Language Switcher

V2025

ඒකාබද්ධයේ 05ක් මෛත්‍රී හමුවෙලා !

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු (05) පසුගිය සති අන්තයේ දී ඉතා රහසිගතව ජනාධිපතිවරයා හමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔවුන් ජනාධිපතිවරයා හමුවට රැගෙන ගොස් ඇත්තේ ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකි.

එම ලේකම්වරයා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා හමුවට රැගෙන ගොස් ඇතැයි වාර්තාවීමත් සමග විමල් විරවංශ මහතා ඔහුට දොස් පවරා ඇත.

අදාල ලේකම්වරයා හා විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු ලේකම් පාසල් මිතුරන් වේ.
බැසිල් රාජපක්ෂ මහතා සමග විරසකව සිටින ඒකාබද්ධ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට මුන ගැස්වීමට විමල්ගේ හිටපු ලේකම්වරයා දායකවී ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගිවී සටන් කරන්නැයි පාක්ෂිකයින් ගෙන් හා හිතවතුන් ගෙන් එල්ලවූ බලපෑම නොතකා කටයුතු කල බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ප්‍රමුඛ එකාබද්ධයේ ඔවුන්ගේ අනුගාමිකයින්ට ඒකාබද්ධය තුලින්ම විරෝධයක් මතුව තිබේ.

ශ්‍රීලනිපයේ හතරක් මහින්ද ළඟට !

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතුන් පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් ඇතුළු සිවුදෙනෙක් ඇමති තනතුරුවලින් ඉවත් වී ඉදිරි දින කීපය තුළ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ‍ වන බවයි.

රජයේ පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂය එක්වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා වන සාකච්ඡා අසාර්ථක වන තත්ත්වයක් උදාවී තිබෙන නිසා මොවුන් මෙම තීරණය ගන්නා බව බැසිල්වාදීන් පවසති.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ප්‍රකාශ කළේ දෙසැම්බර් මාසය වන තෙක් සිටින ලෙසට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන නිසා ඒ ගැන බලා සිටින බවයි. ඇමතිවරු පිරිසක් ඒකාබද්ධයට එකතුවන බව කියන කතාව කාලයක් තිස්සේ කතාවන එකක් බවද ඔහු කීය.

ඇමැති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සුදුසු බව වැඩිදෙනාගේ මතය වී ඇති බවයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found