V2025

සුරේන් සද්ද නැතුව වැඩ : කෙලවරපිටියෙන් රට හින්දන්න සියල්ල සූදානම් !

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා අවම ලංසුව ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හැර ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 50 ක අලාභයක් සහ මෙරට බලශක්ති සුරක්ෂිතතාවය බරපතළ අර්බුදයකට යොමු කරමින් චීන සමාගමක් වෙත ලබාදෙන ලෙසට එම චීන සමාගම විසින්ම කල ඉල්ලීම අනුමත කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) ගෙන ඇති තීරණය බරපතල සැකසංකා මතුකරන බව වාර්තා වෙයි.

විදුලි බල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ ඇතුළු පිරිසක් මේ පසුපස සිටින බවත් රුපියල් බිලියන 50 (මිලියන 50,000) පාඩුවක් රටට සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් වන  කෙරවලපිටිය  ද්වි චකීය විදුලි බලාගාර ව්‍යාපෘතිය ලෙස හැදින්වෙන නව විදුලි බලාගාරය ඉදිකිරීම සදහා වන ටෙන්ඩර් පටිපාටිය හිතා මතාම පමා කිරීමට කටයුතු කිරීම හරහා මේ  මහා පරිමාන  මූල්‍ය වංචාවක්  සිදුකිරීමට සැලසුම් කර ඇති  බවද  දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අදාළ බලාගාරය ඉදිකිරීමට අපේක්ෂා කර සිටියත් දීර්ඝ කාලයක් පුරා විවිධ හේතු මත පමා කරතිබූ මෙම ටෙන්ඩරය පසුගිය වසරේ අගභාගයේදී නීති විරෝධී ලෙස කොරියාවේ සැම්සුන්ග් සමාගමට ලබාදීමට මේ  දූෂිත  නඩය  කටයුතු සැලසුම් කල අතර ඒ  තාක්ෂණික ඇගයීම් කමිටුව ලබා දුන් නිර්දේශ පවා නොතකා බවද මේ වන විට අනාවරණය වී හමාරය.

පසුගියදා මාධ්‍ය හමුවක් සහ නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයද මෙම චෝදනා එල්ලකර සිටි අතර යම් හෙයකින් එම සමාගමට අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ නම් රටට දීර්ඝ කාලීනව සිදුවන පාඩුව රුපියල් බිලියන 200 ඉක්මවන බවත්  දූෂණ විරෝධී ජනතාවගේ හඬ නැගීම හමුවේ එම කූඨ සැලසුම හකුලා ගැනීමට ඔවුනට සිදුවූ බවත් එහිදී සඳහන් කෙරිණ. 

කෙසේ වුවත් මෙම නිලධාරී සහ ව්‍යාපාරික මගඩිය හමුවේ  ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල  ජී එස් විතානගේ අදාළ ටෙන්ඩර් කමිටුවෙන් ඉල්ලා අස්වීම දක්වාම ගැටලුව දුරදිග ගිය අතර පසුව එම ටෙන්ඩරය තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ කර තිබූ සමාගම් අතරින් අඩුම මිල ඉදිරිපත් කල දේශීය සමාගමට ලබාදීමට අදාල අංශ තීරණය කර තිබිණ.  

 අදාළ බලාගාරය ඉදිකිරීම වෙනුවෙන්  විවෘත කල අනෙකුත් ලංසුකරුවන්ගේ මිලගණන් අනුව අදාළ තීරණය නිවැරදි බව තක්සේරු කල හැකිය.

එහෙත් වත්මන් ප්‍රශ්නය මතුව ඇත්තේ  එම තීරණය නොතකා හැර, මෙම ටෙන්ඩරය චීන සමාගමක් වෙත ලබාදීම සඳහා සක් කූවිදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ ඇතුලු පිරිසක් කූඨ  ලෙස කටයුතු සැලසුම් කරමින් සිටින නිසාය. 

වාර්තා වන ආකාරයට සුරේන් බටගොඩ ඒ වෙනුවෙන් මේ මොහොතේ මැදිහත්වී ඇත්තේ මෙසේය.

එනම් මාස  ගණනාවක් පුරා ප්‍රමාදයට ලක්වූ ටෙන්ඩර් ක්‍රියාදාමයේ අවසන් අදියරට පැමිණ තිබියදී එම ටෙන්ඩරය හිමිවීමට තිබූ දේශීය සමාගම  ඉන් ඉවත් කරන ලෙසත් ටෙන්ඩරය තමා වෙත ලබා දෙන ලෙසත් චීන සමාගමක්   විසින් අභියාචනාවක් මගින් ඉල්ලා ඇත. පසුව එය ජනාධිපති ලේකම් කාර්යාලය  හරහා ක්‍රියාත්මක වන ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය  වෙත යොමු කරන තිබේ.එහිදී පෙරකී චීන සමාගම සමාගමේ ටෙන්ඩරය අනුමැතියට සුදුසු බවත්, මෙම ටෙන්ඩරය ඔවුන්ට ලබා දිය යුතු බවටත් විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශයේ මතය ලෙස සඳහන් කරමින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය   වෙත රහසිගත ලිපියක් ලබාදී ඇති අතර ඒ පිළිබඳ   විෂයභාර  අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා කිසිදු දැනුවත් කිරීමක් සිදුකරද නොමැති බවද වාර්තා වෙයි.සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලීමක්  ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය  වෙත යොමු වූ විටදී ඔවුනට එම ටෙන්ඩර් ක්‍රියාවලිය නිත්‍යානුකූලද යන්න පිළිබඳව පමණක් සොයා බැලිය හැකි නමුත්  ටෙන්ඩරයට අදාළ තාක්ෂණික ඇගයීම්කරණ ක්‍රියාවලියට බලපෑම් කල නොහැක.නමුත් මෙහිදී විද්වත් මණ්ඩලයකගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව  පවා මින් පෙරදී අනුමත කල ටෙන්ඩර් යෝජනාවක් ඉවත් කොට  ඒ වෙනුවට මින් පෙර කිසිදාකවත් වායු  විදුලි බලාගාරයක් ඉදිකර නැති චීන සමාගමකට ටෙන්ඩරය ලබා දෙන ලෙසට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කරනු ලබන නිර්දේශයන් පැහැදිළිවම ප්‍රශ්නකාරී වනවා පමණක් නොව එහි තිබෙන  නීත්‍යානුකූල භාවය සම්බන්ධවද ප්‍රශ්නයක් ඇත.

විශේෂිතම කාරණය වන්නේ එවැනි  නිර්දේශ කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට බලයක් තිබේද යන්න සම්බන්ධවය. පැහැදිළිවම එවැනි කිසිඳු බලයක් ඔවුන්ට නොමැත.

මේ ගැන ලැබී ඇති තොරතුරු වලට අනුව මෙහිදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බඩගොඩ විසින් චීන සමාගම සහ ඔවුන්ගේ දේශීය එජන්තවරයා සමඟ එක්ව  ඔහුගේ සමීපතම හිත්වතෙකු වන  ගුණසේකර මුලසුන දරණ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට බලපෑම් කර ඇත. ඒ පසුපස මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතාවක් ඇති බව ඉතා පැහැදිළිය. දැන් ප්‍රශ්නය ඇත්තේ යහපාලනය යටතේ මෙවැනි අක්‍රමිකතාවක් මහ දවාලේ සිදුවෙමින් තිබීමය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found