Language Switcher

V2025

රාජපක්ෂ පවුල මෛත්‍රීට අතවනයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග යළි සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් මේවනවිට ඉතා රහසිගතව කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත නාමල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවී සාකච්ජා පවත්වා ඇත්තේ ද එහි පියවරක් ලෙසය.

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම රහස් සාකච්ජා සමබන්ධයෙන් මෙතෙක් එකඟත්වය පළකර නැතත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගි කතා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත.

මේ අනුව, ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිපය - ඒකාබද්ධ විපක්ෂය එක්ව තරඟ කිරීම සඳහා වූ මුලික අවබෝධතා ගිවිසුමක කෙටුම්පතක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (07) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය අද උදැසන ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රීලනිප නායකයින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ද ශ්‍රීලනිප - ඒකාබද්ධ සමගි සන්ධානයක අවශ්‍යතාවය අවධාරණය කරමින් සිටිති.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found