Language Switcher

V2025

බැසිල් - විලී රහස් හමුව හෙළිවේ: එකාබද්ධයේ දිස්ත්‍රික් නායකයෙක් 14 දා ශ්‍රීලනිපයට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දිස්ත්‍රික් නායකයකු එළඹෙන 14 වනදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

ගියේ එජාප විරෝධී නිසා

මීට පෙරද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් ප්‍රබල අමාත්‍යධුරයක් ඉසිලු මෙම දේශපාලන චරිතය 2015 ජනවාරි 8 බලපෙරලියෙන් පසුව ශ්‍රීලනිප- එජාප ජාතික ආණ්ඩුව පිහිටුවීමත් සමඟ ශ්‍රීලනිප දේශපාලනයෙන් ඈත්ව ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණ සමඟ දේශපාලනයේ නිරත විය.

බැසිල් ඉන්නෙ වෙන ගේමක

එහිදී ඒකාබද්ධ විපක්ෂය දේශපාලන බලවේගයක් ලෙස ගොඩනැගීමට විශාල වෙහෙසක් දැරූ මෙම දේශපාලන චරිතය හදිසියේ එම කටයුතු නවතා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ ග්‍රහණයට නතුව ඇති ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ සැබෑ අපේක්ෂාව හෙළිදරව්වී ඇති නිසාය.

ඒ අනුව අදාළ දේශපාලන චරිතය මේ වන විට තමන් ගෙන ඇති තීරණය සම්බන්ධව තම විශ්වාසවන්ත දේශපාලන ආධාරකරුවන් කිහිපදෙනෙකුව දැනුවත් කර ඇති අතර එහිදී සඳහන් කර ඇත්තේ “තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට සහය දැක්වූ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත්වුයේ එක්සත් ජාතික පක්ෂයට ඇති විරෝධය නිසා බවත් නමුත් මේ වන විට බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබලි කර දුර්වල කර එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව තහවුරුව ඇති බවත්ය.

බැසිල් විලී හමුවක්

මේ අතර ඊයේ රාත්‍රියේ බැසිල් රාජපක්ෂ සහ විලී ගමගේ (ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්) අතර හමුවක් විලී ගමගේ මහතාගේ නිවසේදී සිදුව ඇත. අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත තොරතුරු වලට අනුව රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙස පැවති මේ හමුවේදී හිතන තරම් ජයග්‍රහණයක් පොහොට්ටුවට ලැබීමට නොහැකි බව බැසිල් රාජපක්ෂ පවසා ඇත.

දිනන්න බෑ තමයි - බැසිල්

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිධුරය ඇතුළුව අමාත්‍යවරුන් රැසකින් සමන්විත නිසා ගම්මටම තුළ පොහොට්ටුවට අවාසි බව තමන් පිළිගන්නා බවත් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීම වෙනුවට තමන්ගේ සැලැස්ම වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනෙන තරමේ මන්ත්‍රීධුර ප්‍රමාණයක් අල්ලා ගැනීම බවත් සඳහන් කර ඇත.

ශ්‍රීලනිපය කඩන්න ඕන - බැසිල්

එසේම හැකි තරම් මන්ත්‍රීධුර ලබා ගැනීම හරහා මෛත්‍රී මට්ටු කිරීමට හැකියාව ඇති බවත් මහින්ද - මෛත්‍රී එකතුව වෙනුවෙන් තමන් මුල සිටම විරුද්ධ වුයේ ඒ වටිනා අවස්ථාව අහිමි වන නිසා බවද බැසිල් රාජපක්ෂ එහිදී පවසා ඇත. එසේම දැනට ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින වෙනත් පක්ෂ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත් ඔවුන් අනවශ්‍ය ලෙස ඉදිරියට ඒම ගැටළු ඇතිකරන කාරණයක් බවද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත.

කෙසේ වුවත් මෙම විලී - බැසිල් හමුව සහ එහිදී සාකච්ඡා කල කරනා සම්බන්ධව මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුට දැනගන්නට ලැබී ඇති අතර 14 වනදා පක්ෂය නැවත මාරු කිරීමට සිටින දේශපාලන චරිතයද ඒ අතර වෙයි.

බැසිල් වැඩ රනිල්ට

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල බහුතරයක් මෙන්ම අනෙක් පක්ෂ නායකයින්ද මේ සම්බන්ධව සාකච්ඡා පවත්වමින් සිටින අතර ඔවුන්ද ඉදිරියේදී බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිතව ඇත.

එහිදී ඔවුන්ගේ අවධානයට යොමුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ශක්තිමත් වන ආකාරයට බැසිල් ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවමින් සිටින ආකාරය කෙරෙහිය. එහිදී එජාප විරෝධී බලවේග දියකර හැරීම සඳහා බැසිල් රාජපක්ෂ සෘජුව කටයුතු කර ඇති බවත් අද වන විට ජාතික නිදහස් පෙරමුණට සහ මහජන එක්සත් පෙරමුණට අත්ව ඇති ඉරණම ගැනද ඔවුන් අවධානය යොමුකර ඇත.

විමල්ගේ ඉතුරු ටික බැසිල්ගේ

එහිදී දෙසැම්බර් 14 තීන්දුවක් ගැනීමට සිටින දේශපාලන චරිතය සඳහන් කර ඇත්තේ විමල්ගේ පක්ෂයේ ඉතුර්වී සිටින පිරිසත් මේ වන විට විමල්ට නැති බවත් ඔවුන් සියලු දෙනා අද වැඩ කරන්නේ බැසිල් රාජපක්ෂගෙන් ලැබෙන විධාන අනුව බවය. එසේම ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන සමයේ පිණට ලැබුණු මන්ත්‍රීධුර නිසා ජනප්‍රියවූ අය හැර දක්ෂයින් නොවන බවත් විමල්ගේ දක්ෂ සංවිධායකයින් සියළු දෙනා මේ වන විට ජනාධිපතිවරයාට එක්වී ඇති බවත් එහිදී සාකච්ඡා වී ඇත.

එසේම අද (11) ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී.කුමාර යන අය ජනාධිපතිවරයා මුණගැසී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබිණ. 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found