන් ඒකාබද්ධ විපක්ෂය පාලනය කිරීම කනගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කළේය.

 වැඩිදුරටත් ඔහු මෙසේද පැවසිය.

'' ජනවාරි 08 පරාජයෙන් පැය 24ක් යන්න ඉස්සෙල්ල බැසිල්ලා පාක්ෂිකයින් දාලා රටින් පැනලා ගියා. මාසයක් ඇතුලත ජනතාව ඒකරාශිකරලා නුගේගොඩ පළමු රැස්වීම තිව්වේ අපි. එතැනදී අපට උදව් කලේ දිනේෂ්, වාසු, ගම්මන්පිල එඅගේ කිහිප දෙනෙක් විතරයි. අද මහ ලොකුවට කෑ ගහන පොහොට්ටුවේ ඇතැම් නායකයෝ පවා එදා එහෙම රැස්වීමක් තියන්න එපා කියල අපට කිවා.

එදා හිටපු ජනාධිපති මහින්ද මහත්තයාගේ කතාව ලිව්වේ අපේ නායකයා, විමල් සහෝදරයා. අන්තිමට එක කියවන්න කෙනෙක් හිටියේ නැහැ .. අන්තිමට මහින්ද මහත්තයාගේ කතාව වේදිකාවට ඇවිල්ල කියෙව්වේ දයාන් ජයතිලක.

එහෙම ආණ්ඩු විරෝධී බලවේග ඒකරාශී කරලා වේදිකා හදලා දුන්නම බැසිල්ලා ලංකාව ඇවිත් දැන් සංදර්ශන දානවා. එහෙම බරක් ඇද්ද අපේ පක්ෂයට අද බැසිල්ල කොන්දේසි දාන්න එනවා . මහින්ද මහත්තයා මේවට ඉඩ දුන්නොත් අපිත් දැඩි තීන්දුවක් ගන්නවා ''

 මහින්ද බැලුවෙත් Youtube එකෙන් !

 සන්ධානයේ පක්ෂ කිහිපයක් එක්වී 2015 පෙබරවාරි 18 දා නුගේගොඩදී පැවැත් වූ දේශපාලන රැස්වීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීම උදෙසා පවත්වන ලද්දක් වුවද එම රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා පවා නොපැමිණියේය.

මෙම රැස්වීම කිසිඳු රුපවාහිනී නාලිකාවකින් විකාශය නොවූ අතර ජාතික නිදහස් පෙරමුණ එය Youtube හි සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබු හෙයින් මහින්ද රාජපක්ෂද එය නරඹා තිබුනේ Youtube ඔස්සේය.

 විමල්ගේ නුගේගොඩ රැස්වීම ගැන එදා කී කතා

 නුගේගොඩ රැස්වීමේ දර්ශන මෙතනින්

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found