Language Switcher

V2025

නාමල්ට 'ඔළමොට්ටලයා' කීවට මහින්දට රිදිලා !

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔළමොට්ටලයෙකු ලෙස හැඳින්වීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලවත්සේ සිත්තැවුලට පත්ව පත්ව ඇත.

ශ්‍රී ලනිපයට සහ ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නොදී දෙදෙනෙක් ඔළමොට්ටල ලෙස කටයුතු කරන බව දයාසිරි ජයසේකර මහතා ඊයේ (06දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසිය.

එම ඔළමොට්ටලයින් දෙදෙනා නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරුන් බව ඇමතිවරයා එහිදී ඉඟි කළේය.

 අම්මට මොකුත් කලොත් තරහ යන්නේ නැද්ද ?

 රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයෙදී අද (07) මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ දයාසිරි ජයසේකර මහතාට කරුණු පැහැදිලිකර ඇති මහින්ද රාජපක්ෂ මහතා, තමන්ගේ අම්මව හිරේ දාන්න හදනකොටත් පුතෙකුට තරහයාම අසාධාරනදැයි විමසා ඇත.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ආණ්ඩුව ගැන තරහකින් කටයුතු කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය හිරේ දැමීමට දරන උත්සාහය නිසා බව රාජපක්ෂ මහතා මෙහිදී සියලු දෙනාට පැහැදිලි කර ඇත.

''හරි ඔයාගේ අම්මට මේවගේ අරියාදු කලානම් ඔයාට තරහ යන්නේ නැද්ද ? හරි.. හරි.. ඇමතිතුමා ඔයා නාමල් එක්ක තනියම කතා කරන්නකෝ '' යයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

'නිව්ස් ටියුබ් ' වෙත වාර්තාවන ආකාරයට මේ අනුව අමාත්‍ය දයාසිරි ජසේකර මහතා අද දහවල් පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මහතා හමුවී කතාබහ කර ඇත. එහෙත් එහිදී සාකච්ජා කල කරුණු මෙතෙක් අනාවරණයවී නොමැත.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found